මහවැලි යෝජනා ක්‍රමයට අයත් ජලාශ අතරින් විශාලතම ජලාශය වන මොරගහකන්ද ජලාශය මේ වනවිට පිරෙමින් පවතී.
පරාක්‍රම සමුද්‍රය මෙන් පස් ගුණයක් විශාල යැයි කියැවෙන මෙම ජලාශය පිරවීම ආරම්භ කැරුණු පසුගිය ජනවාරි 11 වනවිට මුළු මහත් ශ්‍රී ලංකාව පුරාම පැවතියේ අතිශය දැඩි නියං තත්ත්වයකි. එහෙත් සතියක පමණ ඇවෑමෙන් කිසිවකු අපේක්ෂා නොකළ පරිදි වර්ෂාව ඇද හැළෙන්නට වූ අතර මේ වනවිට මොරගහකන්ද ජලාශයේ අඩකට ආසන්න ප්‍රමාණයක් පිරී තිබෙන අයුරු ගුවනින් ගත් ඡායාරූපයකට නැගුණේ මෙසේය..
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශයේ සුදත් සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි (බ)
වාසනාවන්. (බ)
ජාතියේ සම්පතක් (බ)
වාසනාවන්! (නි)
මේවා නොරොච්චෝලේ වගේ නොව අපේ රටට ගැලපෙන විදුලි ව්‍යාපෘතිය , තව තවත් මෙවැනි ජල විදුලි ව්‍යාපෘති ඉදිකළ යුතුය (බ)
අපි පක්ෂ පාට භේද නැතුව මේවා දිහා සුබවාදීව බලලා, හැම දෙයක්ම සුබ වියයුතුයි කියලා ප්‍රාර්ථනා කරන්න පුරුදුවෙන්න ඕනෑ. මේකේ අවසාන ප්‍රතිඵලය රට හොඳට සංවර්ධනය වෙන එක සහ සැමදෙනාම එය භුක්ති විඳීම. (නි)
මෙය දකින කොට ඩඩ්ලි සේනානායක මැතිඳුන් මට මතක් වුනා. (බ)
ජලය පීටර ගලන දවස දකිනකන් ඉවසුමක් නෑ සතුටක් (ම)
අපේ රටේම ඉංජිනේරුවන් ගැන ආඩම්බරයි (නි)
සිල්වා බෙර්ලින් දන්නේ මොනවද කියලා හිතෙනවා. මොරගහකන්ද කියන්නේ ප්‍රධාන වශයෙන් විදුලිය නිපදවන්න හදන ජලාශයක් නොවේ. මූලික අරමුණ ගොවිතැන. විදුලිය නිපදවන්නේ මෙගා වොට් 25. (නි)
මනස්කාන්ත දර්ශණයක්,ජාතියේ ගමන් මගට අත්වෑලක් වේවායි පතනවා,අපේ රටේ විශාල ප්‍රමාණයේ ජල විදුලි ව්‍යාපෘති ඉහල කොත්මලේ සමඟ අවසන් කියල නොදන්න අයට කියන්න කෑමතියි. (ම)
විපුල නිකන් නින්දෙන් නැගිටලා වගෙයි. මේක පටන්ගත්තේ මහින්ද මැතිතුමා. යහපාලකයින්ට මේවා ගැන හිතන්න තරම් කාලයක් නැත. (නි)
කසුන්, මේවා කළේ චීන ඉංජිනේරුවන්. රියදුරන් පවා චීන. එ්කත් කිවයුතුයි. (නි)
හරිම සතුටුයි (නි)
යහපාලනයෙන් නෙමෙයි මොරගහකන්ද හැදුවේ. මහින්ද ජනාධිපතිතුමගේ ආණ්ඩුවෙන් ආරම්භ කළ වැඩක් තමයි මොර්ගහකන්ද. දැන් වතුර පිරවෙන එක විතරයි වෙන්නේ. කොහොම වුණනත් අපි සතුටුවෙනවා මේ වැඩ නොනවත්වාම අවසන්කළ එකට (නි)
කොහොමද යහපාලනයේ දැක්ම? (නි)
අනේ වාසනාවන්! ගොවි ජනතාවටත් රටටත් නැවතත් වාරි සංස්කෘතියේ වාසනාව ලැබේවා! ගොවිතැන් දියුණු වේවා! (නි)