නාවල පීකොක් මන්දිර පිහිනුම් තටාකයේ රන් දමා මුහුදු වැලිවලින් ගොඩකර ඇති බවට ආරංචි ඇතැයි එහි අයිතිකරු ඒ.එස්.පී.ලියනගේ කළ පැමිණිල්ලක් ගැන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අද ඔහුගෙන් පැය දෙක හමාරක කටඋත්තරයක් ලියා ගත්තේය.
මෙම මන්දිරය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදිංචියට පරිත්‍යාග කරන බව කියා පසුව ලියනගේ මහතාගේ බිරියගේ විරෝධය නිසා එය නුදුන් බව ඔහු කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් මේවා දකින්නේ මාධ්‍ය සංදර්ශන විදිහටයි (නි)
මේ රට මහා පුදුම දේවල් සිදුවන රටක්.ඒ එස් පි ලියනගේ මහතා පැමිණිල්ලක් කළා එයාගේ ගොඩකළ තටාකයේ රත්තරන් සඟවා ඇති බවට එයාට සැකයි කියලා.දැන් සති 3 කට ආසන්නයි. කාර්යක්ෂමතාවයෙන් ඉහල රටක නම්, ඒ පැමිණිල්ල ලැබුන මොහොතේම, ඉහතකී තටාකය ඇති ප්‍රදේශයට කිසිවකුටවත් ඇතුල්විය නොහැකිවන ලෙස,පොලිස් මුරකාවල් යොදනවා. ඉන් පසු ආරක්ෂක අංශවල සිටින තාක්ෂණික විශේසඥයන් ගෙන් උපදෙස්ගෙන , " හෙවි මෙටල් ඩිටෙක්ටර්ස් " යොදා පරීක්ෂණය කරනවා.මේ පරීක්ෂණයට වැඩිම වුනොත් පැය 2 ක් යාවි. සම්පුර්ණ විස්තරය සටහන් කිරීමටත් එක්කම.තාක්ෂණික පරීක්ෂණයෙන් පසු, ඒ වාර්තාව රින හෙවත් " කිසිම බර ලෝහයක් ඒ ප්‍රදේශයේ අන්තර්ගත නැත " නම්...පොලිසියට පුළුවනි ගරු අධිකරණය මගින් අවසරයක් ගන්නට ඒ තටාකය සම්පුර්ණයෙන්ම " වැලිවලින් හිස්කොට " පරීක්ෂාකිරීමට. එවිටත් කිසිවක් සොයා නොගත්තානම්, ලියනගේ මහතාගේ ආරංචිය බොරුවක්. නමුත් ....මේ පැමිණිල්ලත් මේ මොහොතත් අතර ඇති කාල අවකාශයේ ඕනෑම කෙනෙකුට, ඕනෑම මොහොතක, ඕනෑම කෙනෙකුලවා,ඕනෑම දෙයක් ඔය " තටාකයේ " සිදුකිරීමට ඉඩ පහසුකම් තිබුනා.රත්තරන් තිබුනා නම්, හංගපු අය ඒ රත්තරන් තටාකයේ කොතනද තියෙන්නේ කියලා හරියටම දන්නවා.ඉතින් තමන්ගේ මිනිසුන් ලවා ඒවා නැවත ඇදගන්නත් අපේ මිනිස්සු හරි දක්ෂයි. වැඩිම වුනොත් එකම එක දවසකින් කළහැකිව තිබු වැඩක් " මෝඩකම එහෙමත් නැතිනම් නොදන්නාකම " නිසාම අපේ අය අනාගත් ....කතාන්තර පෙළක තවත් එක කතාවක් පමණයි මේ.ලැජ්ජයි...ඇත්තටම අපි මේ ජිවත් වන්නේ 21 වනසියවසේද..? (අ)
ඔය මගුල් තටාකය ගැන කතාව පැත්තක තියල රටට වැඩක් කරපල්ලා යහපාලන ඈයනි. මට අමතක වුනා උඹල කරන්නේ රටට හතුරුකම් නේ. (බ)
ඒඑස්පීට ඕනේ පිහිනුම් තටාකයේ වැලි පොලිසියට කියලා නිකම්ම අයින් කර ගන්න (බ)
මෙහෙමත් ලෝකයක්? (නි)
විජිත් ගේ කතාව සම්පුර්ණ ඇත්ත .මේ ගැන පැමිණිලි කරපු දවසෙම ආරක්ෂක බටයන් යොදවන්න තිබුන. මේවා ලොකුවට සංදර්ශන වහේ ඇදගෙන යන්න උවමනාවක් තමයි තියෙන්නේ කියල අපිට පෙන්නේ. (බ)
විජිත් කියන කාරනාව හරියටම හරි. චෝදනා කිරීම, අත් අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම සහ මාධ්‍ය සන්දර්ශන පැවැත්වීම හැර කිසිවක් සාක්ෂි සහිතව සනාථ කිරීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් නැතිබව තමයි මෙයින් ඔප්පු වන්නේ. එය නොදන්නා කම නොවෙයි. (බ)
මේ වගේ දෙයක් සාමාන්‍ය වැසියකුගෙන් ආරංචි වුනානම් .අද මේ තත්ත්වය සම්පුර්ණ වෙනස් , ශ්‍රී ලංකාව කියන්නේ. ජිවිතේට දියුණු වෙන්නේ නැති රටක් හොරකමටයි ,දිවිනසගනිමටයි ඉදිරියෙන් (අ)