
(අංජුල මහික වීරරත්න)
සහල් මිල තීරණය කරන මෙරට විශාලතම සහ ප්‍රධානතම සහල් වෙළෙඳ පොළ ලෙස සැලකෙන මරදගහමුල ගබඩා සංකීර්ණය දැන් සහලින් පිරී ඇතැයි වෙළෙඳ වාණිජ හා සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා රජයේ සහල් තොග ගබඩා කර ඇති මරඳගහමුල සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව සතු ගබඩා නිරීක්ෂණයටද එක්වූ අතර වසර 13ක කාලයක් එකඳු වී මල්ලක් හෝ සහල් මල්ලක් ගබඩා කර නොතිබූ ගබඩාවක් දැන් සහලින් පිරවීම ජයග්‍රහණයක් බව සඳහන් කළේය.
සහල් මෙට්‍රික් ටොන් 75,000ක් පමණ ගබාඩා කිරීමට හැකි ධාරිතාවක් සහිත වී ගබඩා දෙකක් ජරාජීර්ණව අභාවයට යන්නට ඉඩහැර තිබීම ජාතික අපරාධයක් බව බව කී අමාත්‍යවරයා තම රජය යටතේ යළි මරදගහ මුලට පණ ලබා දුන් බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි පොඩි වාසි වලට.... විතරයි.
අපේ එක් දවසක සහල් පරිභෝජනය? ඔය තොගය කොපමණ කාලයකද? ලොකු ගණන් පෙන්වීම පමණින් ප්‍රශ්න විසඳයිද? දැන් අපි රැවට්ටුවා ඇති.
ආන්ඩුවට කරන හැමදේම විවේචනය කිරීම හොදටම ඇති. මොකද රට සංවර්ධනය කිරීමට රජය පියවරගෙන තිබෙන බව සනාථ වෙලා තිබෙනවා... ලෝකය ඉදිරිපිට. තව කුමන කතාද?
හොඳ පියවරක්. ඒත් ඇත්තටම මරඳගහමුල සහල්වල තත්ත්වය දියුණු විය යුතුයි.