ඕනෑම තත්ත්වයක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන්නේ යැයි යුරෝපා සංගමය ලිපියක් යවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇත.
ඕනෑම තත්ත්යක් යටතේ ඕනෑම සිදුවීමක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පැහැදිලිව සහ දැඩි ලෙස විරුද්ධ යැයි සඳහන් කරන යුරෝපා සංගමය සහ යුරෝපා සංගමයේ දූත පිරිස වසර 40කට පසු ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම දැඩි කනස්සල්ලට හේතුවක් යැයි ද සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත පිරිස, ශ්‍රී ලංකාවේ සිටින යුරෝපා සංගමයේ සාමාජික රටවල දූත පිරිස්, කැනඩා මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස පොදු එකඟතාවක් යටතේ ජනාධිපතිවරයාට මෙම ලිපිය යවා තිබේ.
මරණ දඬුවම කිසිසේත් මානව අභිමානයට හේතු නොවන බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ වැළැක්වීමට හේතුවන බවට කිසිදු සාක්ෂයක් හෝ ඒ බව සනාථ වී නැති බවත් යුරෝපා සංගමය තම ලිපියෙන් දන්වා සිටී.
එමෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක වීමේදී කිරීමේදී අධිකරණ ක්‍රියාවලියේ දී සිදුවන වැරදි මාරාන්තික සහ නොවැළැක්විය හැකි තත්ත්වයකට පත්වන බව ද එම ලිපියේ සඳහන් වේ.
එම තත්ත්වය යටතේ මෙතෙක් කලක් පවත්වාගෙන පැමිණි අයුරින් මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි ද මරණ දඬුවමට එරෙහි වීමේ ශ්‍රී ලංකා සම්ප්රදාය ඉදිරියටත් පවත්වාගෙන යන්නැයි ද යුරෝපා සංගමය සිය ලිපිය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන මහත්තයාගේ එඩිතර භාවය පෙන්නන්න කාලය හරි.
හරි දැන් ඉතින් කොන්ද තුන හතරකට නැවෙයි.
ශ්‍රී ලංකාව ස්වාධීන රටක්....... කාටවත් අපේ තීරණ වලට ඇඟිලි ගහන්න බෑ...
හැමෝම මේ කලබල වෙලා තියෙන්නේ අපේ ජනාධිපතිතුමාගේ තීන්දු තීරණ ක්‍රියාත්මක වෙන විදිය ගැන දන්න නැතුව වෙන්න ඇති
මොකක්ද මේ වෙන දේවල් වලින් අපට පැහැදිලි වන්නේ යුරෝපාකරයේ මෙන්ම අනෙක් සංවර්ධිත රටවල් මේ කරන්නේ? මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බොහොමයක් සිටින්නේ ඔය රටවල. ඒ අයගේ නිෂ්පාදන අලෙවි කරනුයේ තුන්වන ලෝකයේ සංවර්දනය වමින් පවතින රටවලට. මේ නිසා යම් හෙයකින් මේ සදහා මරණ දඩුවම ක්‍රියාත්මක කළහොත් අපේ රටට අලෙවි කරන මත් ද්‍රව්‍ය ප්‍රමාණය හා ඒ වෙනුවෙන් කටයුතු කරන හා බෙදා හරින වෙළදුන් ඒ කටයුතු වහාම නවතා දමනවා. එවිට ඔවුන්ගේ වෙළදාම හා ආදායම නවතිනවා. මේ මත් ද්‍රව්‍ය වෙළදුන් හා නිෂ්පාදකයන් මේ රටවල රජයන්ට කරන බල කිරීම නිසා තමයි මේ බලපෑම් කරන්නේ ඔවුන් ඒ සදහා ඕනෙම මුදලක් වියදම් කරනවා. මේ බලපෑම් හමුවේ රට පාලනය කරන ජනපතිවරයා අපහසු තාවට පත් කර මෙය නැවත ගැනීමයි අරමුණ. රටේ ජනතාවට වෙලාව පැමිණ ඇත හැකි ඉක්මනින් ජනතා අරගලයක් රජයට බලපෑමක් ඇතිකර ඒ ජන බලය තුලින් මේ දඩුවම හැකි ඉක්මනින් ක්‍රියාවට යෙදවීමට කටයුතු කල යුතුය. මෙය ක්‍රියාත්මක කල පමණින් ජාත්‍යන්තරයට අප රටට කල හැකි කිසිම නීතිමය බලපෑමක් නැත. උද්ඝෝෂණ කල යුතුතේ මෙවන් දේ කරගැනීම සහාය රටවැසියන් ජනපතිට සහාය දැක්විය යුතුය. විපක්ෂයට හා අනෙක් අයට මෙය ඔවුන්ගේ වාසියට හරවා ගැනීමට ඉඩ නොදිය යුතුය
කෝ මේ සිරිසේන ....අයියෝ සිරිසේන
අපුරු කතාවක් මේ සංගමය අපට කියන්නේ. එතකොට කුඩු ජාවාරම් කරුවන්, පාතාලයන් රටම වනසන එක හොඳ ඇති... ඇමෙරිකාව සදාම්ගේ රාජ්‍යයට විරුද්ධව ක්‍රියාකොට ඔහුට මරණීය දඬුවම දුන්නේ. බින් ලාඩන්ව බලෙන් ගෙනගොස් මරලා මුහුදට විසිකළේ. මේවා මේ සංගමේට පේන්නේ නැතිව ඇති... අපේ මිනිස්සුත් කරන්න තියෙනදේ කරලා කියනවා වෙනුවට කලින්ම කියවනවා. කොටින්ම කියනවා නම් ප්‍රශ්නයෙන් විනාශ වෙන්නේ අපේ රට හා ජනතාව. ඒ නිසා එය විසඳාගත යුත්තේත් අපමයි. වෙනත් අපබ්‍රංශ අපට අවශ්‍ය නොවේ. ජනපතිතුමනි, ගත් තීරණය වහාම නොබියව ක්‍රියාත්මක කරන්න.
