තරිඳු ජයවර්ධන
කිසිම තැනැත්කු මරණීය දණ්ඩයට භාජනය නොකළ යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලිකි අයිතිවාසිකම් හා නිදහස පරිච්ඡේදයට ඇතුළත් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කාරක සභාව සිය වාර්තාවෙන් යෝජනා කර තිබේ.
සෑම තැනැත්තකුටම ජීවිතයට, ගරුත්වයට, සමානත්වයට, නිදහසට හා මිනිස් ශරීරයේ ආරක්ෂාවට අයිතිය තිබිය යුතු බව ද එම අනු කාරක සභා වාර්තාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ ඇතුළත් කර තිබේ.
ඇමැති මහින්ද සමරසිංහ මහතා මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කාරක සභාවේ සභාපතිවරයා ය. අනුරාධ ජයරත්න, පවිත්‍රාදේවි වන්නිආරච්චි, විජිත හේරත්, වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි, එස් ශ්‍රීදරන්, ඒ අරවින්ද් කුමාර්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, වෛද්‍ය තුසිතා විෙජ්මාන්න සහ එම් එච් එම් සල්මාන් මහත්ම මහත්මීහු මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාවේ සෙසු සාමාජිකයෝ වෙති.
මෙම යෝජනා සැකසීමේදී 2009 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මෙන්ම, 2016 මැයි මාසයේ ඉදිරිපත් කරන ලද මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ නිදේශ ද, දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතු`එ වෘත්තීය සංගම් සහ සිවිල් සමාජ සංවිධාන ඉදිරිපත් කරන ලද කරුණු කාරනාද සැලකිල්ලට ගෙන ඇති බව කමිටු වාර්තාවේ දැක්වේ.
මෙම අනුකාරක සභාවේ සාමාජිකයන් කිහිප දෙනකු 2016 අගෝස්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කිරීමට එහි ගොස් තිබේ.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් මිදී සිටීමේ නිදහස යටතේ කිසිදු පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීමකට ලක් නොකළ යුත්තේය යන වගන්තිය සහ බලහත්කාරයෙන් කරන අතුරුදන් කරවීමකට සාධාරණ හේතුවක් ලෙස යුද තත්ත්වයක් , යුද තර්ජනයක්, අභ්‍යන්තර දේශපාලන අස්ථාවරභාවයක් හෝ වෙන ඕනෑම පොදු හදිසි තත්ත්වයක් හෝ නොදැක්විය යුතු බවට වගන්තියක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අතු`එ කළ යුතු බවට ද එම වාර්තාවෙන් යෝජනා තිබේ. එම විධි විධානය අනවශ්‍ය බව සැලකූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා එය අනුමත නොකළ බව ද කාරක සභා වාර්තාවේ සඳහන් වේ.
තොරතුරු වෙත ප්රවේශවීමේ නිදහස මෙන්ම සූරාකෑමෙන් නිදහස ද මූලික අයිතිවාසිකම් හා නිදහස පරිච්ඡේදයට නිර්දේශ කර තිබේ. කිසිදු තැනැත්තකු පුද්ගල ජාවාරමට, වහල් භාවයට හෝ බලහත්කාර ශ්රමයට ලක් නොකළ යුතු බව සූරාකෑමෙන් නිදහස ඡේදය යටතේ අතුළත් කර තිබේ.
අධ්‍යාපනය ලැබීමේ අයිතිය , සෞඛ්‍යසම්පන්නව සිටීමට ඇති අයිතිය , පරිසරය හා ස්වභාවික සම්පත් ස`දහා අයිතිය , වද බන්ධනවලට ලක් නොවී සිටීමේ නිදහස, පුද්ගල ආරක්ෂාව, සමානාත්මතාවට සහ වෙන් කොට නොසැළකීමේ නිදහසට ඇති අයිතිය, සිතීමේ හෘද්‍ය සාක්ෂියේ සහ ආගමික නිදහස, ප්‍රසිද්ධියේ ආගම ඇදහීමේ නිදහස, මත දැරීමට ඇති නිදහස, සංස්කෘතිය භුක්ති වි`දීමට හා ප්‍රවර්ධනය කිරීමට සහ භාෂාව භාවිත කිරීමට ඇති අයිතිය ද අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් හා නිදහස පරිච්ඡේදයට ඇතුළු කිරීමට යෝජනා කර තිබේ.
