තියුණු ආයුධයකින් හිසට පහරදීමෙන් මොළේ අභ්‍යන්තරයට ලේ ගැලීම නිසා ව්‍යාපාරික ප්‍රියන්ත සිරිසේන (43) මහතාගේ මරණය සිදුව ඇති බව කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය ජේ.එම්.හේවගේ මහතා නිගමන කරයි.
කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී මෙම මරණ පරීක්ෂණය පැවැත්විණි.
තියුණු ආයුධයකින් හිසට පහරදීමෙන් මොළේ අභ්‍යන්තරයට ලේ ගැලීම නිසා ව්‍යාපාරික ප්‍රියන්ත සිරිසේන (43) මහතාගේ මරණය සිදුව ඇති බව කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය ජේ.එම්.හේවගේ මහතා නිගමන කරයි.
කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී මෙම මරණ පරීක්ෂණය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් හොදට පැහැදිලි වෙනවා අපේ හිටපු ජනාදිපතිතුමා කොච්චර බුද්ධිමත්ද කියල. එතුමාගේ ආරක්ෂාවට ආරක්ෂකයෝ 4000 ක් විතර සිටියා එතුමාගේත් පව්ලෙත් නෑදෑ හිතවතුන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් අති දැවැන්ත මුදලක් වෙන්කලා. මේකෙන් තේරෙන්නේ වර්තමාන ජනාදිපතිතුමාට වඩා හිටපු ජනාදිපතුතුමා බුද්ධිමත් බව. ජනතාව දුක්විදල හරි රජපවුල රැකගැනීම අතීතයේ සිටම ශ්‍රී ලාංකීය සමාජයේ වගකීමක් ලෙස සැලකුණා. (නදී)
ජනතාවගේ ලේ දහදිය බීලා අවුරුදු සියගානක් ජීවත්වුණත් මොකටද යහපාල උන්නැහේ ! මිනිහෙක් වගේ එක දවසක් ජීවත්වුණත් ඒ මිනිහා අපි සමඟ අවුරුදු දහස් ගාණක් ජීවත්වෙනවා. ඒ අතින් ජන දුක හොඳින් හඳුනන මෛත්‍රී මහතා අපිට මිලකරන්න බැහැ (නි)
දැන් මොනවා වුණත් ජීවිතයක් නැතිවෙලා අවසානයි (නි)
අපරාදේ ජීවිතයක්! (නි)
පිවිතුරු, ප්‍රබාකරන් තුරන්කළ ආරක්ෂක ලේකම්ට ආරක්ෂාව අකැපද (නදී)
පිවිතුරු යහපාලත් සමග එකග වෙනවා. හිටපු ජනාදිපතිතුමා දිනකට එතුමාට පමණක් වියදම සදහා ආසන්න වශයෙන් කෝටි 2 ක මුදලක් අයවැයෙන් වෙන්කරගත්තා. මොලේ තියෙන කෙනා අවස්තාව ආපුවහම හොදට සැප විදිනවා. හිටපු ජනාදිපතිතුමා සැබෑ බුද්ධිමතෙක් (නදී)
තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ තියන පොල් කෙඳි හොයන අයට තවමත් ලියන්න ජාති තියනවා නේද. (නදී)
මේ රටවල අපේ යාළුවන්ට දැන් අපිට මුහුණදෙන්න බැහැ. ඔවුන් හිනාවෙන්නේ ලංකාව තවම පොරෝ යුගයේද කියලා. අපිට ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්න ලජ්ජා වුණ කාලයක් තිබුණා. මෙහෙ ඉන්න හිතවතෙකුටවත් ලංකාවට එන්න කියන්න බැරි යුගයක් තිබුණා. යන්තම් ඒ බිහිසුණු කාලය ඉවරවෙලා වසර 5ක් 6ක් සැනසිල්ලේ ඉන්න පුළුවන් වුණා. මට පෙනෙන්නේ නැවතත් ලංකාව ඒ තිබුණු තත්වයටම එයි වගේ. (නි)
මිනිසුන්ගේ හිත් මෙච්චර දරුණු ඇයි? ආවේගශීලි උනාම අම්මා අප්පවත් අදුනන්නේ නැති ජාතියක් අපේ රටේ ඉන්නේ.(ම)
මේකට හේතුව මොලේට ලේ ගැල්ම නොවේ.(ම)
