(තිලකරත්න දිසානායක)
”අපේ තාත්තා මිය යන විට සිටියේ මන්ත‍්‍රීකෙනෙක් හැටියට. ඒ කාලේ තාත්තට ඇමැතිකමක්වත් මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් ලැබුණේ නැහැ. එතුමා පාර්ලිමේන්තුවේ සිටියේ අන්තිම පේළියේ මාත් එක්ක. එවැනි නොසලකාහැරීමේ තත්ත්වයක් යටතේයි තාත්තා මිය ගියේ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ආ අයට ඇමතිකම් ලබා දුන්නා. ඒ හැරෙන්නට මහින්ද රාජපක්ෂ මහත්තයා විසින් අපේ තාත්තාව කොහොම බලා ගත්තේ කියලා නම් මම දන්නේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයට මැරුණු රෙජී රණතුංග මැතිතුමාගේ අගය අද හරි තේරුම් යාම ගැන මම සන්තෝෂ වෙනවා.” යයි හිටපු අමාත්‍ය රෙජී රණතුංග මැතිතුමාගේ 80වැනි ජන්ම දින සැමරුමට එක් වෙමින් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් අද පෙරවරු 7.00 උඩුගම්පොළ සුසාන භූමියේ ඇති රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහාර දැක් වූ අතර ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිස පෙරවරු 9.00 පුෂ්පෝපහාර දැක්වීය.
”ප‍්‍රසන්න මහත්තයා ඊයේ පෙරේදා කියපු කතා අහන කොට අපි වෙනම ඇවිල්ලා තාත්තට ගෞරව දක්වන එක හොදයි. ඔහුත් එක්ක පැමිණියොත් අපිත් ඔහුගේ තත්ත්වයට වැටෙනවා.“
“ඒ නිසා හොදම දෙය තමයි වෙනමම ඇවිල්ලා තාත්තාට ගෞරව කරන එක.
“අපි ඊයේ පෙරේදා වුණු සිදුවීම්වලිනුත් දැක්කා ප‍්‍රසන්න අයියා හැසිරෙන විදිය. ඒ පිළිබදව අපි හැමෝම කණගාටු වෙනවා. මහජන නියෝජිතයෙක් හැටියට මීට වඩා හොදින් හැසිරෙනවා නම් හොදයි කියලා විශ්වාස කරනවා.
“ඒ වගේම අපේ තාත්තා නැතිවෙලා අදට අවුරුදු 9ක් වෙනවා. මහජන මුදල් හොරකම් කරපු නැති, ගෞරවනීය දේශපාලනයක් කරපු රෙජී රණතුංග මැතිතුමා වගේ අයෙක් අදවත් හිටපු ජනාධිපතිතුමාට මතක් වීම ගැන පවුලක් විදියට අපි ස්තුති වන්ත වෙනවා. අපේ තාත්තා කොයි වගේ දේශපාලඥයෙක්ද කියලා මුළු මිනුවන්ගොඩ ආසනයේ අයම දන්නවා. ඒ නිසා තාත්තාව විකුණන් කන්නේ නැතිව, තාත්තට පරිභව කරන්නේ නැතිව, තාත්තගේ ප‍්‍රතිපත්ති මොනවාද, පක්ෂය වෙනුවෙන් මොන වගේ කැපවීමක් කළාද, මිනිස්සුන්ට මොනතරම් ආදරය කළාද යන්න සොයා බලා කටයුතු කිරීම වඩාත් වැදගත් වනවා.....” යැයිද රුවන් රණතුංග මහතා මෙහිදි පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ අයියලා, මල්ලිලා ඔක්කොම එකයි. දූෂණ චෝදනා හැම තැනම. අර ඇමරිකාවට පැනලා ගිය කෙනත් දැන් වරායේ නේද?
අර්ජුන, රෙජී මහත්තයාගේ මරණ ගෙදර මමත් ගියා. මගේ පුතාට එවකට අවු 10ක් පමණ ඇති. ඔබ ඔහුගේ වීරයෙක්. ඒ තරමටම පුතා ක්‍රිකට් ලෝලියෙක්. ඔහු ඉපදුනේ හැදුනේ වැදුනේ ඔස්ට්‍රලියාවේ. එයා හැමදාමත් සපෝට් කලේ ලංකාවට. එදා මරණ ගෙදරදී ඔහු ඔබත් සමග කතා කලත් ඔබ වචනයක්වත් කතා කලේ නැහැ. මම දන්නේ නැහැ ඒ දුකටද? රෙජී මහත්තයා හැමදාමත් හිටියේ ගම්මු සමග. එත් ඔබ?...
ඇයි කාන්තාවන් ගැන බලාගන්න කාන්තා කටයුතු ඇමතිකමක් ලැබුණා නේද ?
තමන්ගෙ කිලිටි ඈඳුම් පිටස්තරයන් ඉදිරියේ සෝදන්න එපා.
මහින්ද මහත්තයා නම් ඉතින් හරියට තේරුම් ගත්තා!
ඔයාලා ඔක්කොගේම හැටි අපි දන්නවා. බොරු සෝබන අවශ්‍ය නැහැ.
රටේ ඉහළටම එන්න අත දුන්නු චන්ද්‍රිකාට හිරිහැර කලා නම් රෙජී රණතුංගලා ගැන කවර කතාද?
අර්ජුන මහත්තයෝ, මහින්ද මහත්තය එක්ක තරහ පියාට ඇමති කමක් නොදුන්නටම්, ඔය කියන ප‍්‍රතිපත්ති ඇත්තටමද..?
ඔයාගේ චන්ද්‍රිකා නෝනත් එතුමාට මුකුත් දුන්නද... ඒවා ගැන කතා නැද්ද... අනික අර ඉම්රාන් කියන්නාවගේ කාන්තා ඇමතිකමක් මහින්ද මහත්තය දුන්නලු නේද... ඒවා මතක නැද්ද?
මහින්ද මහත්තයාට ඔයාගේ පවුලෙ සේරටම ඇමතිකම්, මහා ඇමතිකම් දෙන්න බැහැනේ...
ඒ මනුස්සයා නම් කවදාවත් යූ.එන්.පී එකට ගියේ නැහැ. කෙලින් මිනිහා.
අපිට කාගෙන්වත් වැඩක් නැහැ... මහින්ද මහත්තයා එක්ක අපි මැරෙන තුරාවට ඉන්නවා...
මෙල්බර්න් ගුවන් තොටුපළේ මම මොහුත් එක්ක කතාකළාට..., මාත් එක්ක කතා කළේ නැහැනෙ...
එතුමා ඇමති කාලේ ස.තො.ස. ට වෙච්ච දේ දැන් හුඟ දෙනෙකුට අමතකයි.
අනෙක් රටවල ඇමතිවරු ඉන්නේ අතේ ඇඟිලි ගානට. එත් ලංකාවේ ?
රටට සේවය කරන්න ඇමති පට්ටම් ඕනේ නෑ.
මේකේ අදහස් දාල තියන සමහරක් තවම වහල් යුගයේ ඉන්නේ.
77 රෙජි ලගේ ගෙදරට ගහපු වෙලේ පරිප්පු මිටි ගණන් එලියට විසි උනා කියල අහල තියෙනවා