ප්රකාශනයේ සහ තොරතුරු දැන ගැනීමේ නිදහස ඇතුළු කථනයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තොරතුරු වෙත ප්රවේශවීමේ අයිතිය, සාමකාමීව රුස්වීමේ නිදහස, යාම ඊමේ නිදහස, කම්කරු අයිතිවාසිකම්, වෘත්තීය සිමිති අයිතිවාසිකම්, පවුල් අයිතිවාසිකම්, දේපොළ හිමිකම දැරීමේ අයිතිය, ළමා අයිතිවාසිකම්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම්, ආබාධිතතාවය හෝ විශේෂ අවශ්‍යතාවයන් සහිත පුරවැසියන්ගේ හිමිකම්, පාරිභෝගික හිමිකම් සහ රාජ්‍ය සේවාවන් සඳහා හිමිකම ඇතුළු කරුණු රුසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කිරීම සඳහා මූලික අයිතිවාසිකම් පිළිබ`ද අනු කාරක සභාව යෝජනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කාලෝචිත අදහසක්....මරණ දඩුවම අමානුෂික බවට ලෝකේ පුරාම පිළිඅරන් ඉවරයි...ලංකාවේ උනත් ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් මොකටද තියන් ඉන්නේ.
ඔබේ කෙනෙක්ව මරා දැමුවොත් හෝ ඔබේ සහෝදරියක් බිරිඳ අම්මා අතවරයට ලක් වුනොත් එය කල පුද්ගලයාට මෙහෙම වැඩ කරන්නෙපා කියමු නේද
මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුයි.
.ඉදිරි අනාගතය ගැන හිතල ගත්තු කාලෝචිත පියවරක් වෙන්න ඕනේ..
විශේෂයෙන් නීති විරෝධී මත් ද්‍රව්‍ය ගෙන්වන , ලඟතබා ගැනීම හා බෙදාහරින අයවලුන් සඳහා පමණක් මරණ දඬුවම ක්‍රියාත්මක කලයුතුවේ
එතකොට මේ මැරුම් කන මිනිසාගේ හෝ ගැහැනියගේ , රෙස්ත් නැත්නම් ඔවුන්ගෙන් යැපෙන්නන් ගේ මුලික මිනිස් අයිති වාසිකම් ගැන වග කියන්නේ කව්ද.? මම බේබදු ලංගම රියදුරෙක් නිසා මියගිය අයෙකුගේ පුතෙක්. මම දන්නවා එනිසා පවුලේ පිට කොන්ද නැති වූ වහම එම පවුලට වෙන විනාසය.
කිසිම තැනැත්කු මරණීය දණ්ඩනයට භාජනය නොකළ යුතුයි. මරණීය දණ්ඩනය බුදු දහමට විරුද්ධ දෙයක්.
මෙම රටට මරණ දඩුවම අවශ්‍යයි මේ පණිවුඩයත් අැති තවත් අපරාධකාරයින් බිහි වෙන්න මරණ දණ්ඩනය අැති රටවල්වල අපරාධ අඩුයි මෙම දේශපාලඥයින් බේරාගන්න කරන රජයේ වැඩපිළිවෙලක්
මේකේ අදහස් දාල තියන අය ජීවත්වෙන්නේ බුද්ධාගම තියන රටකද කියලත් මට සැකයි.
