මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ අංශයේ නිර්මාණාත්මක ‘සී හෝක්‘ නියමුවන් රහිත ගුවන් යානය නිල වශයෙන් හඳුන්වාදී නියමු රහිත ගුවන් යානා පර්යේෂණ මධ්‍යස්ථානයද විවෘත කැරිණි. තව මාස කීපයකින් ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවි කිරීමටද නියමිත ය.
විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ අංශයේ පීඨාධිපති මහාචාර්ය අනුරුද්ධ පුස්වෙවෙල, අංශ ප්‍රධානි ආචාර්ය අජිත් පැස්කුවල් හා යානය නිර්මාණය කිරීමට මඟ පෙන්වමින් අධීක්ෂණය කළ මහාචාර්ය රොහාන් මුණසිංහ යන මහත්වරුද ඉන්ද්‍රා දයාවංශ මහත්මියද ඒ අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා ජාතික කොඩියේ අභිමානවත් බව දැක්වෙන අසිපත රැගත් සිංහ රුව ගුවන්යානයේ තටු දෙකෙහි සටහන්ව ඇත.
අමෙරිකාව සහ යුරෝපීය රටක නිර්මාණයක් ලෙසට බැලූ බැල්මට මෙම යානය දිස්වෙතියි එහි නිර්මාණකරුවෝ කියති.
ලේසර්, කාබන් ෆයිබර්, ෆයිබර් ග්ලාස් යනාදී අමු ද්‍රව්‍ය යොදා බල්සා දැව යොදා මෙම යානය නිර්මාණය කර ඇත.
බී.ඇස්.සී විද්‍යාවේදී උපාධි අපේක්ෂක චාමික ගමගේ සහ රොෂාන් ලලන්ත පර්යේෂණ සහායකයින් ලෙසද අනුරුද්ධ තෙන්නකෝන්, එරංග ප්‍රනාන්දු, සංචිත පියුමාල් සහ සංජීව ප්‍රනාන්දු ඇතුළු පිරිස මෙම යානය බිහි කිරීමට දායකත්වය දුන්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දරුවන්ගෙ කුසලතා ඉහලින් අගයා අත්පොලසන් දෙනවා සියලු දරුවන්ට ජයවේවා ...(බ)
ඉතාම හොඳ වැඩක් (නි)
රටක් ජාතියක් වශයෙන් ලෝකෙටම අපේ හැකියාවන් තව තවත් පෙන්වමු. ලක් මෑණියගෙ දරුවන් හට ජයවේවා! (නි)
මෙය තනන්නට වෙහෙසවූ , දිරිය දුන්, තාක්ෂණය ලබාදුන් සියල්ලන්ට ලක්වාසියෙකු වශයෙන් මම ස්තුති කරමි. ආඩම්බර වෙමි. මෙවැනි ලක් පුතුන් අපේ රටේ සිටීම, දියුණු වන ලෝකය සමඟ කරට කර සිටීමට අපට හැකියාව ඇති බව ඔප්පු කිරීමකි. ඔබ සැමට ජයෙන් ජය ලැබේවා! (නි)
ඇත්තටම ආඩම්බරයි. සතුටට කරුණක්. මේ වගේ පොඩි දේවල් වලින් පටන්ගෙන ඉදිරියට යන්න පුළුවන්. එහෙත් මේවාට අත හිත දෙන්න බලධාරීන්ට උවමනාවක් නැහැ. ඒකයි දුකට කාරණය. මේ වාගේ නිර්මාණ සියගණනක් එනිසා ලත්තැනම ලොප්වෙලා තියෙනවා. (නි)
දේශපාලුවෝ බයිලා ගහ ගහා ඉන්නවා. අපේ කොල්ලන්ට සපෝර්ට් එකක් දුන්නා නම් නරකද? (නි)
ඔබට තව නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා! (නි)
මේවාට අදහස් දඩුයි. හොඳ දේවල් වලට අද තැනක් නැහැනේ.... (නි)
මේවාට අතහිත දෙන්නේ කොහොමද සත්‍යපාල? ගොඩක් අය බලන්නේ තමන්ගේ වාසිය විතරයි (නි)
