ඉදිරි මහ මැතිවරණයට දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා ලබාදීමේ දී අනුගමනය කළ හැකි නිර්ණායක ඇතුළත් ‘මාර්තු 12 ප්‍රකාශය‘ අනුගමනය කරන ලෙසට බල කරමින් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින් අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනක ආරම්භක උත්සවය අද (25) කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාව, වෘතීයවේදීන් සහ සිවිල් සංවිධාන සියල්ලන්ම එකමුතුවී කල යුතුම වැඩක්. (ර)
දේශපාලනයට දැන උගත් මිනිස්සු එනවට කවුරුත් අකමැති නැහැ. නමුත් එක දෙයක් වැදගත්, සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න විශ්ව විද්‍යාල වලින් ගත්ත කොළ කෑල්ලකින් බැහැ වගේම සාර්ථක දේශපාලකයෙක් වෙන්න බිම් මට්ටමින් මහපොළොවේ පය ගහලා මිනිස්සු අතර ගැවසුණු කට්ට කාපු කෙනෙකුට මිසක් බැහැ. අද ඉන්න කලින් හිටපු පාර්ලිමේන්තුවේ උගත් යයි සම්මත පිරිස අරන් බැලුවොත් වැඩියෙන්ම වංචා දුෂණ අපරාධ ද්‍රෝහිකම් පාවාදීම් මුදලට පක්ෂ මාරු කිරීම් වගේ දේවල් වලට සම්බන්ධ ඔය නුගත් සාමාන්‍ය පෙළවත් සමත් නැති කට්ටිය නෙමෙයි. වැඩි ප්‍රතිශතය උගත් යයි සම්මත කට්ටිය. අනෙක හොරු දුෂකයෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ වගේ අයට නාම යෝජනා දෙන්න එපාලු. එහෙම අය කොහොමද නාමයෝජනා ගන්න එළියේ ඉන්නේ. එයාල ඉන්න ඕන හිරේනේ. ඔප්පු නොවන නොකළ හැකි චෝදනාවලට නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම දේශපාලන පක්ෂයකට කරන්න බැහැ. එයාල ඒක කරන්නෙත් නැහැ. (ර)
මේ ඡායාරූප වල ඉන්න බහුතරය ගැන මගේ නම් පැහැදීමක් නැහැ (නි)
අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)
මේ ලෝකෙ මොන රටක බැලුවත් උගත් නුගත් දෙගොල්ලම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.අපේ රටේ 1970 පසුව පත්වූ හැම රජයකම නුගත් අපරාධ වලට නමගිය දුෂිත අය පවා පාර්ලිමේන්තුවට ආවා.ඔවුන් රට පාලනයට කෙසේ වෙතත් ගමක සමිතියක තනතුරක්වත් නොදිය යුතු අය වූ නිසා අපේ රටේ දේශපාලනය මාෆියා දේශපාලනයක් බවට පත් වෙලා.පළාත් සභා වලින් මේ සුළු කොටස නියෝජනය වනා කිවොත් නිවැරදියි මගේ මතයට අනුව.වමේ පක්ෂයන් මේ අය නියෝජනය නොවූ අතර ප්‍රධාන පක්ෂ වල මේ අපේෂකයන් තෝර ගැනීමේදී සිදුකර ඇති දුබල පිළිවෙත නිසා මේ වරද දිගටම සිදුවෙමින් පැවතුනා යයි මට හිතෙනවා.බලය ,මුදල,පවුල් සම්බන්ධතා වලට මුල් තැන නොදී රටේ වූගත් අයත් අඩු තරමින් 25% වත් නියෝජය වූණානම් මේ ක්‍රමය අවසන් කරන්න තිබුණා.අපරාධ වලට සම්බන්ධවූ අය බැහැර කළා නම් ඒ වගේ අභාග්‍යක් නොවෙන්නට තිබුනා.මේ ගැන පළාතේ සමිති සමාගම් පක්ෂ හා ජනතාව ගේ අදහස් ලබා ගෙන නියෝජිතයෙක් පත් කරන ක්‍රමයක් සාදා ගතහොත් අප දිනුම්.මේය හිතන පහසු දෙයක් නොවෙයි.(අ) .
සංඝයා වහන්සේලා යන මේ මාර්ගය අපිට අනුමත කරන්න බැහැ (නි)
සමාවෙන්න ඕනෑ! මේ ගැන මට වෙනම අදහසක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. අප දේශපාලන පරිසරය නීතිවිරෝධීන් අත රැඳෙන්න තුඩුදුන් ඓතිහාසික හේතුවක් තියෙනවා. අප පාර්ලිමේන්තුවට ආ බහුතරය නීති වෘත්තිකයින්. ඔවුන්ගේ භුමියේ බල කණ්ඩායම් වුණේ බොහෝදුරට නඩුවලට පැටළෙන්නන්. එය දේශපාලනයට භිෂණය රිංගුව එක ස්වභාවයක්. දැන් එයම විවිධ මුහුණුවරින් මතුවෙලා. අද දේශපාලනයේ මතුවන තව ප්‍රවණතාවක් තියෙනවා. ඒ රාජ්‍යය නොවන සංවිධාන වල ක්‍රියාකාරී සම්බන්ධය. රටක් තුළ රාජ්‍යය නොවන සංවිධානයක් මෙහෙයවන අයෙකුගේ රටට පවතින අවංක ලැදියාව හා වගකීම කුමක්දැයි තේරුම් ගන්න බැහැ. යහපාලගේ "පැහැදීමක් නැති" වීමට හේතුව එයද දන්නේ නැහැ. ඔවුන් පාලන කටයුතු වලට සම්බන්ධ වෙනවා නම් රාජ්‍යය නොවන සංවිධාන වලින් ඉවත්වෙනවා යන සදාචාරමත් තීන්දුව ගතයුතු වෙනවා. (නි)
උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. දේශපාලනයේ ඉන්න උගත්තු කොතරම් හොරකම් නිවටකම් පාවාදීම් පිල්මාරු කිරීම් කරනවද? රජයේ ආයතනවල ඉහළ ඉන්න කී දෙනෙක් නම් හොරකම් කරනවද? කොමිස් ගහනවද? මේ ඔක්කොම උගත්තු. උගත්කම කියන්නේ මනුස්සකම හෝ අවංකකම මනින මිනුමක් නොවේ. (නි)
මටනම් තේරෙන්නේ නැහැ මේ මොකවත්.(බ)