කඩවත ශෂිකා චතුරානි රන්දෙනිය නම් ව්‍යාපාරික කතකට ගිනි අවියක් පෙන්වා මරණිය තර්ජනය කළැයි සැකපිට බස්නාහිර පළාත් හිටපු සන්ධාන මන්ත්‍රී ප්‍රදීප් චන්දන පෙරේරා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මහර මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා නියෝග කළේය.
මන්ත්‍රීවරයා එම කාන්තාවගේ සාප්පුවෙන් ගත් බඩුවලට මුදල් ගෙවු පසු මාරු සල්ලී දීම පමා වී යැයි ඇති වු බහින් බස් වීමේදී තමාට තර්ජනය කළැයි එම කාන්තාව පොලීසියට පැමිණිලි කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුසුදුස්සන් පළාත් සභාවට සහ පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රතිඵල. (නි)
කාන්තාවකට ගිනි අවියක් පෙන්නන්නේ නැතිව කතා කරගන්න බැරි තරමට පිරිමි කමක් නැති උදවියත් එහෙනම් චන්දෙන් පත් වෙලා තියෙනවා. (ස)
ඒ වුණාට ගුණසිරි මේ අයට ඡන්දෙ දෙන්න කාන්තාවන් යන්නේ පෝලිමේ පොරකකා. කාන්තාවන් අතින් වියදම් කරගෙන මේ අය පිටුපස පෙළපාලි යනහැටි දැක්කම පුදුම හිතෙනවා. (නි)
ඉවසීම නැතිකම තමයි හැමදේටම මුල (නි)
මෙයා කොහමද ගිනිඅවියක් තියාගන්නේ ? (අ)