වෑන් රථයක් දුම්රියේ ගැටී හය දෙනකු මරණයට පත්වී පැය පහළොවකට පසු දුම්රිය දෙපාර්තමේන්තුව අලුත්ගම ගනේගම ඩිපෝව පාරට අද බම්බු ගේට්ටුවක් සවිකිරීම ඇරැඹීය.
ගේට්ටුවක් දෙනතුරු එතැනින් නොයන බවට ගැමියෝ පෙරදින රාත්‍රී උද්ඝෝෂණයක් ද කළහ.
විදුලි සංඥා පද්ධතියක් සහිත ආරක්ෂිත ක්‍රමයක් මාසයක් ඇතුළත සවි කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී එල් ඒ ආර් රත්නායක මහතා කියයි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මාතර පැත්තේ වෛද්‍යවරයෙක් සූර්ය ශක්තයෙන් බලගැන්වෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන දුම්රිය ගේට්ටුවක් හදාගෙන ගෙදර සවිකරගෙන ඉන්නවාලු. ඇමතිතුමා, ඔබගේ මුදල හරියටම කීයද කියලා ගාන කියලා ඒ මනුස්සයාගේ ගේට්ටුව අරගෙන සවිකරන්න. එතකොට මුදල් ලංකාවේ ඉතුරු වෙනවානේ. (නි)
ජපානෙයේ බුලට් (සින්කන්සන් ) එංගලන්තයේ දුම්රිය සේවා අපි ඉමහත් ආස්වාදයක් ලද දුම්රිය සේවාවන්. මම අහලා තියෙනෙවා සුද්දන්ගේ කාලේ උඩරට මාර්ගයේ දුම්රිය 12 දිනපතා ඉහල පහල ගියා කියලා. දුම්රිය සේවය විනාස උනේ නරක දුෂන පරිපාලනය නිසා. අද මේ රටේ ඉහලම මගී ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යන්න පුළුවන් දුම්රිය සේවයට පමණි. නමුත් රම්පාල මහත්තුරු කොහෙන් හොයන්නද. අර මාතර ඉංජීනේරු මහත්තයා කියලා තිබුණ එතුමා දෙන ගේට්ටු පද්දතිය ගන්නේ නැත්තේ කොමිස් නොලැබෙන නිසා කියලා. අපරාදේ වටිනා ජීවිත.(නදී)
යුරෝපයේ මෙන් කාර්ඩ් ක්‍රම මෙහෙට හරි යන්නේ නැ නීල් .ඕවා මෝඩ කතා. කාර්ඩ් කියන්නේ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයක්. ඒකට විදුලි බලය ඕනා. ලංකාවේ නිතරම විදුලිය යනවා පැය ගණන්. අනික ආරක්ෂාව ප්‍රශ්නයක් මේක.(නදී)
නීල්-රණා, මේක සුද්දන්ගේ කාලේ නෙවෙයි. ආර්ථික වටිනා කමක් නැති වුණාට මේ මිනිසුන් තමයි ආර්ථිකය හදන්නේ. මිනිසුන් ප්‍රවාහනය නොකර නිෂ්පාදන එහා මෙහා කර කර හිටියොත් තමයි දුම්රිය සේවය හිඟමනට වැටෙන්නේ. රේල් පාර හරහා යන රියදුරෝ කල්පනා කාරී නොවුනොත් ඉදිරියටත් මෙහෙමෙ විනාශ සිදුවෙයි. උණ බම්බු විතරක් නෙවෙයි යකඩ ගේට්ටු හරහාත් සිග්-සැග් දාලා මිනී මැරුණා. අඩුම ගානේ දුම්රිය හරස් පාර ලගදිවත් ඉවසීම නැති කම පාලනය කර ගන්නයි ඕනේ.(නදී)
