චාවකච්චේරියේ මරවනකුලම් හි පාළු නිවසකින් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.
පසුගිය යුද සමයේ සඟවා තබන්නට ඇතැයි සැලකෙන මෙම පුපුරන ද්‍රව්‍ය අතර පැති බෝම්බ හතරක් අධිබලැති ටීඑන්ටී පුපුරන ද්‍රව්‍ය කිලෝ 12ක්, මිලි මීටර් 9 පතරොම් 100ක්, පැති බෝම්බ පිපිරවීමට යොදා ගන්නා බැටරි පැක් දෙකක් සැකකරුවකුද සමග අත්අඩංගුවට ගත් බවත් එය සැඟවූ බව කියන පුද්ගලයාද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඊට අමතරව යතුරු පැදියක් හා සිම්කාඩ් හතරක් ද එහි තිබී සොයා ගැනිණී.
චාවකච්චේරි නිවසේ හිමිකාරියද සැකපිට අත්අඩංගුවට ගත් බවත් ඇය අසනීපව රෝහලට ඇතුළු කළ බවත් පොලිසිය කියා සිටී. මේ අතර මෙම භාණ්ඩ නිවසේ බව කියන පුද්ගලයා කිලිනොච්චියේ අක්කරායන්කුලමේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඡායාරූප - සිතුම් චතුරංග, රොමේෂ් මධුසංඛ
වීඩියෝ - රොමේෂ් මධුසංඛ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතය ගැන ඇත්තේ ලොකු බියකි (නි)
ගණන් ගන්න එපා. සහජීවනය ගැන කියාදෙන්න තියාගන්න ඇති. දැන් කොහෙද කොටි? අපේ අගමැතිතුමාටයි ජනාධිපතිතුමාටයි පින්සිද්ධ වෙන්න දැන් ඒ බය නැහැනේ. (නි)
යහපලානේ දැන් බේරෙනවා (අ)
මේක යහපාලන සමයයි. මෙවැනි දේ විය නොහැක. ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමට මෙය කර ඇත. ඔක්කොම රාජපක්ෂ එකවුන්ට් එකටනේ බැර කරන්නේ. (නි)
චාවකච්චේරි පොලිසියේ කීප දෙනෙකුට ගෙදර යන්න වෙයි වගේ! ඔය වගේ වැඩ කරලා උදහසට ලක්වෙන්න නම් එපා. පෙනෙන්නේ නැද්ද එහෙම අයට දැන් අත්වෙන ඉරණම (නි)
දැන් කියයි රටේ ආරක්ෂාව පිළිබද කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද ප්‍රයෝජනේ ගන්න කලින් හොයා ගත්තනේ. හැබැයි පුද්ගලයා නිදැල්ලේ.(බ)
බුද්ධි අංශය අඩපන කලේ මේවා කොළඹ ගේන්න තමයි. යහපාලනට ජන්දේ දීපු අය තමයි මේවාගෙන් විදවන්න ඕනේ.(අ)
ඔය මිනිහව අල්ලා ගන්නම වෙනවා කා වෙනුවෙන්ද ඕවා ගෙනියන්නේ කියලා දෑනගන්න (බ)
ජනාධිපති කිව්ව සංහිදියාව සමරන්න ඕවත් ඕනේ වෙනවා ඇති (බ)
රටට ආදරයක් නැති අය අවශ්‍ය හැම දේම එකතු කර ගන්නවා. කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන් නෑ. 27000 ජීවිත දීල බේර ගත්ත රට අනතුරේ දානවා. කොටිය නලවපු හැමෝටම අත් වුනේ එකම ඉරණම. ඉදිරියේදී කවදා හරි මේ අයට එ්ක තේරෙයි. ඇමරිකාවෙන් ඇවිත් බේරා ගනී (බ)
මහින්ද මහතාගේ අගය දැන්තමයි තේරෙන්නේ (නි)
අපි අලිපැටව් සොය සොයා ඉමු. (අ)
මේ වෙලාවේ අපි මහින්ද මහතාගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි (නි)
