රටට නිදහස ලබාගත් දවසේ සිට නොයෙක් කුමන්ත්‍රණ වලට ශ්‍රි ලංකාව මුහුණ දුන් බවත් ජිනීවා නුවරදී මාර්තු මාසයෙත් ප්‍රබල කුමන්ත්‍රණයක් ඇති බැවින් එයට මුහුණ දිමට නම් රටට ආදරය කරන සියලු බලවේග එකතුවිය යුතු බවත් 66 වැනි නිදහස් දින සෑමරුමට එක් වෙමින් රෝමයේ ශ්‍රි ලංකා තානාපති නාවලගේ බෑනට් කුරේ මහතා පෑවසීය.
1948 පෙබරවාරි 4 වැනිදා ලැබුණත් 1972 මෑයි 22 ජනරජ නිදහසත් සමගයි අපිට පුර්ණ නිදහස හිමි වුයේ ඉන් පස්සේ 62 හමුදා කුමන්ත්‍රණය ආවා. 71 අප්‍රේල් කැරැල්ල. 75 දි ඇල්ප්‍රඩ් දොරේඅප්පා මරලා කොටි සංවිධානය පළමු වෙඩි මුරය තිබ්බා.
ඉන් පස්සේ 83 දි හමුදාවේ 13 දෙනෙකු ඝාතනය කරලා 2009 මැයි 18 වැනිදා කොටි ත්‍රස්තවාදින් මරා දැමු දහස් ගණනක් වු අහිංසක, සිංහල ,දෙමළ ,මුස්ලිම් මිනිසුන්ගේ මානව හිමිකම් ගෑන කවුරුත් කතා කරන්නේ නැහැ.
‘ඒ විතරක්ද දෙවැනි ලෝක යුද්දේ අවසාන අදියරේදි පරමාණු බොම්බ දාලා මරා දැමු ලක්ෂ ගණනක් වු හිරෝශිමා නාගසාකි නගර වෑසියන්ගේ මානව හිමිකම් වලට මොකද වුණේ?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මතක් වෙන්නේ ජිනීවා සමුළුව ළං වෙද්දී(දිල්)
ඇත්ත සුනෙත්. නමුත් තානපති තුමා හොඳයි. අර ටයි කෝට් කටිටිය මිලානෝ ජංගම සේවයෙදීත් තානාපති කාර්යාලයේ උසස් නිලදරිනියක් එක්ක එකතු වෙලා දෙමල අම්ම කෙනෙකුට ලොකු වෙනස්කමක් කලා. මේ අයව නම් ගෙනියන්න එපා ජිනිව වලට. සිංහල අපි මේ අයට පළමුව විරෝදය දක්ක්වමු සුනෙත්. ඉන් පස්සේ ජිනිවවල අපි අපේ ශ්‍රී ලාංකික සිංහල,දෙමල,මුස්ලිම්,සියලුම දෙනා රට වෙනුවෙන් හඩක් නගමු. (නදී)
නන්දන පනාගොඩ ඔබ හරි. ඔයා ට එහෙම කියන්න අයිතියක් තියෙනවා . දිවි හිමියෙන් ලංකාව රකින්න කතා කරන මිනිස්සු සයුරෙන් එහා රළ පාගනවා. (නදී)
මානව හිමිකම කියන එකත් ලෝකෙමේ දැන් සල්ලි වලට ගන්න හැකි තත්වෙට පත් වෙලා ඉවරයි.ලෝක අපරාද වැලලෙන්නේ ඒකනේ.ජාති ආගම් බේදයකින් තොරව එක් රොක් වී අපේ ලංකා මාතාව දිවි හිමියෙන් රැක ගමු.(දී)
මේපාර එන්නම් අපි ජිනීවා යන්න... බලාගෙන ඉන්න. ලංකාවේ මිනිස්සු පාඩම් ඉගෙන ගන්නේ නැතිවුනාට යුරෝපේ ඉන්න අපි එහෙම නෙවෙයි.(දී)
ඔය කියන දේවල් කිසිම හරයක් නැති, ගැලපීම් නැති එව්වා. මෙතුමා ඉන්න කොළොන්නාවේ වුනේ මොකක්ද කියල දුන්න නම් තමයි හොඳ! (අ)
අපේ ලංකා මාතාව දිවි හිමියෙන් රැක ගනිමු...මේ අවස්ථාවේ පක්ෂ බේදයකින් තොරව එක් රොක් වී රටට ආදරය කරන සියලුම බලවේග එකතුවිය යුතුයි.(දිල්)