බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් මහතා ඝාතනයට මරණ දඬුවම නියමව සිටියදී උපාධිය සමත්වූ හිටපු උප පොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ මහතා මේ වනවිට සිය පශ්චාත් උපාධිය සඳහා සූදානම් වන බව වැලිකඩ බන්ධනාගාර ආරංචි කියයි.
කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින රෝයල් පාර්ක් මිනිමැරුම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරගෙට නියමව සිටින ජූඩ් ජයමහ මහතා ද බාහිර උපාධියට පෙනී සිටීම සඳහා අධ්‍යයන කටයුතුවල නිරතව සිටින බව කියති.
ඔහුට ඒ සඳහා අධ්‍යයන කටයුතු කිරීමට දිනපතා පැයක කාලයක් සිරමැදිරියෙන් පිටත සුබ සාධක අංශයේ රඳවා අවස්ථාව සලසා ඇතැයි ද ඔහුට බාහිර කථිකාචාර්යවරයකුගේ සහාය ලබාදීමට කටයුතු කර ඇතැයි ද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදාරයි. සුබ පැතුම්! (නි)
ඔබට සුබ පැතුම්!
ඉගෙනගැනීම ඉතාමත්ම හොද දෙයක්. එයා ඉගෙනගෙන නොතිබුන නිසා වෙන්න ඇති ඔය දේ වෙන්න ඇත්තේ. මෙය නිදහසේ ඉන්න අයට ගතයුතු පාඩමක්. හිරේ නිකන් කාලය ගත කරනවට වැඩ මේ කරන දේ හොඳ දෙයක්. (නි)
ගස්පේගේ කතාවෙත් ඇත්තක් නැත්තෙම නැහැ (නි)
"කෝපවුවත් රජ මැතිඳුන් ගත නොහෙනා - උගතමනා ශිල්පයමයි මතු රැකෙනා" (නි)
“මොන පිස්සු වැඩක්ද“ කියා ඉගෙනීමත් පිස්සු වැඩක් කියන අයත් මේ රටේ ඉන්නවා. මෙයා නිදහස් වෙන්නත් පුළුවන්. ඔයකියන විදිහට නිවන් යන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද. (නි)
ඉන්දික ඔබේ නොසිදෙන උත්සාහයට අපේ ප්‍රණාමය. (හේ)
උගත්කමත් එක්ක අපි බලාපොරොත්තු වෙන හැදිච්චකම සහ මිනිස්කම ඔබ ළඟ නැති නිසා අද ඔබට හිමි තැන ලැබී ඇතැයි සිතමි. (නි)
මෙයාලා වැරදි නැහැ කියලා අභියාචනයෙන් වත් නිදහස ලැබේවා (හේ)
මරණ දඬුවම ලබා සිටියදීත් පශ්චාත් උපාධිය සොයයිලු. ඉතින් කාටවත් මොකද? නුඹ ඉගෙන ගනින් පුතා. (බ)
මොන පිස්සු වැඩක්ද ? උපාධියකට නැහෙන්නේ නැතුව බණක් භාවනාවක් කරලා නිවන් දකින්ඩ ට්‍රයි කළානම් යන තැනට මුලින් වැඩක් වෙලා පස්සේ නොයන්ඩම තිබුනා. (බ)