IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මරිජුවානා කිලෝ 3.2 ක් ගුවනින් ගෙන ආ මගියා හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

drug

 

ගුවන් මගියකුගේ ගමන් බෑගයක් තුළ තිබී කිලෝ ග්‍රෑම් 3.277 ක් බරැති මරිජුවානා තොගයක් අත්අඩංගුවට ගැනීමට හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රේගු ජෙනරාල් අධිකාරියට හැකිවී තිබේ.


ඝනකම් කඩදාසියක ඔතා ගුවන් මගියාගේ ගමන් මල්ල තුළ සඟවා තිබූ මෙම මරිජුවානා තොගය රේගු පරීක්ෂකයකු විසින් සොයාගෙන ඇති අතර එම මගියාව පසුව වැඩි දුර නීතිමය පියවර ගැනීම සඳහා අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කර තිබේ.


මෙම මරිජුවානා තොගය අල්ලාගත් රේගු පරීක්ෂකවරයාට තම ගෞරවය පුද කළ රේගු ජෙනරාල් අධිකාරියේ සභාපති අහ්මඞ් බින් අල් අල් මොහන්නදි මේ අත්අඩංගුවට ගැනීම හරහා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකාරිය විසින් දරනු ලබන උත්සාහය මැනවින් ප්‍රදර්ශනය වන බවද පැවැසීය.


“තම වෘත්තීයභාවය ඉහළ නංවා ගැනීම සඳහා මෙන්ම නීතිවිරෝධී ජාවාරම් අල්ලා ගැනීම සඳහාද රේගුව නිරන්තරයෙන්ම සිය පරීක්ෂකයන්ට අදාළ පුහුණුවක් ලබාදෙනවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් අජාබ් මන්සූර් අල්-ක්හාන්ති පැවැසීය.



අදහස් (0)

මරිජුවානා කිලෝ 3.2 ක් ගුවනින් ගෙන ආ මගියා හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site