හරිම සතුටට කරුණක්. ඔබ සියළු දෙනාටම සුභ පැතුම්. ප්‍රශ්නයකට තියෙන්නෙ ලංකාවෙ බලධාරීන් මේක මොන විදියට බාර ගනියිද කියලයි. කොහොම වුණත් මේ තරුණයන් සියල්ලම මව්බිමට ආඩම්බරයක්. (නි)
දිරිය පුතුන්ට සුබ පැතුම්! (නි)
සුපිරි වැඩක්. ජය වේවා! අර්ෆත් කියනවා වගේ අපේ මිනිස්සු කැමති කුණු ගොඩවල් වැනි පුවත් වලට. ඒ දේවල් දේශපාලකයෝ තේරුම් අරගෙන තියෙන්නේ (නි)
තව තවත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට දිරිය ලක් පුතුනුවන්ට හැකි වේවා.! (ර)
සැබෑම දක්ෂයෝ සෑහෙන ප්‍රමාණයක් ලංකාවෙි ඉන්නවා. තවත් ඉපදෙනවා, ඒත් ඔවුන්ව දිරිමත් කරන්න හෝ ඔවුන්ගේ නිර්මාණ වැඩිදියුණු කරන්න මෙතෙක් කිසිදු රජයක් ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කර නැති බවයි මගේ විශ්වාසය. හැබැයි හැකියාවන් උපන්ගෙයිම මරල දාන්න, නැවත කිසිදු නිර්මාණයක් නොකරන තත්වයට වග බලා ගන්න ඔින තරමි පුද්ගලයෝ ඉන්නවා. (නදී)
මහාචාර්ය රොහාන් මුණසිංහ මාගේ මොරටුව විශ්ව විද්‍යාල සඟයෙක්. ඔහු ඉලෙක්ට්‍රොනික් හා අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධ මහා දැනුම ඇත්තෙක්. ඔහුගේ නායකත්වයෙන් තව නිර්මාණ රටට හඳුන්වාදීමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි (නි)
ජය වේවා! (නි)
මගේ රටේ කොච්චර දක්ෂයෝ ඉන්නවද.? අපේ ලක් මාතාවගේ අභිමානය ලෝකෙටම පෙන්නමු. (ර)
අපේ සිහින සැබෑවෙමින් යන කාලයක්!! (නි)
දියව්.... දියව්.... කියල පාරට බැහැලා කෑගහන්න ඕනෑ මෙන්න මේ වගේ වැඩක් කරලා ඒවාට අදාල අංශ වල සහයෝගය නැතිවිටයි. හරි අපූරුයි. ඔබ සැමට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. (නි)
අපේ අය ඉතින් පිටරටින්නේ ගන්නේ සේරම වැඩි ගානට (නි)
අනර්ඝයි. ඔබලාට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා.! (ර)
අපේ කොල්ලන්ට වැඩ පෙන්වන්න පුලුවන් කියලා ලෝකයට තවත් පෙන්වමු. තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
මේක ඉතාම වටිනා නිර්මාණයක්. නියමුවන් රහිත ගුවන් යානා යුද්දේ කාලේ ගත්තේ විශාල මුදලකට. මෙය වැඩිදියුණුකර එම කාර්යම කිරීමට පුළුවන් වේවි. ඉදිරියේදී මෙමගින් විදේශ විනිමය සොයා ගන්න පුළුවන්. සියලුම දෙනාට මගේ ප්‍රණාමය. (බ)
මේ වගේ දේවල් වලට නේද රජයෙන් අත හිත ලැබෙන්න ඕන. ? මානව සම්පත් සහ කුසලතා සංවර්ධනය කියන්නෙත් රටේ සංවර්ධනයේ කොටසක්. (බ)
හරිම සන්තෝෂයි. මේ තරුණයන්ට අනුග්‍රාහක පහසුකම් ලැබෙනවා නම් තවත් නිර්මාණ බිහි කරාවි. (බ)
