අමෙරිකා ඩොලර් මිලියන 1200 ක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ජලය පිරවීමේ කටයුතු 11 වැනි දා පස්වරු 2.00 ට  ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බව මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේය.

‘‘පාරක‍්‍රම සමුද්‍රය වගේ පස් ගුණයක් විශාල භූමී ප‍්‍රමාණයක ජලයෙන් පිරිච්ච විශාල තටාකයක් බවට මේ භුමිය පත්වෙනවා. නව සංවර්ධනයේ අළුත් ආරම්භයක් බවට මේ මොරගහකන්ද ව්‍යාපෘතිය පත් වෙනවා‘‘ යයි නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මේ ව්‍යාපෘතියේ ජලය කිලෝමීටර් 102 ක දුරක් දක්වා හුරුළු වැවටත්, හුරුළු වැව සිට මහ කනදරාව වැවටත් එම ජල මාර්ගය වැටී තියෙනවා. වයඹ ඇල පද්ධතියේ ඉදිකිරීම් කටයුතුත් පෙබරවාරි මාසයේ ආරම්භ කරනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ රජරට සහ වයඹ පළාත් වල කුඩා වැව් 1500 කට එහා ගිය වැව් පද්ධතියකට ජලය ලැබෙනවා. මේ සමඟ මෙගාවොට් 25 ක විදුලි ප‍්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එකතු වෙනවා. මේ වෙනකොට පවුල් 3600 ට වැඩි ප‍්‍රමාණයක් නැවත පදිංචිකිරීම් කරලා තියෙනවා යැයි ඇමැති කීවේය.

 

SAM_3810 SAM_3822 SAM_3758 SAM_3790 SAM_3806