වනජීවී දෙපාර්තමේන්තුව හා ෆ්‍රීඩම් ශ්‍රී ලංකා පදනම මගින් ක්‍රියාත්මක කෙරෙන ‘දඩයක්කරුවන් දඩයම් කරමු‘ වැඩසටහනට ලැබුණු ඔත්තුවක් මත මොනරකු හම ගැසූ පුද්ගලයකු සෙවීමේ කටයුතු අරඹා ඇතැයි කියති.
මොනරකු හම ගසා එක් අතකින් එල්ලාගෙන සිටින පින්තූරයක් තම සංවිධානයට ලැබුණු බව ෆ්‍රීඩම් ශ්‍රී ලංකා පදනම පවසයි.
එහි එක් අතකින් හම ගැසූ මොනරා අල්ලාගෙන සිටින සැකකරුගේ අනෙක් අතේ තුවක්කුවක්ද දැකිය හැකිය.
ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් සැකකරු දංකොටුවේ පදිංචිකරුවෙක් බවත් කියති. ඔහු සොයා වෙන්නප්පුව පොලිසිය පරීක්ෂණ අරඹා ඇත. මෙම සිද්ධිය පසුගිය වසරේ සිදුවූවක් විය හැකි බවට වනජීවී දෙපාර්තමේන්තුව සැක කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින්තූර විද්යුත් හෝ මුද්‍රණ මාධ්‍යයක වෙබ් පිටුවක පලවුනාම සුලුමොහතකින් මුළු ලෝකයපුරම විහිදී යන බැවින් මේ අහිංසක සතුන් මාරා දැමීම ලෝකය දකින්නේ අපි තාමත් ගල් යුගයේ ජිවත් වෙන මිලේච්ජයන් විදියට.ලංකාවේ නම කැත කරන මෙවන් අය අල්ලා දැඩි දඩුවම් දෙන්න ඕන. (ර)
මහා ලොකු වැඩක් කරලා වගේ ඉන්නේ අමනුස්සයා (බ)
දෙන්න ඕන දඩුවම තමා මෙයාටත් ඒකම කරන එක (බ)
හරි ලොකු වැඩක් කරලා කියලා හිතාගෙන ඇති, මෝඩයින්ට සල්ලි හම්බ වුනාම ඔහොමයි. වඳුරට දැලි පිහියක් ලැබුන වහේ අනුන්වත් කපලා තමන්වත් කපා ගන්නවා. (බ)
ඔහුගේ මුහුණත් තිරිසන් මුහුණකි (බ)
මොහුටත් මේ අයුරින්ම විදවන්ඩ සලස්සන්න ඕනැ ජනතාව ඉදිරිපිටදි නැත්නම් මේ වගේ තිරිසන් මිනිස්සු මේ රටින් පිටුවහල් කරන්න (බ)
මේක අනුමත කරන්න බෑ. ඒ වුනාට මේකෙ කමෙන්ට් දාලා තියන අය මස් මාංස කන්නෙ නැති අයද? (බ)
අර එයාර් පෝට් එකකට කරදරයි කියලා ඒ හරියේ ගැවසෙන මොනරුන්ව මරන්න ම කට්ටියක් පත් කරලා හිටියා කියන කතාව බොරුවක් වෙන්න ඇති නේද? (බ)
ජාතකයේ වැරැද්දක් තිබෙන එකෙක් (බ)
මෙයා ඉතාලියේ ඉඳලා ආව සෝබන මිනිහෙක් වගේ. නමුත් ඉතාලියේ ඉන්න බොහොමයක් ඔය වගේ තිරිසන් වැඩවලට විරුද්ධයි (බ)
මේකා දැනටමත් ඉතාලියට පැනලා ඇති. (බ)
හරක් මස් කන එකට තමා අපේ එවුන් උඩ පනින්නේ .. අනෙක් හැම ජරාවක්ම කනවා (බ)
කලබල වෙන්න එපා , කතරගම දෙවියොම දඩුවම් දේවි මෙයාට වැඩි කල් නොගොස් .කතරගම දෙවියනේ එ්ගමන්ම කතරගම වැහි වහල ඉන්න හොර පූජා වට්ටි කාරයන්ටත් සම්බුව දෙන්න (බ)