මරණ දඬුවමට විරුද්ධ අයගේ පොදු තර්කයක් තමයි මරණ දඬුවම දීමෙන් අපරාධ අඩු වෙන්නේ නැහැ කියන කතාව. නමුත් ඒක එහෙමයි කියලා ඔප්පු කරන්න සාධක සාක්ෂී හෝ දත්ත ඔවුන් සපයන්නේ නැහැ. ඒ කියන්නේ එය අනුමානයක් පමණී. ඒ අනුවට තවත් කෙනෙකුට අනුමාන වශයෙන් කියන්න පුළුවන් සිර දඬුවම් දුන්නත් අපරාධ අඩු නොවන නිසා සිරදඬුවම් දීමද ප්‍රතිථල රහිත ක්‍රියාවක් බවට එසේ උවහොත් ඔය කියන රටවල් සිර දඩුවම ක්‍රියාත්මක කිරිමද අහෝසී කරනවාද කියා ලොවට පැහැදිලි කල යුතුය.
ජනාධිපතිතුමනි මේ තීන්දුව ඔබ ක්‍රියාත්මක කලොත් ඔබ ශ්‍රී ලංකා ජනතාවගේ සදා අමරණිය වීරයෙකු වෙනවා වෙනවාමයි.
යුරෝපා සංගමේ ද එතකොට අපේ රටවල අහිංසක මිනිස්සුන්ගේ මානව හිමිකම් අපරාධකරුවන්ගෙන් ආරක්ෂා කරන්න එන්නේ. ඔක්කොම අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටක් මොකක් හරි හොද දෙයක් කරන්න හදන කොට අකුල් හෙලනවා. ඇයි ආරාබියට තහංචි දාන්න එපැයි. එහේ තියෙන්නේ නීතිය මරණ දඩුවම ඔක්කොම. අරාබියේ රටවලට අත තියන්න බයයි තෙල් එවන්නේ නැතිවෙයි කියලා. අපි වගේ රටවලින් ගන්න දෙයක් නෑ නේ. මේ අයට තියෙන්නේ මේ අයගේ කුඩු ඇතුළු කුණු අපේ අයට විකුණගෙන පොහාසත් වෙන එක. ඒක නැතිවෙනවට තියන බයට මානව හිමිකම මුලට දාලා අපි බයකරනවා. ඇයි අපි බය වෙන්නේ. දැං ඉතිං අති විශේෂ ගැසට් එකක් එවලා මේක අවලංගු කරයි.
යුරෝපා සංගමයේ කතා, චීනෙට රුසියාවට ඇමෙරිකාවට හා මැදපෙරදිග රටවලට කියන්න කියමු.
මේකට හේතුව .. යුරෝපයේ අය තමයි අපේ රටට ඇවිත්/අපේ රට සම්බන්ධකරගෙන මේ වගේ දේවල් වලට උල්පන්දම් දෙන්නේ .. ඇෆ්ගහ්නිස්ථානයේ කුඩු නිෂ්පාදනය කෙරුවට .. මොන රටවල් වල ජාතිකයන්ද මේ සිදුවීම් ලංකාවේදී අත්අඩංගුවට පත්වෙන්නේ ... මේ අතර යුරෝපා ජාතිකයනුත් ඉන්නවද ? මේ අය යුරෝපයේ කාගෙ ..කව්ද ?
පිලිපීන ජනාධිපති රොද්‍රිගු ඩුටර්ට් බලයට ආවේ ඔහු බලයට පැමිණියොත් කුඩුකාරයින් මරාදමන බවට පොරොන්දු වෙමින් සහ ජනතාවට කුඩුකාරයින් මරාදමන ලෙස ඉල්ලමින්ය. මේ අනුව "දාබාවෝ" හමුදාව කුඩුකාරයි, ගැටකපන්නන්, හරක් හොරුන් සියලුදෙනාම මරා දැම්මේය. කෝ අමනාස්ටි ඉන්ටර්නැෂනල් සංවිදානය? කෝ හියුමන් රයිට්ස් වොච් කාරයෝ? හැබයි රොඩ්රිගෝ තාමත් පිලිපීන ජනාධිපති. දැන් කියනවා අපි යුරෝපා සංගමයට හිනාවෙන්නේ මොන පැත්තෙන්ද කියයලා
"චීනය" අද දියුණු රටක් බවට වෙලා තියෙන්නේ ... මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට .. මරණීය දණ්ඩනය පමුණුවලා ඕ,පී,එම් . . යුද්දය ජයගත්ත නිසා බව අපි සියලු දෙනාම දන්නා දෙයක් ..!