මොරටු සරසවියේ උපාධිධරයකු බව කියන මෙන්ඩිස් ලියනගේ වසන්ත නොහොත් මොරටු වසන්ත (46) ඉන්ටපෝල් ජාත්‍යන්තර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට එවනු ලැබ සිටී.
ශ්‍රී ලංකාවේ සිටියදී හෙරොයින් මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ වලට සම්බන්ධ වී යැයි කියන ඔහු තායිලන්තය, ඉන්දියාව හා පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත්කුඩු එවීයැයි කියන තොරතුරු ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මොරටුව කටුබැද්දේ සුරම්‍ය පෙදෙසේ පදිංචිකරුවෙක් වන මොහු 28 හැවිරිදි තරුණියක හා විවාහ වී සිටින මොරටු වසන්ත පාතාලය සමගද සබඳකම් ඇත්තකු බව කියති.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙරට පොලිසිය මොරටු වසන්ත අත්අඩංගුවට ගැනීමට සොයද්දී 2013 වසරේ දෙසැම්බර් 6 වැනිදා ඔහු ඉන්දියාව ඔස්සේ සිංගප්පූරුව පළාගිය බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට වසර තුනක් තිස්සේම නොහැකිවූ බවද දැනගන්නට ඇත.
ඉන්දියාවේ හා පාකිස්තානයේ පාතාලය හා එක්වෙමින් ශ්‍රී ලංකාවට මත්කුඩු එවීයැයි සැකපිට ඉන්ටපෝල් පොලිසිය මොහු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කැර තිබිණි.
ඒ අනුව තායිලන්ත පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබ බැංකොක් නුවර සිට පසුගිය සෙනසුරාදා (26) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශයට බාර කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් කුඩු ජාවාරම් කාරයෙක් තත්වය බරපතලය (බ)
කවුද දැන් කුඞු ඒජන්තවරු? අපිද? (බ)
දැන් මේවට අදාල ලොක්කෝ කෝ. එයාල ඔහේ නිදහසේ ඉන්නවා. (ර)
අන්න ලංකාවේ දේශපාලකයෝ පොරකාවී මොහු වෙනුවෙන් පෙනී සිටින්න මේ උපාධිධරය තනියෙන් මේ වැඩ කරන්නේ නැතුව ඇති (බ)
අධ්‍යාපනය තුළින් දියුණු සමාජයක් හැදිය හැකිය යන මගේ මතය ඉවත් කර ගන්නවා සරසවිය ඉදිරිපස ඇති සමාජ රටාව සිසුන් නොමගට යොමු වෙනවා ගංජා මිටි එකල සුලබ වුනා අපේ සාක්කු වල දමාගෙන දේශන වලට ගියා 1978 1979 කාලේ (බ)
මොරටුවෙන් එලියට එන්නේ ඉන්ජිනේරුවොයි ගෘහ නිර්මාණ ශිල්පියෝයි විතරයිනේ, ඉතින් එහෙම සුදුසුකම් තියෙන කෙනෙක් මෙහෙම වැඩකට යොමු වුනා කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද? (බ)
අයියෝ කුඩු තියෙන්නේ මිනුවන්ගොඩනේ. රෑට අපේ ගෙවල් කඩනවා දල්ට කුඩු උරනවා. පොලිසිය කියනවා අහිංසක කුඩුකාරයෝ කියලා. (බ)
මොරටුව සරසවියටත් ,නිදහස් අධ්‍යාපනයටත් අවමානයක්. රටට කුඩු විකුණා සැපවත් ජිවිතයක් ගෙවන්නට ඇති කරගත් ආකල්පයම කොතරම් දුෂ්ටද? මෙවැනි මිනිහෙක් රටට කළ විනාශය, නුගත් රස්තියාදුකාරයෙක් කුඩු විකුණා කරන විනාශයට වඩා බරපතලයි. (බ)
ජත්‍යන්තරයෙත් නම තියපු මේ කුඞු උපාධිධාරයට පළමු නඞුවාරයේදීම ඇප ලබාදිය යුතුයැයි මා යෝජනාකරමි. (බ)