මාතලේ පල්ලේපොළ අකුරම්බොඩ දල්ලන්දේ ළිඳකට වැටුණු බාල්දියක් ගොඩට ගැනීම ළිඳට බැස්ස ගුවන් හමුදා භටයකු ළිඳ තුළදී සිහිසුන් වීමෙන් පසු ඔහු ගොඩ ගැනීමට ගිය තවත් දෙදෙනකුගෙන් එක් අයකු ද ගුවන් හමුදා සෙබළා ද මියගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි.
සිහිසුන් වූ අනෙක් පුද්ගලයා මතලේ මහ රෝහලට ඇතුළත් කර ඇත. ළිඳට බසින ළද තවත් අයකු හුස්ම ගැනීමේ අපහසු තාවයක් නිසා ක්ෂණිකව ළිදෙන් ගොඩට පැමිණ ඇතත් ඔහු ද ක්ලාන්තය ගතියෙන් ඇද වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතන්න අමාරුයි අැත්තටම මේ මේ සොබා දහම (නදී)
ලිඳ ඇතුලේ ඔක්සිජන් අඩු ඇති. නැතිනම් වෙන විෂ වායුවක් ඇති. මියගිය අයට නිවන් සුව ලැබේවා. (නදී)
ලින් වැසිකිලි පතල් උමන් ගල්ගුහා වැනි තැන වලට බහින කොට එක පුද්ගලයෙක් පමණක් බහින්න. අනිවාර්යයෙන්ම එම පුද්ගලයාගේ ඉකිලි දෙකට යටින් කකුල් දෙකට තොණ්ඩු දෙකක් වැටෙන සේ කඹයකින් ගැටයක් ගසා ඉන වටා නැවත බැඳ එම කඹය ගොඩ තිබෙන ශක්තිමත් දෙයක ගැට ගසා බසින්න යම් හේතුවකින් සිහි නැති වුනොත් හරි ඉවුරු කඩා වැටුනොත් හරි තව කෙනෙක්ගේ ජීවිතය අවදානමට ලක් නොකර එම කම්බයෙන් ඔසවා ඔහුව ගොඩ ගන්නට පුළුවන්. මේ සඳහා සරමක් වෙනත් රෙද්දක් කඹයක බැඳ ගන්නත් පුළුවන්. (නදී)
තිලක් මහතාගේ ඔවදන ඉතා වටිනා දෙයක්. මේ ගැන හැමදෙනාම දැනුවත් වුණෙෘත් හොඳයි (නි)
මෙහෙම අනාරක්ෂිත ගැඹුරකට (ළිඳකට) බහින්න පෙර පහනක් හෝ ඉටිපන්දමක් දල්වා ළිඳට බස්සවන්න. එම පහන නිවී ගියොත් බහින්න එපා. ඒ කියන්නේ ඔක්සිජන් වල අඩුවක් ඇති බවයි.එහෙම කළා නම් වටිනා ජීවිත 02 ක් මෙහෙම නැති නොවෙන්න තිබුනා. (නි)
අපරාදේ ජිවිත දෙකක්. තිලක් ඔබේ උපදෙස ගොඩක් වටිනා එකක් ස්තුතියි දැනුවත් කරාට. මිය ගිය දෙදෙනාට නිවන්සුව පතමු. (නදී)
කොච්චර හොද උපදෙස් දුන්නත්, මම නම් කෙනාව හදුනනවා.(අ)
ලිද ගොඩක් ගැබුරු එකක් වෙන්න ඇති (නදී)
දෙදෙනාටම නිවන්සුව ප්‍රර්ථනා කරනවා (නදී)
වසර ගණනක් තිස්සේ අපි ශ්‍රී ලංකා අන්තර් ජාල පුවත් වලට අදහස් ලියල උත්සාහ කරා අනතුරු වලක්වා ගැනීමට අපේ අය දැනුවත් කල හැකි ක්‍රම සහ විධි ගැන. වර්තමාන අහේනිය නිසා මිනිසුන්ගේ සිහි කල්පනාව මද වෙලා. දිවි නසා ගැනීමක් ගැන අදහසක් අවිඥානික මනසේ සැඟවී ඇති විධියටයි මේ අය වැඩ කරන්නේ. පව් අසරණයෝ. (නදී)
තිලක් මහතාගේ ඔවදන ඉතා වටිනා ඔවදනක් මේ ගැන හැමදෙනාම දැනුවත් වුණෙෘත් හොඳයි (නදී)