මේ කකුල් දෙකේ තිරිසනාට මිනිසත්කම ලැබුනේ කෙසේද කතරගම දෙවියනේ ! දිනේෂ් ඔබ මෙයාව හඳුනනන්වනම් බලධාරීන් දැනුවත් කරන්න. සමාජය හදාගන්න ඕනනම් වැරදි කරන අය නීතිය ඉදිරියට ගෙනෙනවිට පළිගන්නවා කියා පෙළපාලි යන්නේ නැතිව, වැරදිකරුවන් හඳුනනවානම් නීතිය රකින අයට එම වැරදිකරුවන් හඳුනා ගැනීමට උදව් කිරීම සෑම යහපත් පුරවැසියෙකුගේම යුතුකමක්.(බ)
ඕක ජොලියට කරන්නැති. ඒකනේ, දත් සෙට් එක විරිත්තගෙන පෝස් එක දීල තියෙන්නේ.ගොඩක් දළ ඇත්තෝ ගොඩක් ඔය වගේ දේවල් ජොලියට කරනවා. හැබැයි ඒවා මාධ්‍යයට එන්නේ නැහැ. ආවත්, ඒවා යටපත් කරගන්න ඒ අය දන්නවා. ඔය අහිංසක සත්තු රැකගන්න රජයක් හැටියට මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියනේකයි මගේ හැගීම.(බ)
වෙන්නප්පුව-මීගමුව ප්‍රදේශයේ අය බහුලව සිටින්නේ නාපොලි, කතානියා සහ බ්‍රෙෂියා නගර වල. මෙයා මෙම පුවත ආරංචිවෙලා ඉතාලියට පැනගත්තත් මේ ප්‍රදේශ එකකින් සොයාගන්න බැරිවෙන එකක් නැහැ. (නි)
මිනිස්සු මෙතරම්ම, තිරිසන්නු බවට පත් වුනේ කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නේ? මස් වැද්දෙක්!! (බ)
මේ අපේ ගමේ කෙනෙක්. මේ මිනිස්සු හරියට වැද්දෝ වගේ. බල්ලෝ අරන් ගම පුරාම යනවා හාවෝ මරන්න. මම අපේ වත්තට එන්න දෙන්නේ නෑ. බැනලා එලවා ගන්නවා. හරියට අධ්‍යාපනයක් ලබපු අය නෙවේ. අහිංසක සත්තුන්ට හිංසා කරනවා දැකලා අපේ ගමේ මිනිස්සු හූල්ල ගන්නවා. මට මතකයි දැන් අවුරුදු ගාණකට කලින් වෙන ගමක හාවෝ දඩයමේ ගිහින් අල්ලන් ගහලා තිබුනා. කවුරු කිව්වත් කරන ජරා වැඩ නැවත්තුවේ නෑ. දැන්වත් හැදෙයි හිරේ ගිහින් දඬුවම් විඳලා එද්දි. (බ)
මේ වට මොනවා දාන්නද මන්ද? නිසි දඩුවම් නොමැති රටක මෙවැනි වැද්දෝ බිහි වීම අරුමයක් නොවේ. (බ)
මේ විදිහටම මොහුටත් ජීවිත උරුමය ලැබෙයි (බ)
ෂුවර් එකටම බොරලැස්ස, කිරාගාර පැත්තෙ එකෙක් වෙන්න ඇති. ඉතාලියේ ඉන්නෙ වැඩි හරියක් ඔයවගේ අය. (බ)
කාලකන්නියෙක් ,මට ප්‍රභාකරන් මතක්වෙනවා. (බ)
ඉතාලියේ ඉන්නෙ වැඩි හරියක් ඔයවගේ අය.අනාගතයක් නැති අය (බ)
හැමෝගෙම චොම්මේන්ට්ස් දැක්කාම හිතෙන්නේ හරියට ඔක්කොම කට්ටිය මස් මාංශ අනුබව නොකරන උදවිය කියල. (ර)
සිරිපාලගේ නොදැනුවත්කම තමයි ප්‍රදර්ශනය වෙන්නේ. මොණරා ලංකාවේ සංරක්ෂිත පක්ෂියෙක්. මරන්න තහනම්. මේ වගේ සතුන් විනාශ කිරීමෙන් ඔවුන් අනාගත පරපුරට අහිමි වෙනවා. (ර)
මේ එක මොනරයි මරලා තියෙන්නේ. මත්තල ගුවන් තොටුපළ හදද්දී මොනරු සිය ගානක් මැරුනා (නි)
මේ අයට දැඩි දඬුවම් දෙන්න ඕන. (ර)
