ඉංගිරිය හල්වතුරේ කළු ගඟේ අතු ගංගාවක මැණික් ගරමින් සිටි හතක් පොලිස් අත්අඩංගුවට ගත් පසු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මැර පිරිසක් සමග පැමිණ එම පිරිස මුදාගෙන ගොස් ඇත.
ඔවුන් ත්‍රීරෝද රථවලින් පැමිණ ඇති බවත්, පොලිසියට ඉතිරි වූයේ ඉල්ලම් කූඩ පමණක් බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බලල හොඳට හිතල දෙන්න කතිරේ රට කන අය පවුල් පිටින්ම එලොව යන්න. (අ)
දේශපාලකයින් නීතිය තම අතට ගත් තවත් අවස්ථාවක්!!!. මෙවැනි දේවල් නැවත්වුවේ නැත්නම්, රට ප්‍රපාතයට යන බව ඉහළම පාලකයින්ට අවබෝධ විය යුතුයි. මෙවැනි සිද්ධීන්, රටේ යහ පාලනයක් හා නීතියක් නැති බවට ලෝකයට හුවා දක්වන්නන්ට හොඳ ආයුධ බවත් පාලකයින් වටහාගත යුතුයි. (දිල්)
මේක සාමාන්‍ය දෙයක්,අනේ අසරණ පොලිසිය , (අ)
ඔන්න ආශ්චර්ය. මිට මොලවල ගහන්න කතිරේ. (අ)
මොකද දන්නේ නැ අනිත් තැන වල වාගේ වෙඩි තිබ්බේ නැත්තේ රටේ ආරක්ෂව ගැන මේකෙන් හිත ගන්න පුළුවන් පොලිස්සියත් මැරයන්ට බයේ යන්න දෙන්න ඇති එහෙම නැත්නම් පගාවක් දෙන්න ඇති බොරුවට කියනවා මැරයෝ ඇවිත් අරන් ගිය කියල පොලිස්සිය නිදගෙනද හිටියේ උන්ව අරන් යනකම් (අ)
බල්ලට ගිය පොලිසිය (අ)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා හෙට කියාවි එහෙම දෙයක් නැහැ දේශපාලක තුමා නිවැරදි කියල (අ)
තමිල්නාඩු දෙමල චිත්‍රපටියක් වගේ. (අ)
ඇත්තටම හින්දි චිත්‍ර පටියක ජවනිකාවක් වගේ.(අ)
අනේ ඉතින් අතේ ඇටබෝල තුවක්කුවක්වත් නැතුවද යන්නේ ඕවට, පොලිසියේ මේ බියගුළු බවට වන්දි ගෙවන්නේ අසරණ පොදුජනතාව! (අ)
අත්අඩංගුවට ගත්ත සැකකරුවෝ කියලා හිතා ගෙන ඉල්ලම් කුඩ කුඩුවට ලගට ගෙනත් පයින් ගහල පල ඈතුලට කියලා කුඩුවේ දොර ලොක් කරන්න (අ)
මොකද පොලිසියේ ඉන්නේ පඹයෝද (අ)
පවි අහිංසක පොලිස් නිලධාරින්. හෙට අනිද්දට ස්ථාන මාරුවිමි ලැබෙයිද දන්නෑ. (අ)
අනේ මේ පොලිසිය ද.කූඩ දාගනියව් තොපේ ඔළුවල.(අ)
ඇයි සරත් ෆොන්සේකගේ රැස්වීම් කඩාකප්පල් කරන්න දාපු පාට් මෙගොල්ලන්ට දාන්න බැරි උනාද? කට්ටිය ඇවිල්ලා නිදහස් කරගෙන යනකන් පූස් පැටවු ටික වගේ බලාගෙන ඉන්න ඇති (අ)
කව්ද මේවට වගකියන්න ඕනේ. වගකිව යුත්තෝ නිදිද? (දී)
මේ වගේ ලොකු උදවිය ඉදිරිපත් වෙන්නේ මේ වගේ කැත වැඩ කරන්න විතරද? (දී)
මට පෙන්නේ මේ පොලිස් කණ්ඩායමත් දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන එන්න හිතුවද දන්නේ නැහැ.(දී)
මේ වැනි නීති විරෝදී දේශපාලන මැරකම් වලට අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ ඉහලම උදවිය වගකිව යුතුයි. (දී)
ප්‍රාදේශීය සභා මැර මන්ත්‍රීවරයකු , මැර පිරිසක් සමග පැමිණ ඇත. පොලිසියේ අයගේ රස්සාව නැතිවෙයි කියල ප්‍රාදේශීය කුක්කන්ටත් බයෙන් තමා රාජකාරිය කරන්න වෙලා තියෙන්නේ. අහෝ දුකකි.(නදී)
