හොරු කියන නම හැමතැනම කියවෙන්නේ හැමතැනම හොරු ඉන්න නිසානේ. කොහෙද හොරු නැත්තේ. ඒක අද කාලයේ හොඳ මාතෘකාවක්. හොරකම හා වංචාව තියෙන තාක් කල් මේ සමාජය ගමන් කරන්නේ ආපස්සට. නිදහස ලැබුණු දා පටන් අද වෙනතුරු මේ රට තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් තිබෙන රටක්. ඉදිරියටත් ඒක එසේම තියෙයි. අපි කරන සෑම රැකියාවක් තුළම සේවයක් තියෙනවා. ඒත් අද කවුද සේවය කරන්නේ. රැකියාව නම් කරනවා. මාසේ අන්තිමට පඩියත් ගන්නවා. ඒත් ඒ තුළ තියෙන සේවය කවුරුත් කරන්නේ නෑ. හොරකම, වංචාව, දූෂණය මේ වගේ රටකට කොතරම් ගැළපෙනවාද 'මාර හොරු'. මෙහෙම අපිට කිව්වේ අනුර විතානච්චි.
සිය පළමු වේදිකා නාට්‍ය නිර්මාණය ලෙස 'මාර හොරු' නාට්‍ය නිර්මාණය කර ඇති අතර එය එය අනිද්දා (27දා) සවස 7.00ට කොළඹ ලයනල් වෙන්ටඩ් රංග ශාලාවේදී වේදිකා ගතවීමට නියමිතයි. මෙම නාට්‍ය නිෂ්පාදනය කර ඇත්තේ සුරේෂ් අබේසේකර විසිනුයි. මේසඳහා මාරහොරු යනුවෙන් නම් තැබුවේ මන්දැයි ඔහුගෙන් විමසූ අවස්ථාවේදී අනුර ඉහත පිළිතුර ලබාදුන්නා.
චාමර සම්පත්
2025 දෙසැම්බර් මස 30
163
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
788
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'මාර හොරු' හෙට