
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකාවේ බාල වයස්කාර දරුවකු යොදා නිර්මාණය කළ ලිංගික හිංසන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙක්මැක්ස් (NCMEC) ආයතනය ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
වයස අවුරුදු නවයක් පමණ වයසැති දරුවෙකු ගේ දර්ශන සහිතව අන්තර්ජාලයේ සංසරණය වන මෙම වීඩියෝව සැබවින්ම ශ්‍රී ලංකාවේ දරුවෙකු යොදාගෙන නිර්මාණයක කළ වීඩියෝවක් දැයි අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් සිදු කරන බවත්,එම දරුවා ශ්‍රී ලංකාවේ නම් සැකකරුවන් අනාවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශනයක් ආරම්භ කළ බවත්,ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද පැවසීය.
අදාල වීඩියෝ දර්ශන ඇතුලත් වාර්තාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කෙමින්ද පෙරේරා මහතා හමුවට ඉදිරිපත් කළේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට දන්වන ලෙස දන්වමින් විමර්ශනය සඳහා අවසර ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකානු අවිවලින් ඊශ්‍රායලය විසින් පලස්තීන දරුවන් දස දහසකටත් අධික පිරිසක් මරාදමා ඇත. ඒවාට වග කියන්නේ කව්ද?