කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ මෙරට ඉදිවන අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද වාරි යෝජනා ක‍්‍රමයේ අඹන් ගඟ හරහා ඉදිකර ඇති ජලාශයට ජලය පිරවීමේ කටයුතු අද (11) ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් සිදුවිය.
මහවැලි මහ සැලැස්ම යටතේ ඉදිවන මෙම වාරි ව්‍යාපෘතිය යටතේ මහකනදරාව හා හුරුළුවැව දක්වා ජලය ගෙන යාමට නියමිතය.
ජලය පුරවන අවස්ථාවේ මංගල දිය පැන් කල හතකට රැගෙන ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ නැහැවීම සඳහා ප‍්‍රදේශයේ ගොවීන් විසින් ජනාධිපති වෙත පිළිගැන්වීම ද විශේෂත්වයක් විය.මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ දියවර පිරවීම සිදුවිය.
ජායාරූප - කාංචන කුමාර අාරියදාස
ජායාරූප - ක.ග. කරුණාරත්න









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද වතුර පිරෙව්වනම් කොහොමද ජැකා ඇතුලු අය ගිහිල්ලා නැටුම් පෙන්නලා වවුචර් දාලා .... තව තව මොන වැඩද (බ)
හොඳ වැඩක් ජයවේවා (ම)
දැදුරු ඔය ජලාශය වගේ නොවේවා ! (බ)
ඉතාම සරල උත්සාහයක්. ඉස්සරනම් මෙවැනි උත්සාහවලට කෝටි ගණනින් නාස්ති කළා (බ)
හොඳයි (බ)
මමත් මහේෂ් ඩුබායි එක්ක එකඟයි. අවුරුදු 2ක් ඇතුළත මේ වගේ විශාල ව්‍යාපෘතියක් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ මේකත් මහින්ද මහත්තයගේ කාලේ පටන්ගත් එකක් (නි)
සෑහෙන්න අමාරු ඇති (බ)
ලංකාවේ හැම පොදු දෙයක්ම හදල තියෙන්නේ එයාගේ පුද්ගලික මුදලින් (බ)
මහින්ද හදනවා, මෛත්‍රී අරිනවා, රනිල් හාමු විකුණනවා.. ශ්‍රී ලාංකික දේශපාලනයේ යථාර්ථය.... ලක්ෂ 62 ක උගත්, බුද්ධිමත් ජනතාවනි, ඔබට සතුටුයිද දැන්? (බ)
හොඳ වැඩක් මේවා තමයි රටට අවශ්‍ය (බ)
දේශපාලන කෝණයෙන් බලන්නෙපා හොඳ දේට හොදයි කියන්න පුරුදුවෙන්න (ර)
මහේෂ් ඩුබායි ඔයා රට ඉන්න එකම හොදයි. මහින්ද මේවා හදන්න පටන් ගත්තේ එයාගේ සල්ලි වලින්ද? (ර)
අපිට ඕනි රට සංවර්ධනය කරන්න. ජාතික ධනය නිකරුනේ නාස්ති නොකර රටට ඵලදායි සේවාක් වෙනවානම් ඉදිරි පරපුර එය හොදින් රැක ගෙන ඉදිරියෙන් ඉදිරියට යාවි. (බ)
කොහොමටත් මෙයාලගේ අවුරුදු 5 ටම වෙන මොනම ජලාශයක් වත් රටට ලැබෙන්නේ නැහැ. මේකත් මහින්ද මහත්තය පටන්ගනිපු එකෙක් නිසා තමයි කෙරුනේ. රටක කරුමේ තමයි (බ)
මෙම වාරි ව්‍යාපෘතිය තුලින් රට ජනතාවට උපරිම ප්‍රයෝජන ගැනීමට හැකියාව ලැබේවා. මෙවැනි වාරි ව්‍යාපෘතිය තව තවත් කිරීමට රජයට හැකියාව ලැබේවා. (බ)
මේවා ජනතා මුදල් බදු මුදල් කාගෙවත් පෞද්ගලික ධනයක් නොවේ. සංදර්ශන අඩුකර උපරිමයෙන් වැඩකර රට දියුණු කරමු. සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් තමන්ගේ වගකීම ඉටු වෙනවානම් මේ රට සංවර්ධනය කරන එක ලොකු දෙයක් නොවේ. මුලික දේ අවංක බව සහ නිසි අරමුණකට වැඩ කිරීම.(අ)
රට ගොඩ නැගීම අපි කාගේත් වගකීමයි. සියලු දෙනා ධනවාදීව සිතමු. රට ඉදිරියට ගෙන ගිය හැක්කේ එකමුතුකමින් වැඩ කෙරුවොත් පමණයි.(අ)
මේ ජලාශය ජලයෙන් පිරුණහම පරාක්‍රම සමුද්‍රය වාගේ සයගුණයක් නම්, ඒක හැදුවේ මහා පරාක්‍රම බාහු රජු. එසේනම් මෙතුමා මෙගා පරාක්‍රම බාහු වන්නේය. ආයු රක්ඛන්තු ආවඩා! (අ)
අනේ හොදයි පුරවන්න..පුරවන්න....(අ)
නිමල්, ඔයා සහසුද්දෙන්ම නිවැරදියි. මේ රටට ආනයනය කරණ අනවශ්‍ය වාහන නතර කරනවානම් මේ රටේ ඉතිරිවන මුදල් වලින් මේ වගේ ජලාස කීයක් ණය නොගෙන හදන්න පුලුවන්ද? පය බරවාට තබා පිටිකර බෙහෙත් බඳින එකනේ කරන්නේ. (ර)
අපේ සල්ලි මේ වගේ දේවල් වලට වියදම් කරලා රට දියුණු වෙනවා නම් අපි කැමති. එක මහින්ද කළාද රනිල් කළාද මෛත්‍රී කළාද අපිට වැඩක් නෑ. නමුත් රටේ සල්ලි හොරකම් කරලා උන්ගේ පවුල් විතරක් දියුණු වෙනෙවා නම් එකට තරයේම විරුද්ධයි. එ්ක තමයි අපි පසුගිය කාලේ දැක්කේ (බ)
එතකොට සේනක, පරාක්‍රම සමුද්‍රය හැදුවේ පරාක්‍රම රජතුමාම අමුඩයක් ගහගෙන තනියම පොලව කොටලද? දන්නැති හින්ද අහන්නේ, අතුරලගේ පැත්තේ නම් එහෙමලු කියන්නේ! (බ)
වික්ටෝරිය වේල්ලට උඩින් තියෙන ජලාශය අවුරුද්දේ හැමදාම හිඳිලා. මහවැලිය හිතූ තරම් සාර්ථක නැහැ (නි)
අතුල, මේවා මහින්දගේවත්, රනිල්ගේවත්, මෛත්‍රී ගේ සල්ලි නෙමයි. ඒවා ජනතාවගේ බදු සල්ලි. ඒවගෙන් කරන්නේ නැතුව , ඔයා දෙනවද මේවට වෙනම සල්ලි? රටට වැඩක් ඇති දෙයක් කළහම එය අගය කරන්න. නරක දෙයක් කළාම විරුද්ධ වෙන්න. (බ)