ඇයි අපේ රටේ කෙනෙක් හදපු ස්වයංක්‍රීය ගේට්ටුව දාන්න මේ කාටවත් උදවු කරන්න බැරි? (නි)
අනේ මමත් ඔය පාරෙන් ත්‍රීරෝද රියක ගියා. මම බිමට බැහැලා තමයි රියදුරාට කිව්වේ රේල් පාර හරහා දාන්න කියලා. හරිම අනතරු දායක තැනක්.(නදී)
අනේ මමත් ඔය පාරෙන්ත්‍රිරෝද රියක ගියා මම බිමට බැහැල පාර බලලතමයි රියදුරාට කියවේ රේල් පාර හරහා දාන්න කියල හරිම අනතරු දායක තැනක් (අ)
නීල්-රණාට පිස්සුද? අනේ ඔයාට සොරිම තමයි. (නි)
මේක කුමාර වෙල්ගමගේ මහත්තයාගේ අසනෙම නේද (අ),
ඕක දැම්මට පමණක් මදි. කලට වෙලාවට ඇරෙන්නත් වැහෙන්නත් වුවමනාය. (නි)
මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ යහපත වෙනුවෙන් අසිපතක් සේ පෑන මෙහෙයවන "ලංකාදීප එසැනට" ප්‍රණාමය. (අ)
මේ මරුන අයට වග කියන්නේ කවුද වගකීම බාර ගන්නේ කවුද (දී)
ප්‍රේමදාස ජනාධිපතිතුමා බම්බු ගේට්ටු ක්‍රමය ක්‍රියාත්මක කරනකොට ඒ කාලේ අපේ රටේ සමහර දේශපලන පිරිස් එතුමාට හිනා වුනා විහිළු කලා. නමුත් දැන් අවසානේ බම්බු ගේට්ටු ක්‍රමය ක්‍රියාත්මක කරන්න යනවා. මේකෙන් පෙනෙන්නේ අපේ රටේ දුම්රිය දෙපාර්තුමේන්තුව කොච්චර පහළට ගිහිල්ලද කියලා. දියුනුවක් නම් පේනතෙක් මානෙකවත් නැහැ. (නි)
මේ මැරිච්ච කට්ටියගේ නාමයෙන් වත් වැඩ පිළිවෙලක් සකස් කරන්න (දී)
මේ කොච්චර හොද ගේට්ටුවක්ද? ඇයි මීටකලින් මේක දාන්න බැරිවුණේ? (නි)
ලංකාදීප උණුසුම් පුවත මගින් යම් සහනයක් ඉක්මනින්ම ලැබීම ගැන සතුටුවෙමි. අපි එකිනෙකාට ඇගිල්ල දිගු කරනවට වැඩිය පොදු අවශ්‍යතාවයන් ක්‍රියාවට නගන්න සාමුහිකව එක්ව සහයෝගිතාවයෙන් වැඩ කිරීම තමා අද අවශ්‍යවන්නේ. (අ)
ඉන්දියවෙ නම් ගගහා එලවලා දානවා (නි)
තමන්ගේ කියල කිසිම අදහසක් නැති, අනුන්ගේ අදහස් පමණක් විවේචනය කරන, අනුන්ගේම දොස් දකින, යමක් අලුතෙන් සිතා සාර්ථක කරගත නොහැකි අසාර්ථක බක පණ්ඩිතයින් ගැන සොරිම තමයි. (අ)
පේමදාස මහතය හිටියනම් දුම්රිය මාර්ගයේ ලොකු ඔල්රෝලෝසු කණුවක් හරි දල මේ අනතුරු අඩු කරනවා (අ)
විනාශයක් වෙලා හරි ඇස් ඇරුන එකට දුම්රිය බලදාරීන්ට ස්තුතියි (නි)
