මොරටුව විශ්ව විද්‍යාලය නිපැදවු ‘සී හෝක් ‘ නියමු රහිත ගුවන් යානය විදෙස් වෙළද පොළට අලෙවි කිරීමට කටයුතු සූදානම් කරගෙන යන බව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රෝනික සහ විදුලි සන්දේශ අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පැවසීය.
‘සී හෝක්‘ යානය එතෙර අලෙවි කිරීමට සුදුසු තත්ත්වයේ පවතින බව ඒ හා සම්බන්ධ පැවැති සියලුම පර්යේෂණ වලින් ඉකුත් දෙවැනිදා වන විට සනාථ කැරගෙන ඇතැයි මහාචාර්ය මුණසිංහ කීවේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ගුවන් යානයක් පිට රටකට විකිණිමට ප්‍රයත්නයක් දරන ප්‍රථම අවස්ථාව මෙයයි.
‘විදෙස් වෙළදපොළට ගැලපෙන ආකාරයට යානය නිම කැර ඇත. සී හෝක් යානය අලෙවි කිරීමට ප්‍රථම එහි අච්චුවක් නිර්මාණයක් කැරගෙන යයි.‘සාමාන්‍යයෙන් මෙවන් අච්චුවක් නිපැදවීමට රුපියල් කෝටි ගණනක් වැය කළ යුතුය.‘ එහෙත් ඇදහිය නොහැකි ඉතා අඩු මුදලකට නව ක්‍රමවේදයක් අනුගමනය කරමින් එම අච්චුව හදන බවද නිෂ්පාදක කණ්ඩායම කියයි.
‘සී හෝක්‘ යානයේ විශේෂත්වය එය නිපදවීම සඳහා‘සෝලිඩ් ‘ මෘදුකාංගය උපයෝගී කැර ගැනීමයි.ත්‍රිමාන වස්තු ඕනෑම හැඩයකට සටහන් කැරගෙන ලේසර් යන්ත්‍රයකින් තුනී දැවවල හරස්කඩ කැපීමට හැකිවෙයි.
‘සාමානයයෙන් ගුවන් යානා තටු සෘජුකෝණාශ්‍රාකාර හැඩයක් ගනී.මෙම ගුවන් යානයේ තටු කවාකාරය,එම නිසා වැඩි බරක් ඉසිලිමට හැකි වෙයි.‘
මහාචාර්ය රොහාන් මුණසිංහ මහතාගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ චාමික ගමගේ,අනුරුද්ධ තෙන්නකෝන්,සේනක සමරසේකර,රොෂාන් ලලන්ත , එරංග ප්‍රනාන්දු, රජිවී ප්‍රින්ස් ලසන්ත කුරුකුලආරච්චි යන පශ්චාත් උපාධි අපේක්ෂකයින් ඇතුළුව සංජීව ප්‍රනාන්දු එච් ඩී සී පෙරේරා, යු පී ඒ ජගත් ප්‍රියදර්ශි යන තාක්ෂණ නිලධාරිහු ඇතුළු කණ්ඩායමක් මේ උත්සාහයට දායක වුහ.
ඔත්තු බැලීම සඳහා යොදා ගන්නා මෙම යානා කේළමුන් වශයෙන් හැඳින්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොඳ වැඩක්. සෑහෙන්න මහන්සි වෙන්නත් ඇති. අලුත් දෙයක් කලා නම් වඩාත් හොඳයි. (නදී)
විදුර ඒකනායක මහතානනි. දැන් ලෝකයේ ප‍්‍රවණතාව මෙවැනි ගුවන්යානා සෑදීම නොවෙයි. තටු 4 - 6 ආදී යානායි දැන් හදන්නේ. ඔබ මේක ලෝක වෙළඳ පලේ අලෙවි කරන්න හදන්නේ ඩොලර් කීයකටද ? (නදී)
ලක් කොල්ලන්ට ආශිර්වාද සහ සුබ පැතුම්.(හේ)
අපේ අයගේ දක්ෂතා ගැන ගොඩක් ආඩම්බර වෙනවා.(හේ)
ජයවේවා ශ්‍රී ලංකා! (නි)
සතුටුවිය යුතු කාරණාවක් (නි)
මාටින් මාමේ මේ පොඩි උන්ට උඩ අරින්න හදපු චිනගේ ඒවා නෙවෙයි. මොරටු සරසවියේ විශිෂඨයන්ට ජයවේවා ! (නදී)
මාර්ටින්, පුරුදුවෙන්න අපේ අයගේ දක්ෂතා අගය කරන්න, ඊර්ෂ්‍යා නොකර (නි)
අලුත් - අලුත් දේ තනනා ජාතිය ලොව ජය ගනී (දිල්)
වැඩේ නියමයි. (ර)
විශිෂ්ටයි, මුලින්ම අපේ රටේ ආරක්ෂක අංශ වල ප්‍රයෝජනයට ගන්නවා නම් හොඳයි. මෙහි ප්‍රයෝගික ගුණාංග වැඩි දියුණු කොට දේශීය කර්මාන්තයක් වශයෙන් අපනයනය කල හැකියි. (නදී)