පෙරහැර ළඟයි කසකාරයන් ඔය එන්නේ. කමක් නැහැ, ආරක්ෂක ලේකම්තුමා කිව්වනේ රටේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නැහැ ඕව පරන බදු කියලා. ටොයියන්ට සැනසෙන්න ඒ ඇති. (අ)
ඔන්න ඕකත් මහින්දගේ වැඩක්-මංගල. (අ)
ඔහොම යමුකෝ. යහපාලනයට ජයවේවා! (නි)
ඇයි ඇල්ලුවේ? අපරාදෙනේ. එහෙමම ඉන්න දෙන්න තිබුණේ. (නි)
පුංචි කාලේ කොච්චර හුරතල් සතෙක් ද කොටිය කියන්නේ. නමුත් කිරි පොවලා හදන්නේ දරුණුම මාරාන්තික සතෙක් බව දන්නෝ දනී, නොදන්නොත් දනී, නමුත් වාසියට දන්නෝත් නොදනිති. (ම)
ඔන්න වැඩ පටන් අරගෙන වගෙයි නේද? ඔහොම යමු යහපාලනය. (නි)
මේ සැරසෙන්නේ කොටින්ගේ එකවුන්ට් එකට දාල විපක්ෂයේ ක්‍රියාකාරීන් ඝාතනය කරන්න වෙන්න පුළුවන්. භයානක තත්වයක් (බ)
පසුගිය යුද සමයේ හංගපු ඒවාද කියල ඔතල තියන පත්තරවල දිනෙන් බලන්න පුළුවන්. (බ)
ඔය කොටි හංගලා තිබුණ ඒවා.(හේ)
මේවා පසු ගිය යුද සමයේ ඒවා වුනාට මේවා දැන් ලැබෙන කොට තියෙන්නේ ගෙයක් තුල විවෘතවයි. ඉතින් මේවා පසු ගිය ඒවා කියලා වගකිවයුත්තන්ට ඇඟ බේරාගන්න බැහැ. (බ)
ඇත්ත තමයි ඔතල තියෙන පත්තරය මීට අවුරුදු පහකට පරණ වෙන්න බැහැ. ළඟදි ඔතල තියෙන්නේ.අපිත් ඉතින් මහින්ද මහත්තයාගේ හොරකම් වලට දඩුවම් දෙන හැටි බලන් හිටියට මේවා ගැන හොයන්න මතක් වුනේ දැන්නේ. (බ)
ජීවන්, ඇයි ජනාධිපති උතුරට ගිහිල්ල කිව්වේ සංහිදියාව ගැන දකුණේ මිනිස්සු උතුරෙන් ඉගෙන ගන්න ඕනේ කියලා. (හේ)
දැන්නම් සංහිඳියාව දොරේ ගලනවා. කොවුලා මෙදා අවුරුද්දට කොහෝ කොහෝ කියන්නෙත් දෙමල බසින්. (බ)
මොනවා නැති වුනත් මරණ බය නැතිව අවුරුදු 6,7 ක් ජීවත් වුනා.. දැන් ප්‍රදේශ 6ක අයි එස් අයි එස් ලු.. උතුරෙන් නැවත මරාගෙන මැරෙන ඇදුම් මතු වෙනවා.. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි මගෙ රටට..(හේ)
වැඩ පටන්ගන්න වගේ යන්නේ (බ)
හිටපු රජාට සම්බන්දයක් තියනවද සොයා බලන්න. නඩු ඇසීගෙන යනවිට ආණ්ඩුවේ ප්‍රභූන් ඝාතනය කරන්න බැරිකමක් නැහැ. රටට හෙන ගැහුවත් කමක් නැති හොරපොල් විපක්ෂයයි හිටපු රජායි තමා අපිට සැක. (අ)
හත් දෙයියනේ ප්‍රභාකරන් නාවත් මිනී වළෙන් නැගිටලා වත්ද? (බ)
කොතරම් කිරි පොවා ඇතිදැඩි කළද නයා නයාමය.... කොටියා කොටියා මය. බුද්ධි අංශ ශක්තිමත් කළ යුතුමය. පැවති ආණ්ඩුව , පවතින ආණ්ඩුව කොටියට වගක් නැත,කොටින්ම ඔවුන්ගේ ඉල්ලක්කයන් මහින්දගෙන්, ගෝටාභයගෙන් , ෆොන්සේකාගෙන් , නවතින්නේ නැත, ඔවුන් විනාශ කරන්නේ සිංහල නායකත්වයයි, (බ)
පොඩි සැකයක් තියෙනවා ඒ ඇදුම ඔතලා තියෙන පත්තරේ දැක්කම සිංහල පත්තර වල කොහොමද යාපනේ එවා එතුනේ කියලා. (ර)