දැනුයි අන්ද වෙලා තිබුන දුම්රිය ලොක්කන්ගේ ඇස් ඇරිලා මොලේ පෑදිලා තියෙන්නේ. මෙහෙම ගේට්ටුවක් ගැන කල්පනා නොවීම ගැන අදාල පළාත් පාලන ආයතනයේ නියෝජිතයන් සහ වැඩ අදිකාරී තුමා ගැනත් මම කනගාටුවෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත්යන්ටවත් ප්‍රේමදාස ජනාදිපතිතුමා ගැන මතක් උනේ නැද්ද.(නදී)
නීල් රනා, අඩු මාසේ කෙනෙක්ද? (නි)
නීල්, ඔබ තුමා ලොකු බුද්ධිමතෙක් වෙන්න පුළුවන්, එත් ඉතින් හැමදේටම ආර්ථික වටිනාකම් දෙන්න ගියාම ටිකක් විතර සොරි වෙනවා. මොකද ඔබතුමාට ලොකු ලොකු රට රාජ්ජවල අස්සයෝ පිටින් යන්න හැකියාව තිබුනට හැමෝටම එහෙම බැහැනේ. නමුත් ඔබතුමාගේ දියුණුව ගැන අපිට සතුටුයි. නමුත් මනුස්සයෙක් ඉහලට යනකොට අනුන්ගේ විවේචනත් ඉවසා වදාරන හැකියාව ප්‍රගුණ කරන්න වෙනවා. අනික තමා තමන්ගේ අදහස් ප්‍රකාශකරන්න ගියොත් මෙතනත් නිකන් දියවන්නාව වගේ වේවි. ඒකනිසා දැන උගත් ඔබ තුමා පුලුවන්නම් අපේ අරුණ සමරවික්‍රම මල්ලිට කතා කරලා ඔය අවශ්‍ය තැන්වලට එයාගේ නවීන දුම්රිය ගේට්ටුව සවි කරන්න වැඩක් කරන්න. එයාගේ දුරකථනය 077 297 5485. එහෙම නැත්නම් http://aawas.net කියන අඩවියෙන් ගන්න. ඔච්චර කේන්ති ගන්නත් එපා, අස්සයා පිටෙන් වැටෙයි ඔබතුමාව.(නදී)
ලංකාවේ ප්‍රශ්නයකට විසදුමක් දෙන්නේ මිනිස්සු මැරුණාට පස්සෙ, ඒ නිසා ලංකාවේ කවදා හෝ ප්‍රශ්න නැති කාලයක් එනවා, ඒ වෙනකොට ලංකාක්වෙ එක මිනිහෙක් ඉතුරුවෙලා ඉන්න එකක් නැහැ (දී)
උණ ගස් වලින් ගේට්ටු දැම්මත් යකඩවලින් දැම්මත් කෝච්චිය දැක,දැක යතුරුපැදි දානවා. සීනුව නාද වෙද්දීත් වාහන දානවා දැකලා තියනවා .පරිස්සම් වෙනව නම් අනතුරු වලක්වගන්න පුළුවනි.(නදී)
මෙවැනි දේවල් වෙනකොට නිලදාරීන් මිනිසුන්ගෙන් ගුටිකන එක අහන්න දෙයක්ද? (නි)
මේක මෙතනට විතරක් සීමා නොකර ටිකෙන් ටික හරි අනික් ස්ථානවලටත් ව්‍යාප්ත කරන්න. දුම්රිය සේවය බරපතල ලෙස පාඩු ලබනවා තමයි. ඒක සිද්ධ වෙන්නේ මේ ගේට්ටු නිසා නම් නෙමෙයි. ගෙදර හිටියත් අතිකාල වැටෙන ක්‍රම නැතිකලොත් පාඩුව අඩුකර ගන්න පුළුවන් වෙයි. (නි)
ප්‍රේමදාස මහත්තයා හිටියා නම් කියලා හිතෙනවා. එහෙනම් දුම්රිය දෙපාර්තුමේන්තුව විකල්ප ගෙනෙනු ඇති යැයි සිතමි. (නි)
