(රොමේෂ් මධුෂංඛ)
විල්පත්තු අවට ගම්මානයන්හි ජනතාව ජනාධිපතිතුමන් කෙරෙහි පූර්ණ විශ්වාශයකින් ඉන්නේ විල්පත්තු ගැටලුව පිළිබඳ සොයන්න ජනාධිපති තුමන් කමිටුවක් පත් කලා විල්පත්තු ජනතාව 13 වනදා විසඳුමක් ලැබෙයි යන බලාපොලරොත්තුවෙන් ඉන්න බවට අමාත්‍ය ෆයිසර් මුස්තාපා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සදුදා (08) සවස විල්පත්තු අවට ගම්මානයක් වූ මරිචිකට්ටි මුස්ලිම් පල්ලිය ඉදිරිපිට දින 43 ක් පුරාවට සත්‍යග්‍රහයේ නිරත වැසියන් හමු වීමට පැමිණි අවස්ථාවේදීය.
සත්‍යග්‍රහයේ නිරත වැසියන් හමුවීම සඳහා ඊයේ දින අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුධීන් හා ෆයිසර් මුස්තාපා මෙන්ම ජාතික සමගි පෙරමුනේ නායක අසාද්සාලි යන අය පැමිණි අතර එහිදී ජනාධිපතිතුමන් සමග මේ මස 13 වනදා විල්පත්තු ගැටලුව සම්බන්ධයෙන් සියලුම මුස්ලිම් නායකයින් සාකච්ඡාවක් කරන බවත් එහෙයින් අදාල සත්‍යග්‍රහය නවතන ලෙසට ඉල්ලීමත් සමග දින 43ක සත්‍යග්‍රහය තාවකාලිකව නැවත්වීමට එම වැසියන් පියවර ගත්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ට ඉන්න තැනක් ,වගාකරන්න බිමක් හදල දෙන එක රජයේ යුතුකමක්,ඒ මිනිස්සුන්ගේ අසරණකම මුවාවෙන් මරිච්චිකට්ටු වන පෙදෙස විනාශ කරන දේශපාලුවන් ට හුරේ දාන්න අපි සුදානම් නැහැ
විල්පත්තුව රක්ෂිතය ඉතිරි ටිකත් මුස්ලිම් අයට කපලා පදිංචි වෙන්න දෙමු. දැන් යල, මහ කන්න දෙකක් වතුර නැතුව වගා පාළු වුණා. ජල විදුලිය නිපදවන්න බෑ. මිනිසුන්ට පරිහරණයට වතුර නෑ. ලංකාව අරාබි කාන්තාරයක් කරමු. එදාට දැනට වඩා තව හයියෙන් ඔබට සතුටුයිද දැන් කියලා කෑ ගහමු.
දැන් අදහස් ප්‍රකාශ කරලම ඇතිවෙලා. එනිසා එයට වඩා හොඳයි සිංහලයාට වින කරන හැම කෙනෙකුගෙන්ම පලි ගැනීමට ආත්මයක් මරණින් පසු ලැබේවා කියලා...... මොකද අද සිංහලයාගේ අනාගතය රැක ගැනීමට නම් මෙසේ සිදු කළ යුතුමය.
රිෂාඩ් බදියුධීන් මහත්තයලා උපවාස කරවල අරමුණු ඉටු කරගන්නයි හදන්නේ. ආණ්ඩුවෙන් හිටු කියල සලකයි. බය වෙන්න එපා. සිංහල නම් තමයි විසඳුම් නැත්තේ...
ජනාධිපතිතුමනි, පෙරට ගත් පය පස්සට තියන්න එපා. අපේ වනාන්තර මේ අයට දෙන්න එපා. ඊට පස්සෙ තව ටික කාලෙකින් කියයි.... සිංහරාජෙත් ඒ ගොල්ලන්ගේ මුතුන් මිත්තන්ගේ ඉඩම් තිබ්බා කියලා. ඒ නිසා කල්පනාවෙන් බුද්ධිමත්ව තීරණ ගන්න...
වනාන්තර විනාශ කරන අය සහ අන්තවාදය පතුරවන අය එකට එකතු වුණු මොහොතක් කියන්න පුළුවන්!!!
මුස්ලිම් ගැටළු වලදී පක්ෂ, විපක්ෂ හැම මුස්ලිම් දේශපාලකයාම එක පැත්තේ. සිංහල දේශපාලකයෝත් ඒ ප්‍රශ්න ගැන සංවේදියි. නමට සිංගප්පූරු වගේ වෙන්නැතිව ලංකාවේ හැමෝටම එකම හැන්දෙන් බෙදනවා නම් මේ ජාතිවාදී ප්‍රශ්න ගොඩක් අඩුයි.