මහනුවර මාතලේ මාර්ගයේ කටුගස්තොට අධ්‍යාපන කලාප කාර්යාලය මිදුලේ ඇති මෙම මාර ගහ මාරකයක් බවට පත්ව තිබේ.මෙම ගසේ රූස්ස අත්තක් දිරාපත්ව කඩා වැටීමට ආසන්නව පවතී. අත්තට පහළින් වෝල්ට් 33000 ක අධිබල විදුලි රැහැනකි. මේ අනතුර ඉවත් කරනා ලෙස ලියුමි සීයක් පමණ යවා ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මේ පින්තූරේ අනුව පහල ගමන් කරන මිනිසුන්ට වාහනවලට කරදරයක් සිදුවෙන්න පුලුවන් අත්ත කඩාගෙන වැටුණොත්. අනික විදුලි වයර් ඒක ඉතා භයානකයි. (නි)
වගකිවයුත්තෝ නිදි... (නි)
විදුලි බල මන්ඩලය ඉන්නේ ඔවුන්ගේ පඩි වැඩි කරගන්නයි. විදුලි ගාස්තු වැඩිකරගන්නයි, මහජන මුදල් කාබාසීනියා කරන රාජ්‍ය සැනකිලිවලට නොමිලේ විදුලිය සපයන්නයි විතරයි.(නදී)
අවධානමක් ගන්න එපා (දී)
මොකක් හරි ලොකු අනතුරක් සිදුවුනාට පස්සේ ඒවත් කරයි. කොමිසන් පත්කරයි, ලංකාවේ හැටි එහෙම තමයි.(නදී)
මතකයි නේද අත්තක් කඩන වැටිලා මිට කලින් වෙච්ච අපරාධයක් (දී)
සුද්දන්ගේ කාලයේ පාර දෙපස සෙවනට හිටවපු ගස්. ආර්ථික වටිනාකමක් නැහැ. පාරේ මාර අයිති දිසාපතිට. වනසංරක්ෂනයෙන් අවසර ගෙන ටෙන්ඩර් කැදවා දර මිලට දෙන්න වෙන්නේ. කෑගල්ලේ මාරාන්තික මාර ගහක් කපන්න වසර එකහමාරක් ගත වුනා.(නදී)