මාර්ග නීතියේ වරදකට අසුවීමකින් දඩ කොළය ලියා ගන්න ගියාම වී අයි පී තියෙනවද? අදුරන කවුරුවත් ඉන්නවාද? කියල අහන්නේ ඔය අපේ අපේ පොලිසිය තමයි. දැන් වී අයි පී ලංකාවෙ විකුනන්න තියෙනවා අදුරනවාද කියලා අහන්නේ ඔය ජාතියෙ අය ගැන තමා. ඔය තුන් ගොල්ලොම අතර මිතුරු කම් හුව මාරුවක් පමණයි.(නදී)
ඉතින් ඔය පොලිසිය අයින් කරලා මැරයෝ ටිකම පොලිසියට බදවා ගත්තා නම් ඉවරනේ. (නදී)
සංජීව! මේ සියලු ව්‍යාසන ඉවසා ගත නොහැකිව ලක් මාතාව කලක ට ඉහතදී නිහඬව දැයෙන් සමු ගත්තා. ඇය දැන් කර්ම විපාකයක් නිසා නැවත මේ ගෙන්දගම් පොළවේම ඉපිද කුඩා දැරියක් ලෙස ඉතාමත් අනාරක්ෂිත ජීවිතයක් ගෙවනවා. ඉවසන්න බැරි, ඇගේම පුතුන් කියා කියා ගන්නා පිරිසක් දිවා රෑ ඇයව කෙලෙසීමට උත්සාහ කිරීමයි.(නදී)
තව ටිකක් කල් ගත උනහම පොලිසියට යුනිෆෝම් ඇඳගෙන ඩියුටි කරන්න හම්බ වෙන්නේ නැහැ මෙහෙම ගියොත් නම්.(නදී)
පොලිසියට තුවක්කු දීල තියෙන්න මේ වගේ වෙලාවට පත්තු කරන්නයි. අහිංසක මිනිස්සු වතුර ටික ඉල්ලලා පාරට බැස්සම තුවක්කු ඉබේ පත්තු වෙනවා. (නදී)
මේ වගේ දර්ශන බලන්න ඕනෙ නම් ඉන්දියානු දමිල චිත්‍රපට සංයුක්ත තැටියක් බලන්න . අනේ අපේ පොලෝසිය ! (නදී)
කියක් හරි දුන්නාවත්ද? කැටබෝලයක්වත් තිබුනේ නැද්ද දන්නේ නැහැ. (නදී) .
මොනවා කරන්නද පොලිසියේ මහත්තයල, ඔන්න ඔහේ අල්ලලා දාමු. නැත්නම් අන්න අර කැලණිය , දඹුල්ල, පුත්තලම වගේ පැත්තක ඉන්න කෙනෙක්ටවත් කියලා බලමුද? (නදී)
කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න බැරිනම් ගෙදර ගිහින් කුබුරක් කොටන එක ඔයට වැඩිය සැපයි.(නදී)
මෙයට පොලිස් පතිතුමගේ ප්‍රතිචාරය කුමක්දැයි අපි බලා සිටිමු.??(දී)
පුදුමයි පොලිසියේ අයව කූඩු නොකළා.(නදී)
ලැජ්ජයි.! (නදී)
පොලිසියට අවි ආයුද දීල තිබෙන්නේ මොකටද ?(දිල්)
වෙනදට අහන්න වෙන්නේ පොලිසියෙන් ගැහුවා , ආයුද පෙන්නන්න ගිහින් වෙඩි කෑව කියලනේ. දැන් ඒක වෙනස්වෙලාද ?(දිල්)
අද රටේ නීතීය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ (දිල්)
මේගොල්ලෝ පෙම්බස් අල්ලන්න යන්නේ නැතුව මොනවට කැලේ රිංගන්න ගියාද? හොද පාඩම. (දී)
නියම දේශප්‍රේමියෙක් (දී)
තව වැඩිකල් යන එකක් නැ. මැරයෝ පොලිසියේ අයට ගහල පැමිණිලි කාරයෝ වෙලා නඩුත් දානවා. අපි උන්ට බයේ උන්ගේ පැත්තට සාක්කි කියනවා. පොලිසියේ අහිංසක මහත්තුරු ගුටිත් කාල හිරෙත් යනවා.(නදී)
අපි දැක්කා, ඔය පොලිසියේම අය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයට චන්ඩි පාර්ට් දැම්ම හැටි. එත් මේ පුංචි මන්ත්‍රී කෙනෙක් ඉස්සරහ හතරට නැවෙනවා. තේරෙනවනේ අපේ රටේ නිතිය කොහොමද වෙන්නේ කියලා. මට දුක ශ්‍රී ලංකා මාතාව ගැන.(නදී)