රෝගියකුට සැත්කමක් කිරීමේදී රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය නිරීක්ෂණය කරන ‘නාඩි වායු මාපකය‘ නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විදුලි සංදේශ ඉංජිනේරු අංශය සමත්වූ බව අංශ ප්‍රධානි ආචාර්ය අජිත් පැස්කුවල් මහතා පැවසීය.
වෙළඳපොළට ඉදිරිපත් කිරීමට හැකි අන්දමේ සාර්ථක ලෙස නිමකළ වායු පීඩන මාපකයක් මෙරට නිපැදවූ මුල්ම අවස්ථාව මෙයයි.
මෙම නාඩි වායු මාපකය යොදාගෙන නොබෝදා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී බෙහෙවින් අවදානම් හා සියුම් සැත්කමක් ඉතා සාර්ථකව සිදුකිරීමට ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් සමත් විය.
ශල්‍යාගාරයේදී මෙන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන්ට වායු පීඩන මාපකය බෙහෙවින් වැදගත් නිරීක්ෂණ මෙවලමකි.
වායු පීඩන මාපක අධික මිලක් ගෙවා විදෙස් රටවලින් ආනයනය කළ යුතුය.
මොරටු විශ්ව විද්‍යාලය ලබාගත් සාර්ථකත්වය සමග නාඩි වායු මාපක විශ්ව විද්‍යාලය තුළ නිපදවා රෝහල්වල අවශ්‍යතාවය සපුරාලීමේ කාර්යභාරය ඉටු කිරීමේ සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන බව ආචාර්ය අජිත් පැස්කුවල් සඳහන් කළේය.
වායු පීඩන මාපක නිපදවීමට හැකි අංග සම්පූර්ණ පර්යේෂණාගාරයක් ප්‍රීමියම් ඉන්ටනැෂනල් ආයතනය විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කර ඇත.
ආචාර්ය නුවන් දයානන්ද මහතාගේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ අනුරුද්ධ තෙන්නකෝන් සහ තිළිණ අඹගහවත්ත පර්යේෂණ ඉංජිනේරුවන් මෙම නිර්මාණය බිහි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රවෘත්තිය කියවීමෙන් පසු මාගේ රුධිර පීඩනය යථා තත්වයට පත්වූවා. ලොකු පිනක් මොරටු සරසවි ඇදුරනි, සිසුවනි. (නි)
සිසුන් පාරට බස්සන දේශපාලන පක්ෂ වල ලොකු මහත්තුරුන්ට මේ පුවත කොහොම හරි පෙන්නන්න ඕනි. ඒ අයට මේ කැම්පස් එකේ බලයක් නැති එක ගැන මට හරි සතුටුයි. උවමනාව තියනවා නම් මේ තියන භෞතික සම්පත් ඕන තරම් ඇති ප්‍රයෝජනවත් වැඩ වලට. මේ වැඩේට මුල් උන සියලු දෙනාටම සුභ පැතුම් (නදී)
ලෝකය තුල අපේ රටේ වටිනාකම කීර්තිය ඔසවා තබන්නට මොරටු ඉංජිනේරු පීඨය දරන උත්සාහය දිනෙන් දින මල් පල දරන එක ගැන අපි ඉතාමත් සතුටින් ආඩම්බර වෙමු. ජයවේවා. (නදී)
බොහොම හොඳ දෙයක්. නිර්මාණය කරලා විතරක් මදි දේශීය නිෂ්පාදකයෙක් අල්ලාගෙන නිෂ්පදනයකරලා අඩු මිලකට ලෝක වෙළඳපොළට ඉදිරිපත්කරන්නත් අවශ්‍යයි.(හේ)
පහසුකම් නැහැ කිය කිය පාරවල් ගානේ රස්තියාදු වෙන්නේ නැතුව ඉතුරු ළමයිනුත් මෙවැනි දේ කරනවා නම් රටට කොච්චර හොඳයිද ? ඔබට ජය (නදී)
අනික් අය උද්ඝෝෂණ කරනවා, මොරටුවේ අය වැඩ කරනවා. (නි)
ඉදිරියටම යමු පුතේ. (නි)
ඉතාමත් සතුටුයි. (නි)
අන්න වැඩ! (නි)
සුභ පැතුම් ! (නදී)
මේ අයට රජයෙන් සහ පෞද්ගලික අංශ වලින් උපරිම සහයෝගය සහ උනන්දු කරවීම් ඉතාමත් අවශ්‍යයි. ඔබ සැමට ජයෙන් ජය. (නදී)
ඉතාමත්ම සතුටුයි. අගය කළ යුතු නිපයුමකි. බටහිරයන්ට පමණක් ඕනෑම දෙයක් කළහකි යැයි අප ජනයා තුල ඇති මනසිකත්වයට හොද පිලිතුරකි. (ර)
දැන් දැන් නව නිර්මාණ බිහිවෙනවා මොරටුව විශ්ව විද්‍යාලයෙන්, පෙනෙන පරිදි අලුත් ලෙස හිතන සහ ඒ දේවල් වලට සහයෝගය දෙන ලොකු මහත්මයෙක් සිටින බව පෙනෙනවා. මේ ලෙස හිතන අය තමයි අපට අවශ්‍ය වෙන්නේ රට දියුණු කරන්න. (ර)
හොඳ වැඩක්. (ර)
හොඳ වැඩක්. අපේ රටෙත් හොද මොළ කාරයෝ ඉන්නවා (නදී)
කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට මේ බව පුද්ගලිකව දැන්වූ විට පවසා සිටියේ මෙම උපකරණයක ආනයනික මිල රුපියල් ලක්ෂ තිස් පහක් පමණ වන බවයි. (නදී)
ඉතාමත්ම සතුටුයි. අගය කළ යුතු නිපයුමකි. බටහිරයන්ට පමණක් ඕනෑම දෙයක් කළහැකි යැයි අප ජනයා තුල ඇති මානසිකත්වයට හොද පිලිතුරකි. (නදී)