රාජ්‍ය සරසවිය ශක්තිමත් කලොත් මේ වගේ රට දියුණු කරන්න පුළුවන්. (ර)
මොරටුව සරසවිය රටටම ආඩම්බරයක්. අනෙක් සරසවි වලට ආදර්ශයක්. අපිට හරිම ආඩම්බරයි අපේ මල්ලිලා ගැන. සැබවින්ම මොරටුව සරසවිය මේ රටට මහා සම්පතක්. (නි)
මොකක්ද මේ නම "කේලමා". (ර)
අපට ආඩම්බරයි රට ගැන, සරසවිය ගැන, ඔබ ගැන (නදී)
මෙවැනි යානා බොහෝ කාලයක සිට බොහෝ රටවල නිර්මාණය කරනවා, ලංකාවත් එම ලෝකයට ඇතුල් වීම ආඩම්බරයක්, ජාත්‍යන්තර වෙළද පොලට දැමිමේදී මෙහි අහසේ පිහාබන කාලයත් දුරස්ථ පාලකයෙන් පාලනය වන දුරත් ඉසිලිය හැකි බරත් බලපානවා, ලාංකික අපට ලොකු ආඩම්බරයක් අපේම කොල්ලන්ගේ වැඩක් නිසා, ජයවේවා.! (ර)
බලන්න ආඩම්බරයි. කොපමණ බුද්ධිමත් දරු පිරිසක් අපේ රටේ ජීවත්වෙනවද? මේවා ජාතික සම්පත්. හරි විදියට නම් තක්කඩියන්ට හොරාකන්න දෙන සල්ලි වලින් මේ දැනුම පිටරටට විකුණන්න නොදී, ඒ දැනුම රටතුළින් උපයාගන්න නිෂ්පාදනයට අවශ්‍ය දේ ඉටුකර දියයුතුයි. රජයක් ඒවට තමයි මහජන මුදල් යොදවන්න අවශ්‍ය (නි)
ත්‍රස්තවාදීන් අතට ගියොත් භයානක ප්‍රතිඵල ඇතිවෙන්න පුලුවන් (නි)
රටටම ආඩම්බරයක්! (නි)
මෙම යානයට වීඩියෝ ලින්ක් එකක් සමග කැමරා එකක් තියෙනවද ? කොපමණ දුරක් යන්න පුලුවන්ද? කොපමණ වෙලාවක් උඩ ඉන්න පුළුවන්ද? (බ)
කරුණාකරලා සිංහයා මෙම ගුවන් යානයේ ප්‍රින්ට් කරන්න. ෆේස් බුක් හරහා ප්‍රචාරය කළ යුත්තේ මේවා මිස රට,ජාතිය,අාගම විනාශ කරන දේවල් නොවේ. (බ)
මේ වගේ උගත් බුද්ධිමත් අය හිටියත් ප්‍රයෝජනයක් ගන්න රටට නායකයෙක් බිහිවුණේ නෑනේ (බ)
රටටම ආඩම්බරයක්! මෙය වැඩිදියුණු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. (නි)
ප්ලේන් එකේ ඉදිරිපස මෝස්තරය අලුත් විදියට නව ආරකින් නිර්මාණය කළොත් නේද හොඳ? (නි)
මේක මොකක්ද, ඔය වගේ රිමෝට් එකෙන් යවන සෙල්ලං ගුවන් යානා (චීනයේ නිෂ්පාදිත) දැන් අඩු මිලට ලංකාවේ බොහෝ සුපිරි වෙළදසැල් වල තියෙනවා . රු 8000/= කට විතර (නදී)
මගේ උතුම් පැතුම මෙවැනි අය රටටම ආදර්ශවත් පිරිසකි ගෞරව කරමි.(නදී)
මාටින් අයියේ, චීනයේ ගොඩක් දේවල් හදනවා. අපි ඒවා ගන්නවා. අවසානයේ ආර්ථිකය ශක්තිමත් නැහැ කියල දේශපාලකයන්ට බැන බැන ඉන්නවා. ඔයාටත් පුළුවන් නම් රටට අවශ්‍ය කරන දේවල් රට තුලම නිපදවන්න උදව් කරන්න. (නදී)
මෙික හොද අදහසක්. මම ලාංනිකයෙක් වශයෙන් දුටු සිහිනයක් සබැ විමක්. අපි දැන් ලෝකයට විවෘත වු රටක් ජයවෙිවා! අපේ හපනුන්ට ඉදිරියටම යන්න, බාධක නොතකා. (ර)
උදවු කරන්න අය ඉන්නවා නම් මීටවඩා ලොකු වැඩකාරයෝ අපේ රටේ ඉන්නවා. මේවා ගැන කතාකරලා වැඩක් නැහැ. (නි)
මේ සඳහා මුදල් අවශ්‍ය වෙනවා. අරමුදලක් පිහිටුවන්නේ නම් අපිත් අත දෙනවා. අපිත් මෙතන අධ්‍යාපනය ලැබුව නිසා.(හේ)
මොරටු සරසවියට ජයවේවා.(හේ)
මෙවැනි දේවල් වටහාගන්න තරම් මාටින්ගේ මොලේ මෝරලා නැහැ වගේ තවම. කාලයත් සමග ඕවා හරියාවි.(හේ)
මාර්ටින්: මේක රිමෝට් එකකින් යවන සෙල්ලම් ගුවන් යානයක් නෙවේ. මේකට අපි කියන පථයක් දිගේ පැයක් පමණ පියාසර කරන්න පුළුවන් ගුවන් නියමුවකුගේ සහයක් නැතුව.(හේ)