අනෙක් දේවල් කෙසේවෙතත් මෙන්න මෙහෙම දේවල් වලටවත් ඉහළින් අනුග්‍රහය ලැබෙනවා නම්! (නි)
විශ්ව විද්‍යාල වල මෙනි පර්යේෂණ දහසකුත් අැත. මුදල් හිඟකම සහ කිසිවෙකුගේ අවදානයක් යොමුනොවීම මේ දේවල් අභාවයට යෑමට හේතුවයි.මොනවා වුණත් මොරටු සහෝදරයන්ට සුබ පතනවා. (නි)
සාර්ථක ගමනක් යන්න සුභ ප්‍රාර්ථනා කරන ගමන්ම පොඩි දෙයක් කියන්න හිතුනා. ලංකාවේ අපිට හරිහමන් ප්‍රචාරයක් ,නැත්නම් ඉදිරිපත් කීරීමේ හැකියාව නම් හරිම දුප්පත්. අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙකුට තේරෙනවා බැලු ගමන් නිශ්පාදනයකට තිබෙන ආකර්ශනය මොනතරම් වැදගත්ද කියා. යටින් හපේ තිබුනත් උඩින් ඔපේ වැඩිකරලා පෙන්නන්නම ඕනෑ. මේ වගේ උපකරණයක් ගල්ෆ් රටක එහෙම තිබුනා නම් බලාගන්න තිබුනා මොනතරම් වර්ණනාවක් කරලා අන්තර්ජාතික අවධානය පවා ලබාගන්න ආකාරය. (නි)
තව තවත් අලුත් නිර්මාණ බිහිවේවා! (නි)
මෙන්න මෙවාට තමා වැඩ කියන්නේ. (ර)
අති විශ්ෂ්ටයි පුතණුවනි! (නි)
සමහරුන් අපේ බදු මුදල් නාස්ති කරමින් විශ්ව විද්‍යාලවල පිස්සු නටද්දී සැබෑ දක්ෂයන් තමන්ගේ සම්පූර්ණ අධ්‍යාපන කාලයම ඒ වෙනුවෙන් වෙන් කරලා රටට කීර්තියක් ගේනවා. අපේ බදු මුදල් වලට මෙවැනි නිර්මාණ කරුවන් ණය නැහැ. මෙවැනි ශිෂ්‍යයන් ගැනත් මෙවැනි ආචාර්ය වරු ගැනත් ආඩමබරයි. කුමන දුෂ්කරතා මධ්‍යයේ වුනත් දක්ෂයන්ට ඉගෙන ගැනීමේ මාර්ගත්, ඉගෙනීමෙන් පසු රැකියාවත් අපේ රටේ තියෙනවා. ගුණත්වයෙන් පහල කට්ටිය දියව් දියව් කියලා පිනට ඉල්ලනවා. (නදී)
ඇමරිකාව වගේ රටවල ඉස්කෝල ළමයින්ගේ වැඩක් (නදී)
සුබ පැතුම්. රට දියුණුකරන්න මෙවැනි ඉන්ජිනේරුවන් රටේ රදවාගන්න වැඩපිලිවෙලවල් තව ඕනේ. (නදී)
මහින්ද මහත්තයා හිටිය නිසා මේ රටේ කැම්පස් වහන්නේ නැතුව ළමයි ඉගනගන්න නිසා ඕවා කල හැකියි. එහම නොවෙන්න ගල්කටස් තමා හදන්න වෙන්නේ. ජය. (නදී)
මේකේ හැකියාවන් ගැන විස්තරයක් (ටෙක්නිකල් ස්පෙසිෆිකේසන්ස්) තිබුනා නම්, පොඩි ළමයින්ගේ සෙල්ලම් ගුවන් යානයකුයි මෙකෙයි අතරේ වෙනස හොයාගන්න තිබුනා. (නදී)
නියමයි ! (නදී)
ගල්ෆ් රටක? (නදී)
සිංහලයින් යනු විශිෂ්‍ඨ ජාතියක් බව ලොවටම කියාපාන අෙප් විරයන් (නදී)
මේවා විහිලු වැඩ. ලෝකේ කොච්චර රටවල් වල ඕව හදනවද. ඕකක් ඇමෙරිකාවේ හැදුවේ 1940 ගණන් වල. හැදුවට කමක් නැහැ, නිකන් වේ වගේ මෝඩ චුන් ගන්නේ නැත්තන්. (අ)
ශ්‍රි ලංකාවේ නාමය ලොවට රැගෙන යන්නට ඔබ සියළු දේනාට ශක්තිය ධෛරිය ලැබේවා (අ)