සමන්, ඔබේ කටේ මසුරන් දමන්න වටිනවා. (නි)
කවුරු කළත් වැරැද්දට වැරැද්ද කියන්න කොන්ද පණ නැති අය ඉන්න රටක් මේක (නි)
සත්තු මරන් කන එක අරුමයක් වෙලා.අරක්කු බීර රා බෝතල් ලක්ෂ ගානක් දවසට බොනවා ඇති. නිකන් බොනවද ගණදෙවියන්ගේ වාහනේ මරන්නේ දස වදදීල .ඒවා වැරදි නැහැ (බ)
සමහර ඡායාරූප ශාලා වල මේ වගේ රෙදි වලින් තැනූ ආකෘති තිබෙනවා. තවත් මේ වගේ ලස්සනට හදපු සත්තු ඒවායේ ඉන්නවා. (නි)
කොයි සතා මැරුවත් පව්. හැමදේටම නීතිරීති පද්ධතියක් සකස් කරන්නයි තියෙන්නේ (නි)
ඔළුව හරහා වෙඩි පාරක් ගැහුවනම් හරි තේරෙයි එතකොට (බ)
කතරගම දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ (බ)
හොඳ දඬුවමක් දෙන්න ඕන. (ර)
මේ අහිංසක සතාට මෙවැනි කෘෘර අපරාධයක් කරපු තිරිසනා අල්ලා ප්‍රසිද්ධ ස්ථානයක පණ පිටින් හම ගැසීමට තරම් නීති මෙරටේ නැතිවීම ඉතාම කණගාටු දායක දෙයක් (බ)
මේ වගේ සත්තුත් එක්ක සමහරු මුදලට ඡායාරූප ගන්නවා. විශාල ප්‍රමාණයෙන් ඡායාරූප අවශ්‍ය නම් වැඩිපුර ගෙවිය යුතුයි. ඒ දවස්වල මේ වගේ කිඹුලෙකුත් හිටියා. (නි)
අහිංසක සතුන් පවු ...මරපු කෙනා ඉන්න සතුට මේ අය දැනුවත් කරන්න .. (බ)
මෙයාගේ නෑදෑයෝ ෂුවර් එකටම ඉතාලියේ නාපොලි පැත්තේ ඇති කියලා මට හිතෙනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් දන්වන්න. (නි)
සිරිපාලගේ නුවනේ තරම ඔහුගේ අදහසින් පෙනේ. (ර)
ඇමෙරිකාවේ නම් මෙහෙම නැහැ. (ර)
මේ අසත්පුරුෂ ලේ පිපාසිතයා කොහේ කෙනෙක්ද? (නි)
මේතරම් ලස්සන අහිංසක සතෙක් කොහොම මැරුවද කියලා හිතාගන්න බැහැ. මම නම් මේ ජීවිතේටම ඔය වගේ දෙයක් දැක්කමයි.පව්කාරයා (නි)
ඇත්ත තමයි පිටිගල මිලානෝ (නි)
ඇයි මෙහෙමත් පව් කාරයෝ ඉන්නේ? (ර)
දිනේෂ්, කරුණාකරලා බලධාරීන්ට ඔබගේ සහයෝගය දෙන්න. (නි)
මෙහෙම මිනිසුන්වත් පණපිටින් හම ගහන්නයි තියෙන්නේ ඒ වේදනාව තේරෙන්න (නි)
කතරගම සුරිඳුනේ, මේ අමනුස්සයාට දඬුවම් දෙනු මැනවි! (නි)
තිරිසන් වැඩ කරන තිරිසන්නුන්ට උඩ ඉන්න දෙවියෝ බලයි.(හේ)
එරික්, ඒ පව්කාරකමට තවත් උඩගෙඩි දෙන්නන්ය (නි)
ඔය පැත්තේ මිනිස්සු ගැන කියලා වැඩක් නැහැ. ඔය පැතිවල ඔයවගේ සිදුවීම් වෙන එක අහන්නත් දෙයක්ද? (නි)
සමන්, මම ඔබේ අදහසට එකඟයි. (නි)
වැඩේ නම් වැරදි තමයි. ඒත් ඔයිට වඩා පස්සෙන් පන්නන්න ඕනෑ දේවල් තියෙනවා නේද? තිරිසන් සතෙක් ගැන නැහෙන්න තරම් උතුම් ජන කොට්ඨාශයක් ඉන්න රටක් මේක. මට හැඟෙන විදියට මේක පෞද්ගලික පළිගැනීමකට වෙරදරන බෝධිසත්වයෝ වගේ හිතාගෙන ඉන්න මනුස්ස කොට්ඨාශයකගේ වැඩක් (නි)
