මීරිගම හා විජය රජදහන දුම්රිය ස්ථාන අතර කිරිමැටිඋල්ල ප‍්‍රදේශයේදී පාසල් සිසුවකු දුම්රිය පාර හරහා ගමන් කරද්දී මහනුවර සිට මාතර බලා ගමන් කළ ශීඝ‍්‍රගාමී දුම්රියේ හැපීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව පොලිසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ මීරිගම බණ්ඩාරනායක මහ විදුහලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මොහොමඩ් අයාෂ් 11 නැමති පාසල් සිසුවාය.
අධිකරණ නියෝග මත පානදුර ළමා නිවාසයක රඳවා සිටි මෙම දරුවා වසර හතරකට පමණ ඉහතදී මීරිගම අම්බන මහා බෝධි ළමා නිවාසයට යොමු කිරීමෙන් පසු මෙහි සිටිමින් අධ්‍යාපන කටයුතුවල යෙදී ඇතැයි පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ ඔබට නිවන් සුව. (ම)
දෙමවුපියන්ගේ ආරවුල් නිසා අනාථ වූ අසරණ දරුවෙක් වෙන්ට ඕන. වැඩිහිටියන්ගේ වැරදි නිසා අහිංසා දරුවෝ කීදෙනෙක් අද අතරමං වෙලාද. මේවා සහ ගහන අපරාධ. ඒ පොඩි දරුවාගේ පුංචි සිතට මොනතරම් දුකකුත් තියෙන්ට ඇතිද ? අනිත් දරුවෝ තම දෙමවුපියන් සමග එනවා දකින කොට. දරුවා මෙවැනි අනාථ වූ තත්වයකට පත්වෙන්ට හේතු වුණා වැඩිහිටි උදවියට හොඳක් නම් සිද්ද වෙන්නේ නැහැ. (ම)
අනේ පවු අහිංසකය. කාත් කවුරුත් නැති අසරණය.(ම)
දුම්රිය රියදුරුවරුනි. සෑම විනාඩි 2 කට සැරයක් නලාව නාදකරන්න (ම)
අනේ පව් අහිංසක දරුවා මෙයා මොකක් හරි කල්පනාවක යන්නැති (ම)
දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවේ (නි)
දුම්රිය හා මිනිස්සු ගමන් කරන ස්ථාන වල ගේට්ටු සවිකළා නම් ඔහොම වෙන්නේ නැහැ. මොනවාහරි වුණොත් අහක ඉන්න දෙවියොයි ග්‍රහයොයි තමා පළි අන්තිමට (නි)
අනේ පවු. මේ දරුවා කෝච්චිය එනකොට ලිස්සල වත් වැටහුනා ද ? (ම)
අහෝ අහන්න ලැබෙන දේවල්. (ම)
පව්! මට කතා කරගන්න අමාරුයි (ම)
මොනවර කරන්නද දැන් පුතාට නිවන් සුව !! අද උදෙත් අපි පෙ.ව.6.10 ඔතනින් අවේ. දෙමාපියන් මීට වැඩ සැලකිලිමත් වෙන්න ඕනේ පාසල් යන දරුවෝ කී දෙනෙක් නම් පාපුවරුවේ යනවා අපි දකිනවද ? මොකවත් කියන්නත් බැහැ වයසට වැඩි ඉලන්දරිකම .. මේවාට නීති හේ ගෙන එන්න ඕනේ (ම)
දෙමව්පියෝ නෑනේ , ඒ ළමයා ළමා නිවසෙක හැදිලා තියෙන්නේ, ළමා නිවසේ පාලකයෝගේ වරද .අහිංසක ළමය (බ)
පු පුතේ ඔයාට නිවන් සුව (ම)