
(බී.ජී. චතුරංග)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ලබා දුන් විට, එම අයගේ තොරතුරු පොලිසිය ජාවාරම්කරුවන්ට ලබා දෙන බව පවසමින් කැකිරාව, මොරගොල්ලාගම ගම්මානයේ පිරිසක් කැකිරාව පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.
පසුව අනුරාධපුර පිහිටි ඩී.අයි.ජී කාර්යාලයට පැමිණි උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
ගමේ සිටින නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ මොරගොල්ලා ගමේ පදිංචි ලයනල් නිස්සංක කුමාර නමැති අය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන බවද එම පිරිස් පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරගොල්ලාගම පිරිසක් කැකිරාව පොලිසිය ඉදිරිපිට විරෝධයක
චන්දු Wednesday, 17 December 2025 07:15 PM
පොලීසියෙන් රට ජනතාව බේරාගමු!!!
Premarathna Wednesday, 17 December 2025 07:36 PM
හොදම දඩුවමක් කරන්නම ඕන මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරමුන් සමග සම්බන්ධතා පවත්වන පොලිස් නිළධාරි කවුද කියල පොලිසිය දන්නව ඇතිනේ ඔවුන්ව ආසන්න පොලිසියට මාරුකර එම පෙදෙසේ මත්ද්‍රව්‍ය මර්ධනය භාර දෙන්න ඔහු සිටි තැන සිටි අයට අනෙක් තැන භාර දෙන්න නොහැකිනම් සේවයේ අවශ්‍යතා මත උතුරු නැගෙනහිර වගේ පළාතක අවුරුදු පහක්වත් සේවයට යවන්න නොගියොත් සේවය හැරයාම නිකුත්කරන්න.
පන්සිළු Wednesday, 17 December 2025 07:42 PM
හපොයි පොලිසියට විස්තර දෙනවා කියන්නේ ඉල්ලගෙන කෑමක්. හොඳ නිලධාරීන් ඇති. හැබැයි ජාවාරම් කරුවන්ගෙ යාලුවන් තමයි ගොඩක්. අර ළඟදි එක විස්කෝතුව දෙකට කඩන් කෑවේ.
Nandana Wednesday, 17 December 2025 08:15 PM
පොලිසිය හදන්න. රට නිකන්ම හැදෙනවා
වන්නකු Thursday, 18 December 2025 05:31 AM
ප්‍රේමරත්න මයා ගේ අදහස නියමයි
Mangala Thursday, 18 December 2025 08:19 AM
ගොඩක් ගම්වල හොඳම සල්ලි කාරයෝ වෙන්නේ කුඩු, ගංජා, කසිප්පු ව්‍යාපාර කරන අයයි. ඒ වගේම පොලිසියේ සමහර අයත් ඔවුන්ගේ හොඳම යාළුවෝ. කොච්චර මෙහෙයුම් ගෙනාවත් ගම්වල මේ දේවල් නවත්තන්න බැහැ.
රුබේරුවල Thursday, 18 December 2025 09:09 AM
ඔන්න පොලිසිය කන උන්.අනිත් අයටත් පාඩමක් වෙන්න දෙන්නම මාරු කරන්න තියෙන්නේ.
Bunny Preena Thursday, 18 December 2025 09:54 AM
අපරාධ ප්‍රවර්ධනය කරන්න , අපරාදේ කියන්න බැහැ සමහර පොලිසි වලින් දෙන සහයෝගය මරේ මරු. කියලා වැඩක් නෑ. අපරාදේ කියන්න බැහැ ඒ වගේන හොඳ අවංක, ගුණවත්, නැණවත් පොලිස් නිලධාරීන් ඉන්නවායි කියන්නත් ඕනා.