කොස්ලන්ද මිරියබැද්ද තේ වත්තේ නාය ගිය කන්ද ආසන්නයේම තවත් කඳු කොටසක් නාය යාමට පටන්ගෙන ඇතැයි පොලීසිය කියයි.
ඒ සමඟ අවට සිටි පිරිස් හිස් ලු අත දුවන්නට වු අතර එහිදී ඇද වැටීමෙන් කිහිප දෙනකු තුවාල ලැබු අතර ඉන් එක් අයකුගේ පාදයක් කැඩි යාමෙන් ඔහු රෝහල් ගත කැර ඇත.
මේ අතර නාය යෑමට ලක් වු කෝවිලේ සිටි හින්දු පුජකවරයාගේ සිරුර ද සොයා ගත් බව පොලීසිය කියයි.
සහන සේවකයෝ ,හමුදා සේනාංක, පොලීසිය අපදා කලමනාකරණ නිලධාරීහු එක්ව අතුරුදන් වුවන් සෙවීමේ කටයුතුවල නියැලී සිටිති.
මිය ගිය ගණන තවත් ඉහළ යා හැකි බව සහන සේවකයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොභා දහම කම්පා වෙලා. (නදී)
අනේ දෙවියනේ! (නි)
කිසිවෙකුටවත් කරදරයක් නොවේවා.
තෙරුවන් සරණින් කිසිවෙකුටවත් කරදරයක් නොවේවා. (හේ)
කවුරු වුනත් වටිනා මිනිස් ජිවිත බේරගන්න පුලුවන්නම් ලොකු දෙයක් .(හේ)
කරදරයක් නම් සිංහලයන් විදියට අපි හැමදාමත් එකමුතු වෙනවා. තවත් මෙවැනි විපත් සිදු නොවේවා. රටේ පාලකයනි, අනිකුත් රටවලට අදරය කිරීමට පෙර තමන්ගේ රටේ ප්‍රශ්න බලන්න කියන ආදරණීය ඉල්ලීම කරමින් රට ගැන හිතන පාලකයන්ට හැමදාම සුදු කොඩි වැටීම දුකකි (නදී)
සසර වසනතුරු මෙවන් විපතක් සිදු නොවේවා! අහිංසක අසරණ මිනිස්සු. අද දවස හම්බ කරගෙන කාලා ජීවිතේ ගෙවපු මිනිස්සු. හරිම අපරාදයක් මේ වුණේ. අසරණ දරු පැටවු ටික පව්. (නි)
මේ අයට එම ස්ථානයෙන් ඉවත් වෙන්න කියල තියෙනව නේද.. හරිම කනගාටු හිතෙනව. අපේම මෙනිස්සු නේ. (ර)
ඔබ හරි කේ.ඩී.තිලක්. හරිම කණගාටු හිතෙනවා. ඔවුන් අපේම මිනිස්සු. (නි)
අනේ ඔබේ දුක අපි බෙදාගමු! සසර වසනතාක්කල් මෙවැනි උවදුරු නොවේවා! දුරක සිටියත් ඔබේ කඳුලක් වෙනුවෙන් අපිද කඳුළු හෙලන්නෙමු! (ර)
හැකි සෑම අයුරින්ම මේ මිනිසුන්ට වහා සහන සලසා දෙන්න රජය කටයුතු කලයුතුයි (නදී)