හොරණ, දඹර, කොස්වත්තේදී බඩට වෙඩි තබා ඝාතනය කළ හිටපු හමුදා සෙබළාගේ (34) ඝාතනයට සැකපිට සැකකරුවන් දෙදනකු හා ඔවුන්ට අනුබල දුන් තවත් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සෙබළා මිය යාමට පෙර රෝහලේදී පොලිසියට ලබාදුන් කටඋත්තරය අනුව වෙඩි තැබීයැයි සැකපිට දෙදෙනකු හා ඔවුන්ට නවාතැන්දී සැඟවී සිටීමට උදව් කළැයි තවත් අයකුද අත් අඩංගුවට ගෙන ඇති අතර හොරණ ප්‍රදේශයේ නිවසක ශබ්දවාහිනියක් තුළ සඟවා තිබූ ගිනි අවිය සොයා ගත් පොලිසිය එය සඟවා තැබීමට උපකාර කළ නිවෙස් හිමියාද අත් අඩංගුවට ගෙන ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනේ! දැන් මිනිස්සු මරන්නේ බල්ලෝ බළල්ලු වගේ. කරන්න තිබෙන හොඳම දේ නීතිවිරෝධී අවි අත්අඩංගුවට සහ ඒවා ගැන ඔත්තුදෙන මිනිස්සුන්ට ලොකු තෑග්ගක් දෙන එක. තියාගන්න අයට බරපතල දඩුවම් දෙන නීති හදන එක. මම හිතුවේ අවිගත්තෝ විතරයි අවියෙන් නැසෙන්නේ කියලා (නි)
මරණාසන්න මොහොතේ දෙන කටඋත්තරය අන් හැම සාක්කියකටම වඩා උසාවිය පිළිගන්නවා කියලා මම අහලා තියනවා. සාධාරණය ඉෂ්ට වෙන්න ඕනෑ (නි)
අපරාදේ අසරණ ජීවිතයක්! (නි)
එල්ලුම් ගහ ගෙනෙන්න දෙවියනේ. මිනිසුන් මරණ අය, ස්ත්‍රී දුෂකයන් එල්ලන්නම ඕනෑ. (නි)
කළ පව රිය සක මෙන් පසුපස (නි)
ඝාතකයන් සැඟවූ අවි සෙවීමට රැගෙන යන ලෙස ඉල්ලා සිටිමු (නි)
මරණ දඩුවම ක්‍රියාත්මක නොකර මේ තත්වය වැලැක්විය නොහැකිය (බ)
නීතිය අතට ගන්න කාටවත් ඉඩදෙන්න බැහැ. (නි)