වත්තේගම තවලංතැන්නේ සිට කොළඹට තේ ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් හා වැලි ගෙන ඒමට මහියංගනයට යමින් සිටි ටිපරයක් කෑගල්ල රංවල දී ගැටී පාරේ සිටි තරුණයන් දෙදෙනකු හා ලොරි රියදුරකු මිය ගිය බව කෑගල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම තරුණයන් දෙදෙනා අලුයම පහට පමණ පාරේ සිටීමට හේතුව මෙතෙක් හෙළි වී නැතැයි ද, කිසියම් පිරිසක් ඔවුන් දෙදෙනාට පහර දී පාරට ගෙනත් දැමුවේදැයි සැකයක් පවතින බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා රිය අනතුරුවලින් මැරෙන මේ මර රියදුරන් වෙනුවෙන් මෙතෙක් යොදා තිබෙන දඩුවම් මදකම නිසා මෙවැනි දේවල් වෙන්නේ රජය සහ පොලිසිය එක්වී මේ ගැන ඉක්මනින් යමක් කල යුතු කාලයට නොකලොත් දිනෙන් දින රිය අනතුරු වැඩි වෙනවා මිසක් අඩු නොවේ. (ම)
බැංකු,රෝහල් හැර රජයේ කාර්යාල භූමියට ලොකු ඉඩ ප්‍රමාණයක් තිබුනත් වාහන නතර කරන්න නොදීමෙන් පාරේ නවතායාමට සිදුවෙන නිසා අනතුරු වැඩිවීමට හේතුවක්.සමහර ප්‍රධානින්ට තිබෙන කුහක ලෙඩ වලට ප්‍රතිකාර නොදුන්නොත් රට සුන්.අනතුරින් මරණයට පත්වුණ අය ගැන හරිම දුකයි.ඔවුන්ට නිවන් සුව පතමි! (නි)
ලෝකේ නැති මාර්ග නීති අපට තියෙන්නේ, නගරවල මිනිස්සු ඇවිදින තැන්වල වාහන නවත්වල මිනිස්සු යන්නේ පාර මැද. ඉතින් අනතුරුවලට අඩුවකුත් නැහැ.(හේ)
ලංකාවේ මේ වෙන අනතුරු වලට සම්පුර්ණයෙන් වගකියන්න ඕන අපේ පොලිසිය. ලංකාවේ නිතිය වරදක් කළොත් දඬුවම් දීම .මේ ක්‍රමය වැරදි..රියදුරන් වැරදි නොකරන්න පොලිසිය වග බල ගන්න ඕනේ .ෙලංකාවේ පොලිසිය හැංගිලා ඉන්නේ කහ ඉර කපන අය අල්ලන්න වංගුවක් ළඟ හැංගිලා ඉන්නේ තනි ඉර කපන අය අල්ලන්න.ගහක් අස්සේ හැංගිලා ඉන්නේ වේගෙන් යන අය අල්ලන්න.මේ ක්‍රමය සම්පුර්ණ වැරදි ....මම ඉන්නේ කවෙට් වල .මේ රටේ පොලිසිය හැංගිලා ඉන් නැහැ හැම තැනම ඉදිරියෙන් දැනුම් දෙනවා .කාලය කකා පොලිසි වලට වෙලා ඉන්න නිලදාරීන් වැඩි කොටසක් මාර්ග වල සේවයට යෙදෙවොවොත් ගොඩක් අනතුරු අඩු වේවි දැන් ලංකාවේ දවසකට 12 දෙනෙක් මියයනවා ..පොලිසිය මේකට පිලියමක් කරන්න ඔනී (අ)
යෝගනාත ඔබගේ අදහස හා මම එකගවෙමි. මා පදිංචිව සිටින නිවාස ආසන්නයේ ජාත්‍යන්තර පාසලක් ඇත. උදයට සහ දහවල් ඒ ආසන්නයේ ඇති සෑම තැනකම වාහන නවතා පාර අවහිර කරයි. මිනිසුන් යායුත්තේ අවදානමකින්. (හේ)