අර සාස්තරකාරයා කියපු අනාවැකිය හරි යයි වගේ. (ර)
කෝ වෙනදට කොමෙන්ට් දාන කට්ටිය.? (ර)
යුද සමයේ ඒවා ඔය තරමට අලුත් විදිහට කොහින්ද මැතිතුමනි (ම)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේ පාර්සලේ කිසිම පරණ බවක් නම් පෙන්නේ නැහැ (හේ)
බඩගින්නට කන්න වෙන්න ඇති ඕක ගෙනියන්නේ. ඕක බැස්සේ අල බතල වගේ වේවි.(හේ)
ඕක වෙන බව අපිට නම් තේරුණා. ආයිත් තැන තැන අනාරක්ෂිත වෙන කොට අපේ කට්ටියට යුරෝපයෙනුයි ඇමරිකවෙනුයි ඉන්දියවෙනුයි ලෙහෙසියෙන් වීසා හම්බ වේවි ලංකාවේ ඉන්න බයනම් මෙහට ඇවිත් ඉන්න කියලා . (හේ)
උතුරේ ආරක්ෂාව වැඩි කරන්න.(හේ)
යහපාලනවාදියනි, කෝ ඔබගේ අදහස්? (නි)
අනිත් ටිකත් නිදහස් කරන්නකෝ (නි)
ඔතා තියන කඩදාසි බෑග් වලින්ම පේනවා මෙවා ඉතා පැරණි ඒවා නොවන බව (නි)
ජීවන්, සංහිඳියාව සමරන්න සුදානම් වෙනවා කල්තියාම (නි)
යහපාලනයකට කතිර ගහපු අයට ළඟදීම තව හොඳ හොද සෙල්ලම් බලන්න පුළුවන් (නි)
කෝ මේ වගකිවයුතු ඇත්තෝ? (නි)
මගේ හිතට එන තරහක තරම! (නි)
හාමුදුරුවරු හිරේ දාල, වැඩ කරපු නායකයන්ට හොරු ලේබලේ ගහල, රණ විරුවෝ හිරේ දාල, යහපාලනේ යන්න හදන්නේ මොන දිසාවටද කියල මේවයින් පැහැදිලි වෙනවා. (බ)
ඔහුට සමාව හිමිවිය යුතුය. (නි)
නිදහස් කරගත් රට දැන් කොහෙටද ? යන්නේ අැස් ඇරේවා (බ)
සිංහල අලුත් පත්තරයකින් ඔතලා තියෙන්නේ. ඉතින් පොලිසියේ උත්තමයන් වහන්සේලා අපට කියන්න ඕනේ නැහැ කවදා එකක් ද කාගේ එකක් ද කියලා.............ඉල්ලන ඔක්කොම දෙන්න....ඇමරිකාව ඇතුළු සිංහල කළු සුද්දොන්ට ඕනේ අපේ රට අරාජිත කරලා කොදුනාරටිය කඩාදාන්න. (බ)
දැන් නලව නලව ඉමු රට අල්ල ගන්නකම් (බ)
සිංහල පත්තරේකින්ලු ඔතලා තිබුනේ. ඕවා යුද්ධ කාලේ අහුවෙලා ඉතුරු කර ගත්තු බඩු වෙන්න පුළුවනි, යාපනෙන් අල්ල ගත්තු රත්තරන් වගේ උවමනා අවස්ථාවට පාවිච්චි කරන්න බලාගන ඇති. ජනාධිපති තුමා සහ අගමැති තුමා ආරක්ෂා වීම සුදුසුයි මේක .එල් ටී ටී එකෙන් නොවෙයි. සිහල කොටින්ගෙන් තර්ජනයක් වගෙයි මට නම් පෙනෙන්නේ. (බ)
මේකත් මහින්දගේ ගිණුමටම යාවි. බයවෙන්න එපා (නි)
දැන් කියන්න පුලුවන්නෙ රටෙ ආරක්ෂාව මදි කියලා (නි)
ජර්මනියේ තවමත් බෝම්බ හමුවෙනවා (නි)
නැවතත් ත්‍රස්තවාදය හිස ඔසවන්නේද? (නි)
ඔතලා තියෙන්නේ සිංහල පත්තරේකින්නේ (නි)
කොහොමවත් විශ්වාස කරන්න අමාරුයි කොටින්ගේ කියලා. ඔතලා තියෙන්නෙත් සිංහල පත්තර පිටු වලින්නේ. (නි)
අහුවුණා මිසක් පිපිරුනේ නැහැනේ. කට්ටියක් බලාගෙන ඉන්නේ පුපුරනකම් වෙන්න ඇති (නි)
රටේ ආරක්ෂාව හොඳ හින්දා තමයි ඕවා හොයාගන්නේ. නැත්නම් හැමතැනම බෝම්බ පිපිරෙන්න එපැයි (නි)
