මොරගහකන්ද ජලාශයේ ජලය පිරවීම ආරම්භ වීමත් සමග අඹන්ගඟේ දිගේ ගලා ගිය ජල පහර රක්ෂිතය සහ ගම්මාන දිනෙන් දින මහා ජලකඳ විසින් ගිල ගනු ලබයි. එහි සිටි මිනිසුන්ගේ වාසස්ථානවලට වෙනත් ස්ථාන ලැබුණ ද කුරා කුහුඹුවාගේ පටන් මහා සද්දන්තයා දක්වා සතුන්ගේ දිවි ගලවා ගැනීමේ සටනක යෙදී සිටින සංවේදී මිනිසුන් පිරිසක් අපි දුටුවෙමු. වනජීවි නිලධාරීන් මෙන්ම ජලාශය බලන්නට එන පිරිස් ද ඔවුන්ගේ එදිනෙදා කටයුතු ස්වල්ප වේලාවකට පසෙක තබා සතුන්ගේ ජීවිත බේරාගැනීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටිති.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමල් මහත්මයා සතෙක් වෙලා ඉපදිලා හිටියා නම් මෙවන් කතාවක් කියන්නේ නැහැ නේද? (නි)
හොඳ වැඩක් සහෝදරයා. සොබාදහම සුරකිමු (නි)
චේතනාහං භික්ඛවේ කම්මන් වදාමි... (නි)
කෙහෙන් බැලුවත් අපේ රටේ අද දකින්න තියෙන්නේ පාරිසරික සදාචාරය උල්ලංඝනය වන සිදුවීම් පමණයි. මිනිස්සු වෙනුවෙන් පියවර ගත යුතුයි තමා. ඒත් සොබා දහමට ඉන් හානි වෙනවානම් කිසි දේකින් පලක් තියේවිද? අපි වගේ පුංචි රටක පාරිසරික සමතුලිතභාවය බිදුනොත් ආයේ කල්ප ගණනකින් එය ආපස්සට හැරවිය නොහැකි භයානක තත්වයක් වෙනවා නිසැකයි. (අ)
අපේ රටේ මිනිස්සු බුද්ධාගමෙන් ලබාගත් දායාදය ඔන්න ඕකයි, සියලුම සතුටද මිනිසා හා සමානවම අනුකම්පාව ලබාදීම (අ)
මහා පුණ්‍ය කටයුත්තක්.මේ පොඩි මිනිස්සුන්ට තේරෙන දෙයක්වත් ඕව පටන් ගත්ත නරුමයන්ට තේරුම් ගියේ නැද්ද? (අ)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද ,දෙවිදේවතාවන් වැනි මිනිසුන් ඇත.... (අ)
ඉතාම වැදගත් දෙයක් මේ අය කරන්නේ. අපේ ස්තුතිය. (අ)
බොහොම හොද වැඩක් . හැබැයි විපතක් ළඟ එනකොට මිනිස්සුන්ට වැඩ හොඳට සත්තුන්ට තේරෙනවා.(අ)
අනේ මන්ද බොන්න වතුර නැහැල්ලු වැස්ස නැහැල්ලු මොරගහ කන්ද පිරෙනවලු. (අ)
පරිසර අප රකියි-රකිමු අප පරිසරය නුඔලාට පිංසිදු වෙීවා (ම)
රණසිංහ නරුම වැඩේ කලේ මොරගහකන්ද ව්‍යාපෘතිය ආරම්භ කරපු එකද? රණසිංහ ගේ මොලේ තරම හෝ කුහක කම පිළිබිඹු වෙනවා නේද? (අ)
අපේ ජනාධිපති තුමා පරිසර ඇමති. අම්මප මෙතුමාට විපතට පත් වෙන සතුන් මතක් වෙලා නෑ (අ)
රණසිංහ මහත්මය, ඔය විදියට හිතුවොත් මේ ලෝකේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. සත්තු පමණයි සිටිය යුත්තේ. ඔය ඉන්න ගේ හදන්න අත්තිවාරම කපද්දි කොච්චර නම් සත්තු මැරෙන්න ඇතිද. එහෙම කියල ගේ හදන එක නැවත්තුවද (අ)
මහත්මා ගති ඇති උත්තමයෝ තමා මෙයාල මේක ආදර්ශයක් ගහකොළ වන සම්පත් විනාස කරන හල්පරු දෙසපලනඥයන්ට (අ)
චමල් මහත්මා, මාගේ අදහස් දැක්වීම ඔබ වැරදියට තේරුම් අරගෙන. මා කියන්නේ මේවා සාමාන්‍ය මිනිස්සු කළයුතු දේවල් නොවන වගයි. ඒකට තමයි රටක පරිසර සහ වෙනත් අමාත්‍යංශ තිබෙන්නේ. මේ ව්‍යාපෘති වලට සමගාමිව සතුන් වටිනා ශාක සහ වෙනත් දේවල් හැකි පමණ බේරාගැනීම අපේ යුතුකමක්. (නි)
"සියලු සතුන් සුවපත් වෙත්වා!" යන මෙත්සිරි දෙසුම් පදය මෙහෙවරක් බවට පත්වුණු මේ මොහොත ශ්‍රී ලාංකිකයන්ගේ බොදුනු හැදියාව අපුරුවට පිළිබිඹු කරයි (නි)
සබ්බේ සත්ථා භවංතුසුඛිත්තා... (නි)
අනේ මන්දා මොන පැත්තට පක්ෂව ලියන්නද කියලා (නි)
දර්ශනීය පින්තූර පෙළක්. ස්වභාව ධර්මයේ අසීමිතවූද, විස්මිතවූද චමත්කාරය උතුර උතුරා වාන් දමයි. කාංචන කුමාරට ස්තුතියි. (නි)
පවු දෙවියනේ අහිංසක අසරණ සත්තු! (නි)
අපේ රටේ ඉන්නේ හිත උණුවෙන මිනිස්සු (නි)
එක පැත්තකින් රටට හොඳක් වෙද්දී සොබාදහමට වෙන්නේ නරකක් (නි)
රණසිංහ, නිකන් ආවට ගියාට අදහස් දාන්න එපා. පාඩුවේ ඉන්න බැනුම් අහන්නේ නැතුව (නි)
අර චුටි දරුවා දැක්කහම මගේ නෙතට කඳුළු ඉනුවා. මට ලියන්න දෙයක් නැත. මට ලියන්න තියන දෙය චන්දන සහ මධුර කලින්ම ලියලා. (නි)