ඇමරිකා එක්සත් ජනපදයේ පවා ක්‍රියාත්මක වන මරණීය දණ්ඩනය නිසියානුකූලව (නව තාක්ෂණය සමගින්) අධිකරණයකින් ලබා දුනහොත් අනාගතයේ අපරාධක් කිරීමට පෙර සිතා බලනු ඇත. අගතියට පත් පාර්ශවයට සාධාරණයක් ඉටු කිරීම පිළිබඳව කුමක්වේද? කෙසේ වුවද ශිෂ්ඨ සමාජය මරණීය දණ්ඩනය ප්‍රතික්ෂේප කල යුතුය හා ශිෂ්ඨ සමජයක් අප ජීවත් වන කාලයේදී ඇති වේවා යන්න මගේ ඒකායන පැතුමයි..
මරණ දඩුවම අහෝසි කිරිම හරියට පනින රිලවුන්ට ඉනිමන් තියනවා වගේ වැඩක්.
මරණ දඩුවමට ලක්වන කෙනාට විතරක් අමානුෂික වන මරණය ඝාතනය හෝ දුෂණයට ලක්වන තැනැත්තාට බල නොපාන්නේ ඇයි.
නීතියෙන් මරණ දඩුවම දෙන්නේ බරපතල වැරදි සිදු කරන්නන්ට. මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ හොදම නිදසුනක්. ඔවුන් ඒ ජාවාරමේ යෙදෙන්නේ මරණ දඩුවම ගැන හොදාකාරවම දැනගෙනයි. උන්ට අදාළ දඩුවම නොදී තියා ගන්න ඕන නම්, සමාජ විරෝධී කටයුතු වල දැන දැනම යෙදෙනවුන් මහජන මුදලින් ජීවිතාන්තය දක්වා රැක බලා ගන්නේ නැතිව ඔය කියන මානව හිමිකම් ආයතන වලින් එම මුදල් සියල්ල අය කර ගත යුතුයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 195 න් 55 ක් (ඇමෙරිකාව, ජපානය, සිංගප්පුරුව ඇතුළුව) මරණ දඬුවම නීතිගත කරලා විතරක් නෙමෙයි, ක්රියාත්මකත් කරනවා. රටවල 37 ක් අපි වගේ නීති පොතේ තියාගෙන ඉන්නවා. රටවල් 103 යි අහෝසි කරලම තියෙන්නේ. අපි ඉතින් හොස්ස අගින් මැස්සා ගියත් මිනි මරනවා වුනාට මානව හිතවාදීන් නේ. ඒ හින්ද ගෙදරට මරගාතේ වුනත් ලෝකෙට පරකාසේ පෙන්නන්ඩ එපාය.
තව කෙනෙකුගේ ජීවිතයක් බලෙන් බිලි ගන්නා අයෙකුට එහෙනම් කල යුත්තේ කුමක් ද ? පාතාල ලෝකයේ මිනී මරුවන්, කුඩුකාරයන්, කොස් ගෙඩියට හෝ වත්තේ මායිමට ඉවක් බවක් නැතිව මිනී මරාගන්නා දාමරිකයන්, වසර 20 කට පමණ සිර ගෙදරකට යවා, බදු ගෙවන්නගේ මුදලින්, කවා පොවා, ඇඳුම් පැළඳුම් ලබාදී හොඳින් සලකා බලා, යලිත් සමාජයට දැමීමද කරන්න ඕනෑ ? සිහි නැතිවෙන එන්නතක් සමග අතිශය විෂ, ඉක්මනින් ජීවිතය නැතිවෙන එන්නතක් ශරීර ගතකිරීම තමා මෙවැනි අපරාධකරුවන්ට දිය යුතු එකම දඬුවම. පසුගිය දවස්වල දේශපාලකයන්ගේ සමච්චලයට ලක්වුන "විදුලි පුටුවත්" අපරාධකරුවන් වෙනුවෙන් යොදා ගැනීමට හැකි උනත්, එයට වඩා ලාභදායක දඬුවමකි "එන්නත" !!! මෙවැනි දඬුවමක් වසරක් තුල අත්හදා බැලුවොත්, ශ්‍රී ලංකාවේ අපරාධ සංඛ්‍යාව බෙහෙවින් අඩු වනු ඇත !!