(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුත්තක් බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව රුසියාවේ මිත්‍ර රාජ්‍යයක් බවත් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය රටේ පවතින නීතියට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරියට යනු ඇති බවත් පත්වන නව පාලනාධිකාරය වත්මන් ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි රුසියාව විශ්වාස කරන බවත් මරියා සකරෝවා මහත්මිය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ඉතා ඉක්මණින් සාමාන්‍ය තත්ත්වය පත්වේ යැයි බලාපොරොත්තු වන බව සකරෝවා මහත්මිය පැවසුවාය.