තවත් එක් පව්කාරයෙක්... (නි)
කරුණාකර මෙවැනි පාපතරයන්ට දැඩි දඩුවම් ලබා දෙන්න.(හේ)
දිනේෂ් ඔබ මේ පුද්ගලයා දන්නවනම් කරුණාකරලා බලධාරීන් දැනුවත් කරන්න, අඩු ගානේ මොහුගේ නම් ලිපිනය මෙහි පලකරන්න. වචන දහසකට වඩා වැදගත්. (බ)
මේ වැඩේ වැරදියි තමයි. හැබැයි මේ උඩ අදහස් දාපු අය සතෙක් මරලම නැතුව ඇති නේද? (නි)
සමන්, මට නම් දැනෙන්නේ ඔයාට සතා ගැන අනුකම්පාවට වඩා ඉතාලිය ගැන ඊර්ෂ්‍යාවක් තියෙන්නේ (නි)
අනේ මෙහෙමත් පව්කාර ජිවිත. (ර)
අනේ මෙහෙමත් පව්කාරයෝ. මොනරව හම ගහපු විදියටම මේ කරපු අයත් හමගහන්න ඕන. (ර)
මොවුන්ට මොකද වෙලා තියෙන්නේ මේ. (ර)
කාලය වැඩක් නෑ. කරපු කෙනාට උපරිම දඩුවම දෙන්න . (ර)
නීතියෙන් දඩුවම් නොලැබුනත්, අනිවාර්යයෙන්ම කරන ලද පාපයට දඬුවම පසුපස එනවා වැළකිය නොහැකිය. (බ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
කතරගම දෙවියන්ගේ වහනය යයි කියන මේ ලස්සන කුරුල්ලව මරන්නට තරම් මෙයා බලසම්පන්නද...? මේ අශිෂ්ට මිනිසාව වහාම පන පිටින්ම හමගහන්න වටිනවා. (ම)
අද මොනරෙක් උකුස්සෙක් මැරුවත් නිතිය ක්‍රියාත්මකයි, අල්ලලා දඬුවම් දෙනවා . එදා වනේ හිටපු ඇතින්නියෝ මරල කිරිබොන වයසේ පැටවූ ඩිෆෙන්ඩර් වල ගෙන ඇවිත් සන්නස මගින් පැවරුවා , මෙන්න මේක තමයි වෙනස අපි ඉල්ලුව ඔහොම යමු යහ පාලනේට ජය වේවා (බ)
දුදනොද බිඳ බඳ තෙද කඳ කඳ දෙවිරද සාමිනේ මගෙ කුකුළා නැසූ එකා.. මගෙ කුකුළා නැසූ එකා දදය ඔබගෙ පාළු යකා තව එක බුද දිනක් කකා ඉන්නට ඉඩ නොදී මකා බලා එල්ල හෙලුව හෙල්ල මුලමැ බෙල්ල මරු තැනේ කතරගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ කතරගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ පයින්මැ ගොස් ඇවිද වටේ පොළොවැ උලා නළල් ඇටේ (බ)
මෙයාවත් මේ වගේම හම ගැසිය යුතුයි (බ)
මේක ඉතා පුංචි කේස් එකක් විතරයි. මහ ඒවා අල්ලන්නේ නැති වුනාම මේ වගේ පොඩි අය දගලන එක වළක්වන්න බෑ. (ර)
ලොකු වැඩක් කරලා වගේනේ අහිංසක සතා දිහා බලන් ඉන්නේ. (ර)
මුන්ට දඩුවම් දෙන්න මිනිස්සුන්ට බාර දෙන්න ....(ම)
මාද්‍ය මගින් හෙළිදරව් නොවන තව ,කොපමණ නම් මෙවන් අපරාද අප රට තුල සිදු වෙනවා ඇද්ද..? මේ හෙළිවන්නේ එකක් දෙකක් පමණක් වෙන්න ඇති. පව් කාරයෝ . (ර)
මේ පාපතරයාගේ මුහුණේ හිනහව ළඟදීම නැතිවේවි ...කරන කලට පව් මිහිරිය මී සේ .... (ම)
මේ මනුස්සයාගේ මූණ බලන්නත් මොකක්ද වගේ. (ර)