මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් 60 දෙනකුට දඬුවම ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පරිවර්තනය කිරීමට ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය හිමිවී තිබේ.
පෙබරවාරී 04 වැනි දාට යෙදී ඇති 69 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද විශේෂ කමිටුවක් මගින් ලබා දී ඇති නිර්දේශය මත ජනපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
මේ ගැන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නින්දිත දේශපාලනයේ තුච්ඡ කුලී අළුගෝසුවෝ ටිකක් නිදහස් වුණොත් මේකත් ජාතික අපරාධයක්. සමාව දෙන අයගේ නම් සහ වරද පිළිබඳ කමිටු නිර්දේශයක් අරගෙන ක්‍රමවත්ව කරන දෙයක් නම් හොඳයි. (නි)
අපිට මේ ලැයිස්තුව දැනගන්න ක්‍රමයක් නැද්ද? (නි)
අපරාදේ! නඩු කියලා සල්ලි වියදම් කරලා හිරේ දාලා කන්න බොන්න දීලා ආයේ එළියට දානවා. කාට කියන්නද මේවා? දැන් ඉතින් බය නැතිව මිනීමරන්න හොඳේ (නි)
මරණ දඩුවම නියමවූ අය කොහොමටත් හිටියේ ජීවිතාන්තය දක්වා හිරේ. මොකද දැනට වසර 40 සිට කිසිම කෙනෙක් එල්ලා මරා නැහැ. මරන්නෙත් නැහැ. ඉතින් ඔය දෙන නිදහස මාධ්‍ය සංදර්ශනයක් පමණයි (නි)
සාක්කි දුන් අය දැන් බයේ ඇති. (නි)
ත්රස්තවාදීන්ටත් සමාව දෙන්න. පවු අහිංසකයෝ! (නි)
කවුද දන්නෙ නැහැ මේ වාසනාවන්තයෝ? (නි)
ළඟදී ගිය ඇතුළේ සැපගන්න අයත් ඉන්නවද ඔය ලයිස්තුවේ? (නි)
දැන් කවුරු කවුරු නිදහස් වෙයිද? (නි)
මේ ලැයිස්තුවේ ඉන්නේ කවුද කියලා අපිට දැනගන්න පුලුවන්ද? (නි)
ඔවුන්ට නම් ජීවිත දානය ලැබේවි. නමුත් මේ අය නිසා අගතියට පත් පාර්ශවයන්ට අසාධාරනයක් වුණා කියා මට සිතෙනවා. (නි)
ඒ අය තම ජීවිතය යහපත් මඟට යොමු කරවාගැනීමට මහන්සි වියයුතුයි. ජීවිත දානය දුන්නේ ජීවිතේ තියන වටිනාකම එතුමා දන්නා නිසයි. ඒ නිසා මේ අය හැම ජීවිතයක්ම වටින බව තේරුම් අරගෙන ඉදිරියේදී අනුන්ගේ ජිවිතත් රැකගෙන හොඳින් ජීවත් වියයුතුයි. (නි)
උසාවියෙන් දුන් දඬුවමක් ලිහිල් කිරීම නොකළයුතු දෙයක් නේද? (නි)
ලංකාවේ උසාවි ඕනෑ නැහැ නඩු අහන්න. ජනාධිපතිම නඩු අහලා දඬුවම් දෙන්න (නි)
මේ නොදන්නා අදහස් දාන්නේ, ජීවිතාන්තය දක්වා අයට යහපත් කල්කිරියාවෙන් හිටියොත් අවුරුදු 20 කින් නිදහස් වෙත හැකි, මරණ දඬුවමට මුළු ජීවිතයම එල්ලලා මරණ දවස දක්වා හිරේ. (ර)
තව ඉදිරියට යනකොට ඔය දඬුවමත් ලිහිල් කරලා මිනීමරුවෝත් නිදහස් කරමු (නි)
සිරකරුවෝද මනුෂ්‍යයෝය. (නි)
කොහොමත් ලංකාවේ දැනට එල්ලුම්ගහ ක්‍රියාත්මක නොවන නිසා නිල නොවන මට්ටමෙන් මරණ දඬුවම ලැබූවන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් තමයි විඳින්නේ. ඒ නිසා ඒ තීරණය මානුෂිකයි. ඒත් ස්ත්‍රී දූෂකයන්ට, භික්ෂු ඝාතකයන්ට සමාව නොදිය යුතුයි. (නි)
"අභය දානය උතුම් පුණ්‍ය ක්‍රියාවකි". එමෙන්ම එලෙස නිදහස් කරන උදවිය නැවතත් සමාජයට හානියක් නොවෙන්නට නිසිපරිදි පුනරුත්ථාපනය කළයුතුයි. ඒ සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කළොත් වැඩේ සාර්ථක වේවි. (නි)
තොරතුරු දැනගැනීමේ පනතින් මේ සිර කරුවන් කවුද ? මීට පෙර මෙම ලැයිස්තුවට දමා තමන්ගේ හෙන්චයියන් නිදහස් කරගෙන තිබෙන හැටි දැනගන්න පුළුවන් නේද ? (බ)
මේකත් අර වීර කැප්පෙටිපොළලා ජාතික වීර ලැයිස්තුවට ඇතුළත් කළා වගේම වචන හරඹයක් පමණයි. කොහොමත් මරණ දඬුවම ක්‍රියාත්මක නොවෙන රටේ එය ජීවිතාන්තය දක්වා දඬුවමක්ම තමයි. (නි)
කරුණාකර මේ අයගේ නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන්න (බ)
දුමින්දටත් සමාව දෙයිද?.(බ)
සිරකරුවෝද මනුෂ්‍යයෝය. නමුත් අනික් මිනිසුන් මනුෂ්‍යයෝ කියා නොසිතීම නිසා මරණීය දණ්ඩනය නියම විය. (නි)
සමාවදීම නම් හොඳයි. නමුත් මොවුන්ට විරුද්ධව සාක්කි දුන් අය? (නි)
දුමින්ද සිල්වාගේත් මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් වී, ඉන්පසු එය කල්ක්‍රියාව හොඳ නිසා නිදහසක් ලෙස ලැබේ. ඔන්න ඔහොමයි කට්ටිය වැඩ කරන්නේ. (නි)
මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් වී, ඉන්පසු එය කල්ක්‍රියාව හොඳ නිසා නිදහසක් ලෙස ලැබේ... ඊටපස්සේ මෙයාලට විරුද්ධව සාක්කි දුන්න අයට මෙයාලගේ අතින් ජීවිත හානි. එහෙම නැත්නම් සාක්කි දුන් අයටත්, හිරේ විලංගුවේ වැටෙන වැඩක් කරලා ආරක්ෂාසහිතව ඉන්න පුළුවන්. ලංකාවේ නීතිය හැදිලා තියෙන්නෙම වැරදි කරන අයට වාසි විදිහටනේ. (නි)