ඉන්දියාවේ පැවැති ජාත්‍යන්තර රොබෝ තරගාවලියේදී රටවල් එකොළහක් අභිබවා එහි ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලය සමත් වු බව එහි විදුලි සංදේශ සහ ඉලෙක්ට්‍රොනික් අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා මහතා පැවසීය.
සියුම් කාර්ය සූක්ෂමව හා වේගවත්ව කිරීමට රොබෝ තාක්ෂණය යොදා ගැනීම යන තේමාව යටතේ මෙම තරගය පැවැත්විණි.
ඉන්ටර්නැෂනල් රොබෝටික් චැලෙන්ජ් 2015 ලෙසින් මෙය නම් කැර තිබිණි.
ජනවාරි 4 වැනිදා තරගය පැවැතියේ ලොව ප්‍රසිද්ධ අයිඅයි බී බොම්බේ විශ්ව විද්‍යාලයයේය.
ඉලෙක්ට්‍රොනික් සහ විදුලි සන්දේශ ඉංජිනේරු අංශයේ තරිදු කළුආරච්චි ,චානක සිංහබාහු ,රන්දික ප්‍රබුද්ධ,ධනුෂ්ක දම්රුවන් ඇතුළුව යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ නුෂේන් සෙනවිරත්න සිසුහු ජයග්‍රාහි කණ්ඩායමට අයත් වෙති.
ට්‍රොටර් 1.0 ලෙසින් මෙම ජයග්‍රාහි කණ්ඩායම තරගයට ඉදිරිපත් විය.
මෙම තරගය සඳහා රොබෝවරුන් දෙදෙනකු මොරටුව විශ්ව විද්‍යාලය නිර්මාණය කළේය.ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රොබෝවරයකු සහ දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන රොබෝවරයකු ඊට අයත් විය.
මෙම රොබෝවරුන් දෙදෙනා තරගයට සහභාගී කරවා ගත්තේය.මේ තරගය සඳහා ලෝකයේ රටවල් එකොළහක විශ්ව විද්‍යාල ඉදිරිපත් වී තිබිණි.
ඒ සියල්ල අභිබවා ප්‍රථම ස්ථානය හිමි කැර ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලය සමත් විය.
එය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය හමුවේ ලැබුණු ප්‍රබල කීර්තියක් බවත් මහාචාර්ය රොහාන් මුණසිංහ පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චම්පික ඇමති තුමනි,අලුත් දේ කරන,අලුත් දෑ හදන අපේ කොල්ලන්ට ශක්තියක් වෙන්ඩ.අපේ රටේ තවම අලුත් නිර්මාණ වලට නිවැරදිව අනුග්‍රහය දක්වපු රජයක් හැදිලා නෑ.මෙතැනින්ම වෙනස අරඹමු. (අ)
මගේ උණුසුම් සුබපැතුම් (අ)
මේක වැඩ කරන්නේ දුරස්ථ පාලකයකින්ද? (නි)
මම දැක්කා මේ වගේ රොබෝලා ඉන්කො ප්‍රදර්ශනේට තියලා තියෙනවා. ඒකෙ ලොකු ඉඩක් වෙන් කරලා තිබුනා. සෑහෙන්න පිරිසක් බැලුවා. තව වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලය කියලා එකක පොඩි කුටියකත් මේ වගේ රොබෝලා දෙන්නෙක් හදලා තිබුනා. වැඩි අවධානයක් ඒකට තිබුනෙත් නෑ. ඒත් ඒ රෝබොලා මේ රොබෝලට වඩා ගොඩක් ඉදිරියෙන් හිටියා. මම එහෙම විශ්ව විද්‍යාලයක් ගැන දැන ගත්තෙත් එදා. ඒ ළමයි එක්ක කතා කරාම තේරුනා ඒ ලමයිට අත දෙන්න අඩුම ගානෙ එයාලගෙ ගුරුවරුන්ටත් උවමනාවක් නෑ. ඒ ළමයි බාරව හිටිය කෙනත් කට ඇරගෙන නිදි. රජය වත් ඒ ගැන බලනවා නම් හොඳ දැනුමක් තියෙන අය එතන හිටියා. ඒ විශ්ව විද්‍යලයත් රජයේ එකක් මං හිතන්නෙ (නදී)
සුබ පැතුම් අපේ කොල්ලන්ට! (නි)
ලෝකෙම දිනුවත් අපගේ දූ පුත්තු. මව්බිම පැමිණි විට සිදුවෙයි හාමත්තු. දැන්වත් ඉතින් මෙය නිවැරදි කලයුත්තු. නැතිනම් අනාගතයම පරපුර සත්තු.
සුභ පැතුම්, චම්පික ඇමති තුමාගේ දින සියයේ වැඩ වලට මෙන්න මේ වගේ නව නිපැයුම් වලට අත හිත දෙන එකත් ඇතුලත් වෙනවා කියල අපි බලාපොරොත්තු වෙනවා. මේ එතුමා ඉගෙන ගත්ත විශ්ව විද්‍යාලයේ වැඩක් නේ. (නදී)
විජේවර්ධන මහතාණනි, අපේ රටේ දක්ෂයෝ එදාත් හිටියා අදත් ඉන්නවා ඔවුන්ගෙන් රටට සේවයක් ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ මේ ජරාජීර්ණ දේශපලනයයි (නදී)
ඔබ බොහොම දක්ෂයි. අපි කොහොමහරි අපේම තාක්ෂණයකින් මේ දේවල් කරගන්න බලමු. (නි)
හොද වැඩක් .සුභ පැතුම් (දිල්)
අපේ චම්පික රණවක ඇමතිතුමාට පුළුවන් නම් මෙම අයට අත දෙන්න. අවශ්‍ය උපකරණ සහ වියදම් රජයෙන් ලබා දෙන්න. , තවත් මෙවැනි අභියෝග ලෝකයට ඉදිරිපත් කාරවී. (දිල්)
ලංකාවේ කොහොමත් ඉතින් වැඩකරයෝනේ ඉන්නේ. අපිට හරි ආඩම්බරයක් හිතට දැනෙන්නේ. අපෙන් සුබ පැතුම් !!! (නි)
ඔව් චම්පික ඇමතිතුමා රොබෝ කෙනෙක් නූනත් මොරටුවේ ම හොද මොළයක් (දිල්) '
මොවුන් සියලු දෙනා පාසල් කාලයේ උපකාරක පන්ති වල මිතුරන්.(දිල්)
සුභ පැතුම්! (අ)
ඔබට සුභ පැතුම් ! මේ සිසුන්ගේ ඉදිරි ගමනට අත දීම රජයේ යුතුකමයි. (දිල්)
සුබ පැතුම්! දැන්වත් දක්ෂයන්ට තැනක් තියේවි කියල හිතනවා. (නදී)
සුබ පැතුම් සියලු දෙනාට. චම්පික මහින්දගේ ආණ්ඩුවේ විදුලි ඇමති වෙලා ඉන්න කාලේ හැමදාම නොරොච්චෝලේ කැඩෙනවා. නැත්නම් වැඩ වර්ජන. ගැහැණු කෙනාට දුන්නා විතරයි ශෝක් එකට දුවනවා. බලමුකෝ දැන් වත් එය හරි පාලනයකට යයිද කියලා. අපිව කරුවලේ නම් තියන්න එපා ඔන්න (නදී)
සුභ පැතුම් (නදී)
නියම වැඩක් ,,තවත් එදිරියට වැඩ පෙන්වන්න ජය ශ්‍රී (ම)