යාපනය චාවකච්චේරියෙන් හමු වූ ආයුධ කොළඹට ගෙන ඒමට තිබූ ඒවා බවට තොරුතරු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඇල් පීරිස් පෙරදින මාධ්‍ය සාකච්ඡාවක දී කළ ප්‍රකාශය ගැන පරීක්ෂණ පවත්වා ඔහු දන්නා තොරතුරු ලබා ගන්නා ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලීමක් කළේය.
යුද්ධයෙන් පසු මෙවැනි දෑ මීට පෙරද හමුවුවද පීරිස් මහතා ඒ ගැන කිසිවක් කියා නැති බවත්, එසේ කියනුයේ ඔහු මෙම සිද්ධිය හොඳ හැටි දන්නා නිසා විය හැකි බවත්, ඔහු දන්නා තොරතුරු ලබා ගැනීම විමර්ශනවලට ද සහායක් වනු ඇති බවත් කරුණාතිලක මහතා කීවේය.
පීරිස් මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට සිදුවනු ඇතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කීවේය.
‘බලධාරීන් මර නින්දේ යැයි සමහරුන් කියනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි සමහරුන් කියනවා. බලධාරීන් මර නින්දේ හිටියා නම් මෙවැනි දේ හමු වෙන්නේ නැහැනේ. බුද්ධි අංශ, පොලිසිය, හමුදාව සහ සියලු වගකිවයුතු පාර්ශ්ව හොඳ අවධානයෙන් හා අවදියෙන් ඉන්නවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න දෙන්නේ නෑ.‘ යැයි ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.
රාජපක්ෂලාගේ පැවැත්ම රඳා පවතින්නේ මෙවැනි දෑ මත බවත්, යළි කළබව ඇති වෙයි කියා ඔවුන් බලා සිටියත් එවැනි දේට යළි ඉඩක් නොලැබෙන බවත් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කීවේය.
(වීඩියෝ කෞෂල්‍ය සමින්ද)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුකතා කියනවට වහාම පියවර ගන්න.(කෞ)
වසර 30ක කුරිරු යුද්ධයේ නපුරු සිහිනය යළි දැකීමට නොලැබේවා! (නි)
අපිට නම් මේවා අලුත් බඩු විදිහටයි පෙනෙන්නේ. වළලලා තිබුණ ඒවා නෙමෙයි. අලුත්ම පත්තරේක නේද ඔතලා තිබුනේ. දැන් දුක මේවා අහුවුණ එකටද? නැත්නම් මාධ්‍ය වලට නිරාවරණය වුණ එකටද..? (නි)
පැවැත්ම රඳා පවතින්නේ මෙවැනි දෑ මතය (බ)
මහත්තයෝ, ජී එල් ගෙන් නෙමෙයි ඔය කොටියාගෙන් ප්‍රශ්න කරන්න,(බ)
සමහරු හැමදේටම තඩිබාන්නේ රාජපක්‍ෂ මුව හමටය. ඒ ඔවුන් තුළ ඇති අධිතක්සේරුව හා හීනමානයටය. (නි)
රජයත්, බුද්ධි අංශත් නොදන්නා දේවල් රජයේ හිටපු ඇමතිවරු "පේන බැලීම්" මඟින් දැනගෙන රටට හෙළිකිරීමේ ක්‍රමය මොකද්ද ? වේදිකා මත ගිරිය කඩාගෙන කෑ ගසා, දෙවියන් ඉදිරියේ හොරපොල් ගසා, රටේ තියෙන හැම දේවාලයක් ගානෙම ගම්මිරිස් අඹරා මහජන ඡන්දෙන් බලයට පත්කරගත් යහපාලන රජය පෙරළා දැමීමට බැරිවුණ තැන දැන් "මහජන භීතියක්" රටේ ඇතිකර රජය අපකීර්තියට පත් කිරීමද මේ බලාපොරොත්තුවන්නේ? (නි)
මේ විදියේ කතා වලට මහජනතාව බය කරන්න බැහැ. (නි)
හිටපු ජනාධිපතිතුමා කොටින්ට මුදල් දුන්නා කියපු අයගෙනුත් ඔයවගේ ප්‍රශ්න කළාද? කරුණාකර දේශපාලන පළිගැනීම් නවතා රටේ ආරක්ෂාව තහවුරු කරන්න. (නි)
ගරු ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමා ඊයේ ප්‍රකාශ කළේ මෙම ආයුධ පැරණි ආයුධ බවත් බියවීමට කාරණාවක් නැති බවත්ය. අද උදෑසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ මෙම ඇඳුම් කට්ටල අළුත් ඒවා බවයි. කරුණාකර පරීක්ෂණ පැවැත්වීමකින් තොරව නිගමන එළිදැක්වීමෙන් වළකින්න. ජාතික ආරක්ෂාවට දේශපාලනය ගාවාගන්න එපා (නි)
අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීම සඳහා මේ ගැන දන්නා බව කියා ඇති අයගෙන්ම විමසා කටයුතු කිරීම හොඳයි නේද? මොකක්හරි ඇවිස්සීමක් කිරීමට ගැසූ "පොඩි තුරුම්පුවක්" නොවෙයි නම් එතුමන්ලා දන්නා නිවැරදි තොරතුරු දෙයි නේද? එහෙම නැත්නම් වැදගත් පුද්ගලයෙක් ආවාට ගියාට වචන පාවිච්චි කරන එක හොඳ නැහැ නේද? (නි)
මොනව වුණත් රාජපක්ෂලට තියන බයක් (බ)
වි්‍ක්‍රම නියම පිළිතුර (බ)
මේක අල්ල ගෙන තියෙන්නේ කොටියාගේ බිරිද දීපු ඔත්තුවක් නිසා. (බ)
නරකද කරුණා අම්මාන්, පිල්ලයාන් සහ කේපී ලාගෙන් ප්‍රශ්න කලොත්. තවත් මෙවනි අවි ආයුධ පුපුරණ දේ ඉදිරියේදි මතුවෙන්නට පුලුවනි. (කෞ)