සුජිත් හේවාජුලිගේ
හිරගෙවල්වල සිට අපරාධ මෙහෙයවන පුද්ගලයන්ට මරණීය දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරිමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමාජයේ ලොකු කතාබහක් ඇතිවී තිබෙන හෙයින් මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම කාලෝචිත යැයි කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරිමට ප්‍රථම ඒ ගැන පාර්ලිමේන්තුවේ අදහස් ද දැනගැනීම වැදගත් බව පෙන්වා දෙන රහුමාන් මහතා සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙම විවාදය පවත්වන්නැයි අගමැතිවරයාගෙන් අද හෙටම ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් කේස් ක්ලෝස් !
මොන මගුලට අපේ මුදල් නාස්ති කරමින් වටිනා කාලය කාදමමින් විවාද ඉල්ලනවාද? රටේ යහපතට ගන්න යන තීරණයක් වෙනුවෙන්. " යම්කිසි අම්බරුවෙක් මෙය ක්‍රියාත්මක කරනවට විරුද්ධ වෙනවා යනු ඒ අම්බරුවා රට විනාශ කරන කුඩු මුදලාලි සමග සෘජුවම හෝ වක්‍රව සමීප ඇසුරක් තිබෙන බව ස්ථිර කිරීමකි".
බන්ධනාගාරය තුළදී දරුණු අපරාධ කරුවන්ට රිසිසේ ජංගම දුරකථන භාවිතා කිරීමට හැකි එකම රට ලංකාව විය හැකිය. මෙම කරුණ පාර්ලිමේන්තුවේ විවාදයක් කිරීමට තරම් අවශ්‍ය කාරණයක් නෙවේ. අපරාධ කරුවන්ට අනුබල දෙන්නන්ට දඬුවම් කරන්නේ නම් ප්‍රශ්ණය පහසුවෙන් විසඳාගත හැකි වේවි.
වෙනදේ හිතාගන්න පුළුවන්. පාර්ලිමේන්තුව විරුද්ධ වෙනවා. ඊළගට ජනාධිපතිතුමා කියනවා මගේ කුඩු නැවැත්වීමේ යෝජනාවට ආණ්ඩුව විරුද්ධයි කියලා, ආණ්ඩුව මහජනයාට තවත් අප්‍රිය වෙනවා. ජනාධිපතිතුමාට ලකුණු වැටෙනවා. නාඩගම එතනින් ඉවරයි. හිරේ ඉන්න කුඩුකාරයෝ සහ ඒ අයට සහයෝගය දෙන නිලධාරි හැත්තම ආණ්ඩුවේ ආරක්ෂාව ඇතුව වැඩේ වෙනදාටත් වඩා හොඳින් කරනවා.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති බලතලවලින් එකකි. ඒ ගැන විවාද කරන්න පාර්ලිමේන්තුවට අවස්ථාවක් ලබාදී තිබුණා. ඒ දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්මත කරන දිනයේදී. එදා මේ මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව නියෝජනය නොකළාට නැවත ඒ ගැන විවාද කරන්න බැරියැ. මොකද පාර්ලිමේන්තුව මගින්ම ඒ ව්‍යවස්ථාව සම්මත කර ඒ බලතල ජනාධිපතිවරයා වෙත පවරා ඇති හෙයින් වන අතර පාර්ලිමේන්තුව නියෝජනය කළාට වැඩක් නැත. පාර්ලිමේන්තුව සතු වගකීම්, යුතුකම් හා කාර්යභාරයන් වටහාගෙන කටයුතු කළ යුතුය.
19 ට ඡන්දය දීලා කෙලවා ගත්තා නේද? අපි ජනාධිපතිට විධායක බල තිබෙන්නේ ඕනේ කියන්නේ ඔන්න ඕක නිසායි. 1977 ජනාධිපති මිනීමරුවන්ට නිදහස දුන්නාම විවාද ඉල්ලුවේ නැහැ. මිනීමරුවන් එල්ලා මරන්න නියම වුනාම විවාද ඉල්ලනවා. මේ විවාද ඉල්ලන්නේ කුඩු බිස්නස් වලින් කොමිස් ගන්න ගොයියෝ...
විවාදය එල්ලා මරණ එකෙනුත් ගානක් හොයාගන්න බැරිද කියලා බලන්නද?
ජනාධිපතිතුමණි, ගත් තීරණයට මොන බාධක ආවත් ක්‍රියාත්මක කරන්න. අපි එවිට් ඔබ සමගයි.
ජනතාව වෙනුවෙන් හිතලා මේකවත් ක්‍රියාත්මක කරන්න..............
රජයක් හැටියට ගත්ත තීරණය එලෙසම ක්‍රියාත්මක කරන්න. හරියට බැලුවොත් පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙනුත් කීපදෙනෙකුටත් ඔය දඬුවම ලැබෙයි.
ජනාධිපතිතුමාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න සැබෑ උවමනාවක් තියනවානම් කලයුත්තේ මරණ දඬුවම ලැබුවන් එල්ලිය යුතු දිනය සහ වෙලාව යොදා මරණ දඬුවම් නඩු තීන්දු අත්සන් කිරීම මිසක් "නොකෙරෙන වෙදකමට කෝඳුරු පැණි හත් පට්ටයක් සෙවීම " නොවේ. නඩු තීන්දුවේ තියෙන්නේ "ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති උතුමාණන් විසින් නියම කරන වේලාවක ප්‍රාණය නිරුද්ධ වනතෙක් එල්ලා තැබීමට මෙයින් නියම කරනු ලැබේ" කියලයි . කලයුතු දේ කරන්නේ නැතිව වටේ යන්නේ මේක නොකර ඒ වරද කාගේ හරි ඇඟේ ගහන්න මිසක් වෙන දෙයකට නොවේ .