(ඉන්දිකා රාමනායක)
මිනිමැරුම් චෝදනාවකට මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවකු බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද (25) පෙරවරුවේ බන්ධනාගාරයෙන් පළා ගාස් මරදානේ දුම්රිය ස්ථානයේදී දුම්රියක නැග සිටියදී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිරකරු අද පෙ.ව.09.30ට පමණ ආගමික වැඩසටහනක් සදහා ඔහු රඳවා සිටි සිරමැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේ එම ස්ථානයෙන් සුක්ෂම ලෙස මිදී ඔහු විසින්ම සඟවාගෙන සිටින ලද බන්ධනාගාර නිළධාරියකුගේ නිළ ඇදුමට සමාන නිළ ඇදුමකින් සැරසී බන්ධනාගාර නිළධාරීන්ට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් පැන ගොස් ඇති බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
මෙම සිරකරුගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ බන්ධනාගාර නිළධාරීන් විසින් මෙම සිරකරු ලුහුබැද මරදාන දුම්රිය වෙත ගොස් ඇති අතර සැකකරු එහි නවතා තිබු දුම්රියක නැගී සිටියදි අත්අඩංගුවට ගෙන ගෙන ඇත.
ගම්පහ මහාධිකරණය මගින් 2015.03.06 වන දින මිණිමැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනයට නියමව සිටි සිරකරුවකු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේලර් නිල ඇඳුම් කියන්නෙ සව් කොල නෙමෙයි නෙ.. කවුරු හරි ජේලර් කෙනෙක් උදව් කරන්න ඇති..
නිල ඇඳුම දුන්නේ බහිරවයා වෙන්න ඇති....
ජේලර්ලට උසස්වීම් දෙන්න
ඇමරිකාවේ උනානම් මේ වෙනකොට මිලියන ගානක් වැයකර චිත්‍රපටියක් හදලා. හැබැයි පැන යන්නේ රුසියන් සිරකරුවෙක් අල්ලන්නේ FBI එකෙන්. සිල්වෙස්ටර් සැලුන් එකේදී අල්ලන්නේ අනොල්ඩ් සුබසිංහ වෙන්න පුළුවන්