කොස්ලන්ද මීරියබැද්ද වත්තේ ලයින් කාමර යට කැරගෙන පස් කන්ද කඩා වැටී ඇත්තේ අද (29) උදේ හතට පමණ බව අනතුරින් දිවි ගලවාත් මහේන්ද්‍රන් බණ්ඩාරවෙල රෝහලේදී කීවේය.
‘එක්වරම මහා ශබ්දයක් ඇති වුණා ඒ ශබ්දය හරි අමුතුයි.මම දිව්වා.කොයි පැත්තට දිව්වාදැයි මතක නෑ.දුවනකොට වැටුණා.පස් ටිකකින් මාත් යට වුණා‘ යැයි මහේන්ද්‍රන් සිය අත් දැකීම විස්තර කරමින් කීවේය.
රාධා ( 34) නම් වතු සේවිකාව ද දිවි බේරා ගත් නමුත් ඇගේ දරුවන් හතර දෙනාත් මවත් පියාත් නැති බවත් ඇගේ විශ්වාසයයි.
‘මගේ ඉඟටිය දක්වා පස් වලින් යට වී තිබුණා.දරුවන් හිටියේ වෙන පැත්තක ඔවුන් ගැන කිසිදු තොරතුක් නෑ.‘
ඔවුන් රෝහලට රැගෙන ආ ලොරි රියදුරා පැවසුයේ පාරේ තැන තැන ද පැලී විවිර වී තිබු බවයි.
‘ඉතා අමාරුවෙන් ලොරිය පැදෙව්වා .තුවාලකරුවන් රෝහලට ගෙනාවා.ලයින් කාමර128 ක් තිබු තැන දැන් කිසිම දෙයක් දකින්නට නෑ.කෝවිලත් පේන්න නෑ.මේ ලයින් කාමරවල තුන්සීයක් හාරසීයක් විතර ඉන්න ඇති.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සොබාදර්මය වියරු වැටිලා. ලෝකයේ හැම තැනකින්ම අහන්න ලැබෙන්නේ මේවාගේ කණගාටු දායක සිද්දීන්. (නදී)
මේ මුළු විශ්වයම රඳා පවතින්නේ දුක මතයි. මනුස්ස ආත්මයක් ලබා උපදින පුද්ගලයා අන් සියලුම සම්පත් වලට වඩා එක් දෙයක් ලබා ගැන්මට ප්‍රර්ථනා කල යුතුයි. එනම් ශාන්ත වූ මරණයක්. (නදී)
අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අකාලේ නැති වුණා.(හේ)
රටම විසාලා නුවර වගේ වෙන්න යන්නේ. ධාර්මික රජයක් සොයා ගන්න වෙනවා. රාජා භවතු ධම්මිකෝ! (නදී)
සංජීව, ආනන්ද, ඔබ දෙපලට මාත් එකඟයි. මිය ගිය සැමටම නිවන් සුව ලැබේවා......! (අ)
මේ තමයි සොබාදහමේ හැටි. සියලු දෙනාට නිවන් සුව පතමු! (නි)
තාම පන තියෙන මිනිස්සු පස් යට ඉඩ ඉතුරු උන පොඩි ඉඩවල් වල ඇති (නදී)
සංජීව, ඔබ හරි. සුනාමියට පසු අහන්න ලැබුන කණගාටුම සිද්ධිය අද අහන්න ලැබුණා. මියගිය සියලු දෙනාට නිවන් සුව අත් වේවා.! (ර)
දෙයියනේ මොකද කරගත්තේ ? කී දෙනෙක් ඉන්නවද පස් යට සියලු දෙනාම ජීවත්වෙවා (නදී)
හරිම අවාසනාවන්ත සිද්දියක් . ඒ අයට අපි උදව් කරමු. (නදී)
අහෝ දුක්බර අවස්තාවක්. (නදී)
කොස්ලන්ද මීරියබැද්ද වත්තේ මියගිය සියලු දෙනාට නිවන් සුව අත් වේවා.! (අ)
අනේ මේ පුවත කියවද්දී අර සුනාමිය වුණු වෙලේදී වගේ ..මට ඉකි ගැහුනා ..උගුර හිරවුනා වගේ ..ඒ දුක මට මෙතරම් දැනුනා නම් ඒ අවස්ථාවට මුහුණ දුන් හා දරුපැටවු පවා අහිමි වුණු අම්මල කොහොම දුක ඉවසාගනීද ..දෙවියනේ ..අපි කොපමණ පව් කාරයෝද ..? මිය ගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා...! ජීවතුන් අතරේ ඇති ඒ පවුල්වල සාමාජිකයින්ට මාගේ ශෝකය...!මෙවන් ඛේදවාචකයකට මතු උපදිනා භවයකදී කිසිවෙකුට නොමවේවා ..!!! (අ)
මම හැමදාමත් කියනවා වගේ අපේ රටේ පිහිටීම ගැන කිසිම වග විභාගයක් නොකර මිනිස්සු විසින් පරිසරය හිතුමතේ වෙනස් කිරීමේ ආදීනවයි මේ විපත්. ඔය පැතිවල මහා කදු කපා විකෘති කරලා ඒවා හරහා පාරවල් දාලා තියෙනවා. සමහරක් පාරවල් හොදට කාපට් එහෙමත් කරපුවා. එත් ඒ ප්‍රදේශයේ පසට ගැලපෙන්නේ නැහැ. රටේ අනාගත අනතුරු අති විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට නිහඩව තියෙනවා. කොයි මොහොතේ මොනවා වෙයි දැයි නොදන්නා නිසා කදුකරයේ පස දැන්වත් ක්‍රමානුකුලව ආරක්ෂා නොකලොත් විශාල ව්‍යසනයක් අත ලගයි. (නදී)
අනේ දෙයියනේ මෙහෙමත් විනාශයක් (නදී)
හිතුවට වඩා ඇහුවට වඩා දරුණු විනාශයක් වෙලා තියෙන්නේ. .මේ සියල්ලන්ම අහිංසක වතු දෙමල පවුල්. ජාති භේදයක් නැතුව මුළු රටම මේ සිදුවීමෙන් කම්පා වෙනවා. පාසල් වලට පිටත් වුනු ළමුන් හැර සියල්ලන්ම පොළොවේ වැළලිලා බව විශ්වාසයි. මේ ඉතුරු උනු අහිංසක දරුවන්ගේ අනාගත වගකීම මුළු රටටම භාරයි. (නදී)
අහිංසක මිනිස්සු. හරිම පව්. කීයක් හරි සොයාගෙන එදා වේල කනවා. ඒ මදිවට පවුලේ අයගෙන් බාගයක්ම පොලවට වැළලිලා ගිහින්. 300 ක් විතර හිටියා නම් කිසි කෙනෙකුට මේ අවදානම තේරුනේ නැතිද? මැරුණු අයට නිවන් සුව (නදී) පතනවා
දැන්වත් ලංකාව පුරාවටම නිවාස ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න බලධාරීන්ගේ ඇස් යොමු වේවා. කර්මාන්ත ශාලා, ගොවිබිම්, පදිංචි ස්ථාන හා වෙළඳසැල් මෙන්ම සංචාරක කළාප වෙන්කර හඳුනාගෙන ලංකාව පුරාවටම එකම සැලැස්මක් හදන්න ඇයි බැරි. මේ ජනාධිපතිතුමාගේ අවධානයටයි. (නදී)
හරිම ඛේදවාචකයක්, සොබදහමේ ක්‍රියාකාරකම්වලට සියලුම බලවේග යටත්. මියගිය සැමෝටම නිවන්සුව පතමු..! (ර)