IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


මෙරට වෛද්‍යවරයකුට ඇමෙරිකාවේදී සිර දඬුවම්

(විමුක්ති එස් රුද්‍රිගු)

සෞඛ්‍ය සේවා සැපයීමේදී ඇමෙරිකානු ඩොලර් 840000 කට ආසන්න මුදලක් එරට රජයට වංචා කිරීම පිළිබඳ වරද පිළිගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ට්‍රැට්ෆර්ඩ් නගරයේ වෛද්‍ය සායනයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකුට බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය වසර හතරක සිර දඬුවමක් නියම කළේය.

ආනන්තකුමාර් තිලෛනාතන් නම් මෙම වෛද්‍යවරයා පසුගිය නොවැම්බර් මස වංචා කිරීම පිළිබඳ එල්ල වූ චෝදනාවට තමන් වරදකරු යැයි පිළිගෙන ඇති අතර අධිකරණය දඬුවම ප්‍රකාශයට පත් කරන තෙක් බැඳුම්කරයක් මත නිදහස් කර තිබේ.

මෙඩිකෙයාර් නම් වෛද්‍ය සායනයේ හිමිකරු මෙන්ම සභාපතිවරයාද වන ආනන්තකුමාර් තිලෛනාතන් නම් මෙම වෛද්‍යවරයා ඔහුගේ රෝහලට පැමිණෙන රෝගීන්ට එහි සේවය කරන කාර්ය මණ්ඩලය මනෝ චිකිත්සක සේවා ලබා නොදෙන බව දැන දැනත් රෝගීන්ට මනෝ චිකිත්සක සේවා ලබා දීම වෙනුවෙන් රාජ්‍ය මෙඩිකේඩ් සෞඛ්‍ය රක්ෂනාවරණයෙන් ඇමෙරිකානු ඩොලර් 840000 කට ආසන්න මුදලක් අය කරගෙන ඇතැයි ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

වසර හතරක සිර දඬුවම ගෙවා නිම කිරීමෙන් පසු තවත් වසර තුනක් පරිවාස නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ සිටිය යුතු බව බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණයේ දිසා විනිසුරු ස්ටෙෆාන් අන්ඩර්හිල් මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කර ඇත.

එසේම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් ආපසු ගෙවීමට නියෝග කර ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදලක් දින 60 ක් ඇතුලත ගෙවීමට බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය නියෝග කර ඇතැයි ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

 



අදහස් (10)

මෙරට වෛද්‍යවරයකුට ඇමෙරිකාවේදී සිර දඬුවම්

kamal Sunday, 30 April 2023 03:20 PM

දොස්තර කෙනෙක් නිසා මෙයා සමාජයේ ඉහළ තරාතිරමක් දරන වැදගත් කෙනෙක් නිසා නිදොස් කොට නිවහල් කරාවි.

:       22       4

PereraMonday, 01 May 2023 05:28 AM

එහෙම වෙන්නේ ලංකාවේ. මේ ඇමෙරිකාවේ. නීතිය කාටත් පොදුයි.

:       0       2

Piyal weerasinghe Monday, 01 May 2023 09:04 AM

ලංකාවේ මේ සිද්ධිය වුණා නම් නිදොස් කොට නිදහස් ?

:       1       0

කොට්ටෝරුව Sunday, 30 April 2023 07:04 PM

කොට්ටෝරුවා හැම ගහකටම හොට ඇන ඇන යනවා. කෙහෙල් ගහට කොටපු දාට හොට තදවෙනවා.. ඇමරිකාවේ කෙහෙල් ගස් තිබුණාට ලංකාවේ නැහැ කියලා තේරෙනවා...

:       2       30

sam Monday, 01 May 2023 12:15 AM

අනිවාර්යයෙන්ම මයිනලගෙ , කපුටලගෙ, ගොන්ටලගෙ, චමලයලගෙ නෑ යෙක්.

:       0       1

Lalith Monday, 01 May 2023 04:03 AM

ඔහු එක් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකි. මෙඩිකෙයා අවභාවිතය සම්බන්ධයෙන් ලාංකික වෛද්‍යවරු බොහෝ දෙනෙක් සිරගතව සිටිති .එය ගූගල් කර බැලුවහොත් ඔබට පෙනෙනු ඇත.

:       0       1

Rata Perata Monday, 01 May 2023 12:31 PM

අපේ රටේ නම් තියෙන්නේ පරා දේශපාලුවෙක්ට ඇමතුමක් දෙන එක විතරයි. නිදොස් කොට නිදහස් කරලා දානව විනාඩියෙන්.

:       0       1

Susil Seneviratne Monday, 01 May 2023 03:05 PM

His medical license should be revoked for good!

:       0       1

Unknown guy Monday, 01 May 2023 04:23 PM

හැමදාමත් වගේ ඔන්න බලපං අපේ රටේ ඉපදිච්ච හරක්..ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනයන විදිහ..

:       1       3

chandricka irani marasinghe Monday, 01 May 2023 04:24 PM

ඒ ලංකාවේ මෙහෙ ඒවා හරියන්නේ නැහැ. වරදට දඬුවම කාටත් එකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site