රූපවාහිනී ඇන්ටනාවෙන් විදුලි සැර වැදී පානදුර කෙසෙල්වත්තේ තරුණයකු (21) මරුමුවට පත්ව ඇත. වහළයේ අලුත් වැඩියාවකින් පසු බිමට බසිද්ධි ඔහු ඇන්ටනාව අල්ලා ඇත. අධිබලැති විදුලි රැහැනක ගැටී තිබූ ඇන්ටනාවෙන් ඔහුට විදුලි සැර වදින්නට ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණික කරුණු වාර්තා කරන කොට අපේ රටේ මාද්‍ය අතපසුවීම් කරනවා මේක එක උදාහරණයක් නිතරම සිද්දවෙන මෙතන විදිලි රැහැනට "අධි බල ' කියන විශේෂණය වැරදියි. මොකද අධිබල රැහැනක් කවදාවත් අැන්ටෙනාවකට වදින දුරින් පිහිටුවන්නේ නැහැ. මේ රැහැන සාමාන්‍ය වෝල්ටීයතාවය කින් එනම් 230 වෝල්ට් ගෙනියන රැහැනක් වෙන්න ඕනා අනිවාර්යයෙන්ම. අනිත් කාරණය නම් අධිබල රැහැනක යම් දෙයක් ගැටෙන්න ඕන නැහැ එ්ක ආසන්නයටම යම් දෙයක් කිට්ටු වෙලා ඒක "ග්‍රවුන්ඩ් " උන හැටියේම පද්ධතිය ඉබේම ඕෆ් වෙනවා (නදී)
ලංකාවේ අයගේ, ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම නම් අන්තිමයි. විශේෂයෙන් විදුලිය පිලිබදව. (නදී)
මේවා හදිසිය නිසා ඇතිවන අනතුරු.කල්පනාවක් නැතිකම නිසා වෙන්න බැහැ.නමුත් අකාලේ තරුණ දිවියක් සමුගත්තා.මෙවන් අකල් මරණ සිදු නොවේවා.(අ)
දැන් මේ කීවෙනි ඇන්ටෙනා මරණයද ? නිතර පුවත්පත් වලින් කියවෙනවා. ආරක්ෂාවට උපදෙස් ප්‍රචාරය වෙනවා. කණකට ගන්න පාටක් නැහැ. (නදී)
ගේක තියෙන ඇම්පියර් 30 වෝ.230 විදුලි සේවාවකින් මිලි ඇම්පියර් 30ක් ශරීරය තුලින් ගලායමෙන් මාරාන්තික අනතුරක් සිදුවියහැක , සමාන්‍යයෙන් උඩීස් රැහැන් මාර්ගයක් මෙතරම් සංවේදී නෑ,එය ඉතාමත් අනතුරු දායකය(අ)