(යොහාන් භාසුර)

රූපලාවණ්‍ය ශිල්පීන් 500 කට  බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධව පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකා රූපලාවණ්‍ය ශිල්පීන්ට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අදාළ අංශ 4ක් යටතේ පාඨමාලා හැදෑරීමට මෙහිදී අවස්ථාව හිමිවන බව කී අමාත්‍ය පියල් නිශාන්ත මහතා එම පාඨමාලා වටිනාකම රුපියල් කෝටි 10 කට අධික බව ද සඳහන් කළේය.

ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මෙම පාඨමාලාවේදී  බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල දේශකයන් මෙහෙයවන දේශනවලදී සිංහල භාෂාවේ සහාය ලබාගැනීමට ද අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ  බ්‍රිතාන්‍ය නියෝජිතයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා එසේ පැවසීය.