හෝමාගම ගොඩගම දික්තැප්ම ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින හෝටලයකට රැගෙන ආ විශාල ටයිල් තොගයක් බිමට බෑමට ගිය කම්කරුවන් සිවි දෙනෙකුගේ ඇග මතට එම ටයිල් කැට කීපයක් ඇඳ වැටීමෙන් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. සෙසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරචං කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ සෙවණගල හබරගහවෙල වීරමණ්ඩිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රුවන් විතාරණලාගේ තුසිත මනෝහාර නැමැති 38 හැවිරිදි දෙදරු පියෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වැඩකරන කිසිමතැනක "ආරක්ෂාව පළමුව" කියන වචනයේ තේරුමවත් දන්නේ නැහැ. (නි)
දුප්පත් අහිංසකයින් හතර දෙනා.මෙවැනි අවස්ථාවන් වලදී අසරණවන අයට රක්ෂණ වන්දියක්වත් ලැබෙනවද? (නි)
ඇයි මේ තරම් ලොකු ටයිල් හදන්නේ? (නි)
ලෝකයේ දියුණු යැයි සම්මත රටවල රටේ පාලකයාගේ සිට පහලම ස්ථරවල සිටින්නන් සඳහා රාජකාරිය කිරීමේදී ආරක්ෂාව සඳහා යම් කිසි ක්‍රම වේදයක් අනුගමනය කරනවා. එය පිලි පදින්නේ නැති අයට දඬුවම් පවා විඳින්නට සිද්ධ වෙනවා පමණක් නොව රැකියාවද අහිමි වෙනවා.. එහෙත් අපේ රටේ තවම එයාකාර වැඩ පිළිවෙලක් නැහැ. (බ)
ගෙදර දොරේදී වැඩ බිමේදී ආරක්ෂාව ගැන නිතර සොයාබලන, අධ්‍යාපනයෙන් දැනුවත් කරන, වැරදි කරුවන්ට නඩු පවරන සහ ප්‍රමිතීන් නියාමනය කරන වෙනම ආයතනයක් ස්ථාපිත කරන්න. දියුණු රටවලින් පහසුවෙන් මේ සඳහා ආධාර ලබා ගත හැකියි. පොලිසියට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට මෙය කල නොහැකියි. මේ සඳහා නව ලොවේ විශාල දැනුම් සම්භාරයක් පවතින අතර ඒවා ලංකාව කර ළඟා වී නොමැත. (බ)
මගේ එකම මල්ලි මීට මාස 2 දින 7කට ඉහතදී (2015 නොවැම්බර් 16 දින) මේ ලෙසින්ම අපිට සදහටම අහිමිවුණේ බම්බලපිටිය බ්ලූ මව්න්ටන් වැඩබිමේදී, අපිව සදහටම අසරණ කරමින්. මින් ඉදිරියට මෙවන් ඛේදවාචක අසන්නට නොලැබේවායි ප්‍රාර්ථනා කරනවා. (නි)
මරුවා හට බාධා නැත.... (නි)