ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ළඟදීම නියමුවන් රහිත ගුවන් යානයක් (කේලමා) ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවියට ඉදිරිපත් කිරීමේ සැලසුම් සකසාගෙන යන බව මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ ඉංජිනේරු අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළට ඉල්ලුමක් පවතින අමෙරිකා හා යුරෝපීය නියමු රහිත ගුවන්යානාවලට බෙහෙවින් සමාන ඉහළම තාක්ෂණයෙන් හා සිත්ගන්නා සුළු පෙමකින් යුත් මේ යානය ආසියාවේ නිර්මාණයක් බවට බැලූ බැල්මට නොපෙනෙන බවද මධ්‍ය පරිමාණයේ ගුවන්යානයක් වන මෙහි බර කිලෝ පහක් පමණ වෙයි. පැයකට කිලෝමීටර් අසූවක වේගයෙන් ගමන් කළ හැකිය. කිලෝ දෙකක බර රැගෙන යාමට පිළිවන. බැටරියෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙයි.
‘‘පියාපත් කවාකාරය. බඳ මාළුවකුගේ හැඩයකින් යුක්තය. මෙම හැඩ හේතුවෙන් සුළඟට දක්වන ප්‍රතිරෝධය අඩුය.“
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ට වැඩක්. සුබ පැතුම්! (නි)
අපේ ලංකාවේ මොනතරම් දක්ෂ මිනිස්සු ඉන්නවද? (නි)
මෙන්න වැඩ ! මහාචාර්ය තුමා ඇතුළු සියලු දෙනාටම මගේ ආචාරය !(හේ)
මෙකේ පින්තුරෙකුත් දැන්මනම් තමයි වටින්නේ.අපේ රටට සුභ ආනාගතයක් පතනවා.ජයවේවා.(හේ)
පසුගිය ඉරිදා (7) උදේ 6.15 ට විතර ගාලු මුවදොර පිටියේදී මම දැක්කේ එහෙනම් මේක වන්න ඇති. (ර)
මව්බිමට නව බලාපොරොත්තුවක්..අපේ රටේ විශිෂ්ටයන් (දී)
මේ වැඩේට අපි කවදත් දක්ෂයිනේ (දී)
ඕවා අපාගත වෙන වැඩ (දී)
මේවා කොච්චර හොඳ වැඩද. (ර)
ශ්රී ලංකාව නැගී සිටිය යුක්තේ අපේම නිර්මාණ තුලින් දේශීය නිෂ්පාදන වලට මුල්තැන දෙන්න අපේ බුද්දිමත් දරුවන්ගේ දක්ෂතා අගය කරන්න අද කොරියාව චීනය ජපානය ඉන්දියාව මැලේසියාව ආසියාතික රටවල් ඉදිරිය එන්නේ නව නිපැයුම් තුලින් රටේ බුද්දිමතුන් වෙනත් රටවලට ගමන් කරන්නේ ශ්‍රී ලංකාවේ දැනුමට තැන නැති නිසා මෙය කණගාටුවට කරුණක්! (දී)
වැඩේ නියමයි, උණූසුම් සුභ පැතුම්!(හේ)
මීට කලින් යුද්ධෙ තිබුන කාලයේත් "කේලමෙක් " රත්මලාන පැත්තේ කරක් ගැහුවා මතකයි.ඒක කාගේ නිර්මාණයක්ද නම් දන්නේ නැහැ (නි)