ලංකාතිලකත් එක්ක මාත් එකඟ වෙනවා. මම වැඩ කරන කන්තෝරුවේ අනිත් රටවල මිනිස්සු අහනවා ඇයි ඔයාලගේ රටේ ජනතිපතිගේ මල්ලිල අනුන්ගේ ගෙවල් වලදී මේ විදියට මැරුම් කන්නේ කියලා.ඒ මදිවට ඉන්දියාවේ කට්ටිය අහනවා ඇයි ලංකාවේ ජනාදිපති ඉන්දියාවේ විදියට අඳින්නේ කියලා. පුළුවන් නම් මේවට උත්තර දන්නා කෙනෙක් මට කියල දෙන්න.(නදී)
මහින්ද පාරම්පරික පරිනත දේශපාලනඥයෙක්. ඔහු පාතාලය සමග සම්බන්ධකම් පැවැත්වූවේ ඔවුන්ට සුදුසු තැන තියලා. ඒ නිසා පාතාල අන්වර්ථනාම මහින්දගේ පවුලේ අයට නෑ. කවුරු මොනවා කීවත් යමෙකු කරන ලද හොඳ නරක ඔහුගේ අවසානය තීරණය කිරීමටද හේතු වෙනවා. ඒක රාජ්‍ය පාලකයාය, මාවතේ සිඟන්නාය කියා වෙනසක් නෑ. (දිල්)
පොරව තාමත් නැතිව බැරි ආයුදයක් වෙලා නේද (දිල්)
ඔබ හරි සන්තුෂ්. (ස)
බණ්ඩාර ඔයා වැඩ කරන්නේ එන් ජී ඕ එකකද ? නැති නම් පිටරටද ?එතන ඉන්න විදේශ රටවල් මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද ලංකාවේ ජනාධිපතිගේ වග තුග සොයා සොයා ඔය වැඩ කරන පැය අට ගෙවන්න. ඔයාගේ ඔය ප්‍රශ්න ටික පුද්ගලික මඩ ගැහිමකට ප්‍රවේශයක්. මෙච්චර හොඳ රටක් තියෙද්දී අනුන්ගේ රටවල් වලට ගිහින් සමහරුන්ගේ සහෝදරයෝ ද්විත්ව පුරවැසි භාවය ගන්නේ ඇයි කියල ඔය කට්ටිය ඔයාගෙන් ඇහුවේ නැද්ද ? අනුන්ගේ ගෙදර මැරුණත් මැරුණේ තමන්ගේ මව් රටේදී නේ. ඇමෙරිකාවේදී නෙවෙයිනේ. ඒ නිසා තමන්ගේ ඇහේ පරාල තියාගෙන අනුන්ගේ රොඩ්ඩ පෙන්වන්න එපා. (ස)
යුද්ධයකදී, යුද්ධය පටන් ගැනීමට අණ දීමත් මුදල් දීමත් පමණයි රාජ්‍ය නායකයාගේ කාර්යභාරය. ආරක්ෂක ලේකම්ගේ කාර්ය වනුයේ සම්බන්ධීකරණය කිරීම පමණයි. යුද්ධය මෙහෙයවන්නේ හමුදාවේ ප්‍රධානීනුයි. නමුත් අපේ මහින්ද මහත්තය එය එතුමා කළ යුද්ධයක් බව විවිධ ක්‍රම ඔස්සේ ජනතාවට යම්තාක් දුරට ඒත්තු ගැන්නුවා. මෙයද එතුමාගේ විශිෂ්ට දේශපාලන බුද්ධියට තවත් සාක්ෂියක්.(දිල්)
ඉස්සර මේ මිනිස්සුන්ගේ මොලේට ගිහින් තියෙන්නේ ලේ නෙවි, තවත් අසාධාරණ වැඩ කරන ය ඉන්නවනං එයාගේ මොලෙට දැන්වත් ලේ සංසරණය වෙන්න ගනී.. කොමෝම උනත් සහෝදරයෙක් වෙච්චි ජනාධිපති තුමා නීතිය අතට නොගෙන, නීතියට ඉඩ දීම අගය කල යුතුයි. (ම)
බණ්ඩාර අපේ කන්තෝරුවේ ඉන්න ඉන්දියන් ජාතිකයන් අහන්නේ හිටපු නායකයාගේ සහෝදරයෙක් ඡන්ද ප්‍රතිපලත් එක්කම රට ගියේ ඇයි කියලා. සමහර විට ඔබ දන්නවා ඇති හේතුව. (දිල්)
ලංකාතිලක - සහෝදර සමාගම් දෙකක වෙනස (දිල්)
ඒ කියන්නේ මොලේකුත් තිබිලා තියෙනවා නේද?(දිල්)
බණ්ඩාර දන්නේ නැද්ද සිංහලයා පැවත එන්නේ ඉන්දියාවේ අර්යන්ගෙන් කියලා. සිංහල භාෂාවෙන්ම කියන්න පුළුවන්නේ, පාලි සංස්කෘත මිශ්‍ර වෙලයි සිංහල බස හැදිලා තියෙන්නේ (දිල්)
මෙතන පැහිදිලියි වර්තමාන ජනපතිගේ පවුල්පාලනයක් නැති බව. මෛත්‍රිපාල ජනපතිටත් සහෝදරවරු කිහිපදෙනක් ඉන්නවා, නමුත් කිසිම තනතුරුවල පවුලේ අය නැහැ (බ)
අයියෝ ගිහාන් ඔයාගේ තර්කය පණ මදි බණ්ඩාරගේ තර්කය බිඳින්න. තව ටිකක් පුරුදුවෙලා ඉන්න (බ)
මොලයට ලේ ගැලීම අවසාන ප්‍රතිපලයයි, හේතුව ඒක නෙවේ (ස)
මරණයට හේතුව පුද්ගලික රහසක්ද වියහැක. යාලුවෝ දෙන්නෙක් වනය මැදින් යනකොට වළසෙක් හමුවුණ කතාව මතකද? (නි)