එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියයි.
‘‘රාජපක්ෂ රෙජීමය සහ එහි මැරයන් කරන වැඩ නිසා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට ජය ලැබෙනවා. ඒක නිසා අපි ඒ අයට ස්තූතිවන්ත වෙනවා. මිනිසුන්ට නිරුවත් කර පහර දෙනකොට පොලිසිය අත් දෙක බැඳගෙන බලන් හිටියා. මේවා කරන මැරයන්ට, තක්කඩින්ට, කුඩුකාරයන් කියන්න කැමතියි ලබන ජනවාරි 8 වැනිදයින් පස්සේ ඒවා ඉවරයි. සාමය, යුක්තිය, නීතිය, විනය යළි රටට උදා වෙනවා. ඒක කරන්නේ අපේ ජනතාව.
ඉන් පසු ප්‍රචණ්ඩ ක්‍රියාකරල, දූෂණ කරල මිනී මරල කිසිවකුට බේරිල යන්ඩ බැහැ.
ප්‍රචණ්ඩත්වයේ යෙදී ඉන්න අයට දඬුවම් නොලැබීමේ සහතිකයක් දැන් තියනවා. අලුත් යුගයක් රටට උදාවෙනවා මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ. ඒ සඳහා පෙළ ගැහෙන්න කියල අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරයන්ට ජයවේවා ! මෛත්‍රී මැතිතුමා දිනේවා ! (නදී)
කරු මහත්තයා මුකුත්ම දන්නේ නෑ වගේ කතා කරන හැටි.....අද ඊයේ ඉපදුනා වගේ.(හේ)
ඒක හරි. ඔය දැන් ප්‍රචණ්ඩත්වය මුදා හරින පිරිස 9 පස්සේ පරිස්සමින් ඉන්න. (නදී)
මේ යුගය කොහොම හරි පෙරලා රටක් හදමු (නදී)
අද කවුරුත් මහජන සේවයට එන්න දඟලන්නේ මැරබලය පමණක් නොව කෝටි ගණන් මුදල් ආයෝජනය කරන බව මහජනයා හොදින් දන්නා කරුණකි. (ස)
මෑ රයා ඔබ පක්ෂය බිහිකළ චරිත පරම්පරාවක් ,සොත්ති උපාලි, නාවල නිහාල්, මැදකොළඹ ආනන්ද ,මතකද ? දැන් උපාසක වෙන්න එපා (නදී)
ප්‍රචණ්ඩත්වයට පිළිතුරු දියයුත්තේ නීතියෙන් පමණියි, ඒ සදහා අපට ලැබී ඇති අන්තිම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමු. (බ)
කරු මහත්තයා හුග දවසකින් වැදගත් යමක් කියල තියනවා. (ර)
ඇත්ත, මැරයන් කරන්නේ මධ්‍යස්ථව හිතන ජනතාවගේ ඡන්ද මෛත්‍රීට ලබාදෙන එකයි. මැරයන්ට ස්තුති වේවා! (බ)
මෛත්රීට ජයවේවා.! (ර)