දේශපාලන වාසි වෙනුවෙන් රට අස්ථාවාර බව කියන්න කළ වැඩක් වගේ. මොකද සිංහල පත්තර වලින් ඔතලා තියෙන්නේ? (නි)
අනේ පවු! ඔය අහිංසකයා නිදහස් චතුරශ්‍රයට ගෙනවිත් ඔලුවත් අතගාලා ගෙදරට ඇරලවන්න. (නි)
බුද්ධි අංශ අඩපණයි කියලා විපක්ෂය කරන චෝදනාව ගැනත් මට සැකයි (නි)
නියම වෙනසක් බලාගන්න පුළුවන්වෙයි වගේ (නි)
ළඟදීම සංහිඳියාව වමාරන්න වෙයි වගේ. (නි)
අපිට නම් ආරංචි කොළඹට ගෙන එන්න සුදානමින් තිබුනා කියලා (නි)
තිලක්, ඔයතරම් රටට ආදරේ නම් පාලු පැතිවලට ගිහින් තමන්ගේ වියදමින් පාලු ගෙවල් මෙහෙයුමක් පටන්ගන්න (නි)
මේ පොලිසියේ අයටත් කියෙන්නේ මේවා නොදැක්ක වගේ ඉන්න දැන් තියන ක්‍රමේ හැටියට. (නි)
තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට බලන්න පුළුවන් වේවි. (නි)
ඔතා තිබෙන කඩදාසි බෑග් වලින්ම පේනවා මේවා ඉතා පැරණි ඒවා නොවන බව (නි)
වෙනසක් බලාපොරොත්තුවෙන් සිටි අයට නියම වෙනසක් ළඟදීම බලාගන්න පුළුවන් (නි)
ඕකට කියන්නේ සංහිඳියාවනේ. දැක්කේ නැද්ද බෝම්බ වුණත් ඔතලා තියෙන්නේ සිංහල පත්තර වලින් (නි)
ලොකු කළකිරීමක් තමා තියෙන්නේ මේ නව රජය ගැන. අනුන්ට ඕනෑ විදියට තමා මෙයාලගේ වැඩ. වැඩක් නැහැ අපේ මිනිස්සුත් තාම මර නින්දේනේ. හෙට අනිද්දා වෙද්දී මොනවා වෙයිද මන්දා මේ යන විදියට (නි)
උඩින් ප්‍රතිචාර දාලා තියෙන අයට මේ කියන්නේ. මේ වගේ "සුළු" දෙයක් නිසා ජාතිවාදී ප්‍රශ්න ඇතිවෙන විදිහට කතාකරන්න එපා. මේ ඇතිකරගත් සංහිඳියාවට බාධා කරන්න එපා. මේවා සමහරවිට ගොවිතැන් වැඩ වලට පාවිච්චි කරන්න ගන්නවද කියලා කවුද දන්නේ.. (නි)
මගේ රටට මොකද්ද මේ දැන් වෙන්න යන්නේ.. ?(කෞ)
සිංහල අලුත් පත්තරයකින් ඔතලා තියෙන්නේ.ඇදුම් කට්ටලය පරණ බවක් නොපෙනේ.සිංහල පත්තරයකින් ඔතලා තියන එක ගැන විශේසයෙන් හොයන්න ඕන .(කෞ)
ඔන්න ඔයාවත් නිදහස් කොරල දාන්න. ඔයිට වඩා ලොකු ලොක්කෝ මරන්න ආපු අයව නිදහස් කරා නම් ඕක මොකක්ක්ද?(කෞ)
පසුගිය යුධ කාලේ එකක් නම්..සැකකරු අත්අඩංගුවට ගත්තේ කොහොමද? මේ වෙනකම් එයා එතන ඉදලද? බොරු දාන්න එපා..හරි දේ එලියට දාන්න..එක පිටමයි හොද..ආයේ බස් දෙකක යන්න පුරුදු වෙමු නේද එකම පවුලේ අය..(කෞ)
කට්ටියක් කියාවි අහිංසක පුස් පැටව ටිකක් අල්ලාගෙන තියෙන්නේ ...ඕව ඉස්සර හංගපු ඒවා වගයක් කියල....කැලේ මාරුකලාට පුල්ලි වෙනස් වෙන්නේ නෑ...අළු යට ගිනි තියනවා කියලත් දැන්වත් තේරුම් ගත්තොත් තව ජීවිත ටිකක් බේරගන්න කල් තියනවා.... (කෞ)
අයි එස් අයි එස් වෙන්න ඇති. දැන් කොටි ත්‍රස්තවාදය නැහැ නේ? කලින් රජ තුමා එක ඉවර කරා(කෞ)