මොරටුව විශ්ව විද්‍යාලය සංවිධානය කරන මොරටුව ඉංජිනේරු පර්යේෂණ ජාත්‍යන්තර සමුළුව අප්‍රේල් 5 සහ 6 දෙදින පෙරවරු 9.00 සිට මොරටුව විශ්ව විද්‍යාලයීය සිවිල් ඉංජිනේරු සංකීර්ණයේදී පැවැත් වීමට යයි..
පුළුල් විෂය පරාසයක තාක්‍ෂණික සහ පර්යේෂණාත්මක දැනුම ලබාගැනීමට මේ සමුළුව උපකාරී වෙතියි ද විශ්වවිද්‍යාල ගණනාවක අධ්‍යයන සහ පර්යේෂණ ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රවීණයන් රාශියක් සහභාගිවීමට නියමිත යැයි ද කියති.
මහාචාර්ය මොන්ටේ කසිම්, මහාචාර්ය කරූ එස්සැල්ල, මහාචාර්ය ජගත් සමරබන්ධු සහ මහාචාර්ය සමන් හල්ගමුගේ යන මහත්වරු මෙම සමුළුවේ ප්‍රධාන කථිකයෝය.
ප‍්‍රධාන සමුළුවට අමතරව ඉංජිනේරු පර්යේෂණ ඒකකයේ සම්මන්ත‍්‍රණයක්ද පැවැත්වීමට නියමිතය. මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය පර්යේෂණ කටයුතු වැඩිදියුණු කිරීම සහ ඊට මඟ පෙන්වීම මෙම සම්මන්ත‍්‍රණයේ මූලික අරමුණවේ.
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පර්යේෂණ ඒකකය සහ මොරටුව විශ්ව විද්‍යාලයේ අයි.ඊ.ඊ.ඊ. (I.E.E.E) ශිෂ්‍ය කමිටුව මෙය සංවිධානය කරන අතර අයි.ඊ.ඊ.ඊ. (I.E.E.E) ශ්‍රී ලංකා සංසඳය, අයි.ඊ.ඊ.ඊ. (I.E.E.E) රොබෝ සහ ස්වයංකරණ සංගමය සහ අයි.ඊ.ඊ.ඊ. (I.E.E.E) බල ශක්ති කමිටුව විසින් තාක්‍ෂණික අනුග‍්‍රහය ලබාදේ. වැඩි විස්තර www.mercon.mrt.ac.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකs බවද සංවිධායකයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න යන හොඳ වැඩක්.(හේ)
සුපිරි වැඩ කාරයෝ බොහොමයක් එළියේ.(හේ)