
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානවලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට දැඩිව සැලකිලිමත් වන ලෙස ඇමෙරිකාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ රුසියාව සිය සංචාරක උපදේශනයන් යාවත්කාලීන කරමින් අනතුරු ඇඟවීම් නිකුත් කළේය.
සිය කාර්ය මණ්ඩලයට අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම වළක්වාලමින් වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරක තහනමක් පැනවීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඊයේ(23) කටයුතු කළ අතර ඒ පිළිබඳ ආරක්ෂක නිවේදනයක්ද නිකුත් කළේය.
ඇමෙරිකානු තානාපති කාර්යාලයේ එම ආරක්ෂක නිවේදනය උපුටා දක්වමින් ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, සහ එක්සත් රාජධානිය සිය සංචරක උපදේශනයන් යාවත්කාලීන කරමින් අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර රුසියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නිල ප්‍රකාශය උපුටා දක්වමින් අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිවේදනයට දැඩිව අවධානය යොමුකරන ලෙස ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, සහ එක්සත් රාජධානිය නිකුත් කළ අනතුරු ඇඟවීම් වල සටහන්ව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අන්තවාදීන් ගේ කුණු ප්රශ්නය අපේ රටට ගෙන ඒම වළකා ගැනීමට, වර්ථමාන රජය කෙසේ වෙතත් වගකීමක් ඇති සියලු ආරක්ෂක අංශ කටයුතු කර සාමාන්‍ය ජනතාව සහ රට ආරක්ෂා කර ගනීවි යැයි බලාපොරොත්තු වෙමු...
දැනට රටේ ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත්වෙන්න බෑ කියන එකයි මෙයින් පැහැදිලි වෙන්නේ. දක්ෂ පලපුරුදු නිලධාරින් ඉවත් කරලා සෑම ලොකු තනතුරකටම තමන්ගේ දේශපාලන වේදිකාවට නැග්ග ගැත්තන් පත්කෙරුවාම ප්‍රතිඵලය මේක තමයි...!
අනිත් ඔක්කෝම රටවල් වලින් දන්නවා හරියටම ලියුම තියාගෙන හංගාගෙන හිටපු කෙනා තමයි දැන් ලොක්කා, ඒක නිසා අනිවාර්යෙන් බඩු බනිස් කියලා. ඒක තමයි අපේ ආරක්ශක අංශ වලට කියන්නේ නැතුව කෙලින්ම වොර්නින් නිකුත් කරන්නේ. ලැජ්ජයි කියන්නේ විලි ලැජ්ජයි හොඳේ....!
ඩොලර් එකේ අගය අඩු වුණාම ඒ අය බොරු බයක් මවනවා. චීනය, ඉන්දියාව, රුසියාව සහ අනෙකුත් රටවල් එහෙම අනතුරක් ගැන සඳහන් කරලා නෑ (ප්‍රවෘත්තියේ වැරැද්දක් නිසා රුසියාව කියලා සඳහන් කරලා මට පේන්නේ). මේක සංචාරක කර්මාන්තය අඩපණ කරන්න ගහපු උප්පරවැට්ටියක් වගේ...!
ඉතින්, අපි ඔත්තු සේවය බාහිරින් ලබා දිය යුතුද? මොනතරම් ඛේදවාචකයක්ද? එක පැත්තකින් අපි ශානි ආයෙත් පොලිසියට නායකත්වය දෙනවා. තවත් පැත්තකින් පහරදීමේ තර්ජනයක් තියෙනවා වගේ... මේක බරපතල ප්‍රශ්නයක්. කෝ අපේ බුද්ධිය? අපි ආර්ථිකය කළමනාකරණය කළා විතරයි. දැන් නැවතත් සංචාරක ප්රශ්නය මතු වෙනවා. මෙය RAW උපක්‍රමයක් විය හැකිද?
යෝගා සලේ ආයෙත් වැඩ පටන්ගන්න ගන්න වගෙයි නේද හදන්නේ? ඔයා සලේට මතක් කරලා දෙන්න රනිල් මයිත්‍රි හවුල එක්ක ගැහුව ගේම් සලේට මාලිමාවත් එක්ක බැරි විත්තිය...!
මේක ඔය දේශපාලනික වශයෙන් අනාථ වෙලා ඉන්න හොරිකඩ රෑනයි, හොරා මරායි, එයාගේ පුතායි, අර ගොම්මංපිල වගේ හරක් සෙට් එකයි, අර හිරේ යන්න ඉන්න හොර රැලයි, ඇන්ටිජන් ජයායි, හොර තුවක්කු සේනා, කරපු වැඩක් වෙන්න බැරිද...?
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාණෙනි, කරුණාකර මේ රටේ සිටින සියලුම විදේශීය හමුදා භටයින්ට මේ රටෙන් ඉවත්වන්න නියෝගයක් කරන්න. රනිල් වික්‍රමසිංහ කියන ඇමෙරිකන් සට්ටැඹී නාකියාගේ තවත් වික්‍රමයක් !!! 1947 සිටම පලස්තීන ජාතිකයින්, දරුවන්, ගැහැනුන් මරමින් ලේ පිපාසයෙන් තම රට විශාල කරගැනීමේ අමානුෂික මෙහෙවරක යෙදෙන ඊශ්‍රාෙයල් ජාතික හමුදා භටයින්ට මානසික සුවය ලබාගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දුන්නේ ඔය නාකි පාවාදෙන්නයි. දැන් අරාබි ත්‍රස්තයින් ඉස්රායල් කාරයින්ව හොයාගෙන මේ රටට ඒවි ඔවුන්ව මරන්න. අන්තිමට මේ රට ආයෙත් ලේ විලක් වේවි. එය ඇමෙරිකාවටවත් ඔවුන්ගේ ගෝලබාලයින්ටවත් ප්‍රශ්නයක් නොවේ. දුප්පත් අපේ රටේ ජනතාව නැවතත් දුක් කන්දරාවකට මුහුණ දෙන ජාතියක් වේවි.