බිඟුන් මේනක ගමගේ
ලංකා සමසමාජ පක්ෂය කිසිදු වරදකරුවකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ යැයි එහි ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.
මත්ද්‍රව්‍ය මාෆියාවට එරෙහිව ක්‍රියාත්මක වැඩපිළිවෙළදී වුවද පොලිස් අත්අඩංගුවට පත්වන්නේ හාල්මැස්සන් මිස තෝරු මෝරුන් නොවේ යැයි කී හෙතෙම අහිංසකයන් එල්ලා දමන්නට වුවද මෙම ක්‍රමය අවභාවිත විය හැකි යැයි අවධාරණය කළේය.
ලොව පුරා මරණ දඬුවම ක්‍රියාත්මක කළ අවස්ථා රැසකදී අහිංසකයන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වී ඇතැයි ද ඒ බව දැන ගැනීමට හැකි වූයේ දඬුවම ක්‍රියාත්මක කර කලකට පසුව බැවින් ආපසු හැරවිය නොහැකි ක්‍රියාවක් බවට එය පත් වී යැයි ද මහාචාර්යවරයා කීවේය.
අවශ්‍ය නම් බොරු නඩු පටලවා පලිගැනීමේ ක්‍රමයක් හැටියට ද මරණ දඬුවම යොදාගැනීමේ අනතුරක් ඇතැයි ද එම නිසා එමගින් නැති ප්‍රශ්න ඇති විය හැකි යැයි ද ඒ මහතා කීය.
ලංකා සමසමාජ පක්ෂය පෙනී සිටින්නේ ජීවිත නගා සිටුවීමට මිස අහිමි කිරීමට නොවන්නේ යැයි ද එම නිසා කවර කොන්දේසියක් යටතේ වුවද මරණ දඬුවමට එරෙහි වීමට සිය පක්ෂය කටයුතු කරන්නේ යැයිද මහචාර්ය තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවිල් යුද්ධයේ එක අංගයක් ලෙස හමුදා හා නාවික කටයුතු පිළිබඳ මහජන කොමිසම යටතේ ලියෝ ට්‍රොස්කි තමන්ගේම පක්ෂයේ බොහෝදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම සඳහා වගකිවයුතු බවට මම කියවා තිබෙනවා. ට්රොස්කිට එහෙම ඔට්ටුනම් ගෝලයන්ට මොකද්ද ඇති රුදාව?
ඔබ තුමාගෙ පක්ෂයෙ දැන් සාමාජිකයො කී දෙනෙක් ඉන්නවද? ඔබ තුමා විතරද? මොකද අපිට පුළුවන් ඔබේ විරෝදයට මහජන පදනමක් තියෙනවද කියලා දැනගන්න.
වේලි වේලි හිටිය පොළොන්නරු රාජධානියේ කාවන්තිස්සට ඩොලර් කුට්ටියක් ලැබුණෝ...
ඒ කියන්නේ නිරෝගී දරුවන් කුඩුමුදලාලිලා විසින් ගෙන්වන ලද කුඩුවලට හුරුකොට එමගින් කුඩුමුදලාලිලා කෝටිපතියන් වී කුඩුබීපු දරුවන් රෝගි වී එම දරුවන් අකාලයේ මරණයට පත්වෙන එකට පක්ෂයි... එහෙමද?
හදිසි කෝපයකදී හෝ අත්වැරදීමකදී පුද්ගලයෙකු ඝාතනය වීම එය හිතාමතා කරන ඝාතන ලෙස නීතිය පිළිගන්නේ නැහැ. නමුත් විෂ මත්කුඩු තොග වශයෙන් ගෙන්වමින් රටක අනාගතය භාරගන්න ඉන්න නිරෝගී බාල පරම්පරාව මතට හුරුකොට ඔවුන් රෝගීන් කර මරාදමනවා නම් එය හිතාමතාම රටකට ජාතියකට කරන අපරාධයක්... අන්න ඒ දූෂිත කුඩුමුදලාලිලාට මෙම දඬුවම ගෙනාවට ඊට විරුද්ධ වන්නේ රටේ අනාගතයට විනකටින පුද්ගලයෝයි.