නීල් වගේ අය මිනිස්සු දිහා බලන්නේ ආර්ථික වටිනාකමක් තියෙනවද කියලා බලන්න. නැතුව මනුස්සයෝ කියන හැගීමෙන් නෙවෙයි. මේ වගේ නොමිනිස්සු මේ ලෝකෙට පහළවෙනවා කියන්නේ මනුස්සකම දිනෙන් දිනම නැතිවෙනවා කියන එක. මනුස්සකම නොදන්නා මිනිස්සුත් එක්ක මොන කතාද? සල්ලි දෙනවා කිව්වොත් අම්මා තාත්තා වුනත් විකුණන කාලයක් මේක... (නි)
සුද්දෝ ලංකාවේ දුම්රිය මාර්ග හැදුවේ මගීන් එහා මෙහා ඇදීමට නොව ආර්ථික නිෂ්පාදන ඉක්මනින් රටතුල ප්‍රවාහනය කිරීමටයි. ඒ වෙනුවට දැන් සිදුවන්නේ කිසිම ආර්ථික වටිනාමක් නැති මිනිසුන් ප්‍රවාහනය බැවින් අපේ දුම්රිය සේවයත් හිඟමනට වැටිලා. ඉන්දියාවේ දුම්රිය සේවය තරමක් උසස් තත්වයක තිබුනත් මගීන් අන්තිමයි. ඉහල අයකිරීම් යටතේ උසස් සේවාවක් ලබාදෙන නවීන දුම්රිය සේවයක් මේ රටෙත් ඇතිකල හැකියි. එවිට දිනපතා ගමන්කරන මගීන් සඳහා යුරෝපයේ මෙන් සහනදායී කාර්ඩ් ක්‍රමයක් හඳුන්වාදිය යුතුයි. (නි)
ලැජ්ජයි ලැජ්ජයි....... අහිංසක මිනිස් ජීවිත 6 ක් එකතැන නැතිවෙනකම් මේක සිදු නොවීම ගැන (නි)
ලංකාදීපයෙන් දුන් ප්‍රතිචාරත් අවශ්‍ය නිලදාරීන් කියවන්න ඇති. ලංකාදීපයට තුති ! (නි)
තිසා ඔබ පේමදාස කඩේ ගිය කෙනෙක් වගේ. ප්‍රෙමදාස මහතා හිටියානම් මෙතන ගේට්ටුවක් දාන්නේ නැහැ. ලොකු ඔරෝලුසු කණුවක් දමාවි මහජන සල්ලි වලින්. දුම්රියේ හැපෙන අයට වෙලාව බලා ගන්න. 60000 ක් පමණ අහිංසක ජිවිත් නැති කරපු ඔහුට දුම්රියේ ගැටී මිය යන අය ගානක් නැහැ.(නදී)
පරිපාලනයේ දුර්වලතා නිසා මහජන මුදල් කාබාසිනියා කරන මුදලින් ගේට්ටු සවි කල හැක. දුම්රිය මග ඉන්දියානු සමාගම නවීකරණය කරනකොට ගේට්ටු සවි කලානම් අද අසරණ මිනිස් ජීවිත කීයක් බේර ගන්න තිබුනද? දුම්රිය සේවය නිලදාරීවාදය හේතුවෙන් පොදු මහජනයා අමාරුවේ දෙමීමේ පටිපාටිය අහෝසි කලයුතුයිනේ.(නදී)
සරත් , පිස්සු නම් නටන්න ලැහැස්ති වෙන්න එපා. අපේ දෙයක් ගෙනත් ඔතනට හයි කළාම අපි කොහොමද ලෝකෙට මුහුන දෙන්නේ? (නි)
තවත් අනතුරක් වෙන්න කලින් වැඩ පිළිවෙලක් සකස් කරන්න (දී)
මොකද නිසි පිය වර ගන්න මිනිස්සු මරෙනකල්ම ඉන්නේ (දී)
මෙම දුම්රිය මාර්ගයේ අනතුරු වැඩියි. මේක වැටිලා තියෙන්නේ මිනිස්සුන්ගේ ගම මැද්දෙන් (නි)