නිර්මාණයට මඟ පෙන්වූ සහ නිර්මාණයට බුද්ධි සහ ශ්‍රම දායකත්වය දුන් සියලු දෙනාටම ලාංකික අභිමානයෙන් යුතුව සුභාපතන අතර ඉංජිනේරු සිසුන්ගෙන් කාරුණිකව ඉල්ලසිටින්නේ උපාධිය ලබාගැනීමෙන් පසු වැටුප් පසුපස හඹා ගොස් කළමනාකරුවන් නොවී දිගටම ඉංජිනේරු නිර්මාණකරණයේ යෙදෙන ලෙසයි. (නදී)
සියලුම පුත්තුන්ට තෙරුවන් සරණයි. ලංකාවට ලොකු නම්බුවක්. (නදී)
අලුත් අලුත් නිර්මාණ ලොවට හදුන්වාදී ජාත්‍යන්තර තලයත් ජයගෙන රටට කීර්තිනාමයක් ලබාදෙමින් ඔබ සියලුදෙනා කරන මෙවැනි උත්සාහයන් හට හිස මුදුනින් ආචාර කරමි. (නදී)
ආසියාවේ අස්චාර්ය වීමට ඔබගේ දායකත්වය විශාල පිටුවහලක් වේවි (නදී)
විශිෂ්ඨයි! (ස)
අගය කලයුතු වැඩක්. අපේ රටෙත් දක්ෂ අය ඉන්නවා. (ස)
මේවා යුද්දෙට විතරක් නවෛයි පාරවල් වල වාහන හසුරුවන්නත් භාවිතා කරන්න පුලුවන්. (ස)
වැදූ මවත් ඔබ උපන් රටත් රැක ගන්න පුතේ ඇස් දෙකවාගේ. මේ වැනි දරුවන් ලක්මව තුරුලේ නැලවෙයි මතු දා සැනසිල්ලේ (නදී)
සුබ පෙතුම්.! (ර)
ඉතාම හොඳ වැඩක්, අති විශ්ෂ්ටයි. තව නිර්මාණ රටට හඳුන්වාදීමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.. (දී)
ඔබට ජය.(හේ)
රටේ අනාගතය පැත්තෙන් බැලුවොත් අපේ රටේ දරුවන්ට තාක්ෂණික දැනුම ලබාදීම ඉතාමත්ම වැදගත් බවයි මගේ අදහස. ඒ සදහා පොදුවේ ජාතික රූපවාහිනියට විශාල මෙහෙයක් කරන්න පුලුවන්. නමුත් මේවා කරන්නෙ නැත්තෙ මොකද ? තව තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට මොරටු සරසවි දූ පුතුන්ට වාසනාව ධෛර්ය ලැබේවා. (නදී)
ඉතා හොද වැඩ. මේවා යුද්දයට පමණක් නොවෙයි වනාන්තර නිරීක්ෂණයට, රථවාහන තදබදය හදුනාගන්න, ගොවිතැන් පාලුකරන අලි ඇතුන් පන්නන්න. මංකොල්ලකරුවන් හබා යන්න යොදා ගන්න පුලුවන් (නදී)
මේවා ලොකුවැඩ නෙමෙයි කියන කවුරු හරි ඉන්නවනම් ඔහු ශ්‍රි ලාංකිකයෙකු නොවේ,,,,(අ)
ලෝකයේ වෙනත් රටවල් දියුණුවේ හිනිපෙත්තට නැඟීමට උරදෙන මෙවැනි දක්ෂයන් තම දේශයේ අගනා මාණික්‍ය සේ සළකනමුත්, අපේ මොළකාරයින් අපට අහිමිවන පරිදි වෙනත් විදෙස් රටවල සේවයට ගිය/යන ඛේදජනක අවස්ථා මෙනෙහිකර හෝ මොවුන්ගේ අගනා සේවය අප දෙසට හිමිවන පරිදි මොවුන්ගේ අනාගතය සුරක්ෂිත කළයුතුය (නි)
තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා! (නි)
විශිෂ්ටයි, රජය මේ හැකියාවන් සහ මේ වියදම් රටට වැඩදායි කලයුතුය. නැතිනම්, මේ හැකියාවන් පිටරැටියන් මිලදී ගනු ඇත. නැතිනම් මේ දරුවන් රටහැර යනු ඇත. සියලුදෙනා හට ජය.(අ)
මේ වගේ නිර්මාණ බිහිකරන පර්යේෂකයන් රටට මහඟු සම්පතකි. එහෙත් දේශපාලකයෝ බුද්ධිමතුන්ට රටේ තැනකට එන්න දෙන්නේ නැහැ. ඔබ සියලු දෙනාට අනාගතය ජයෙන් ජයම වේවා ! (නි)