( තිළිණි ද සිල්වා )
තානාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා කියා සිටී.
කෙසේ වෙතත් ධීවර ප්‍රශ්නය නිම වනතුරු හා බිම්ස්ටෙක් සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම පැවැත්වෙන තුරු එම තනතුරේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බවද මහාචාර්ය නලින්ද සිලවා මහතා වැඩිදුරටත් කියා සිටී.
තම පෞද්ගලික ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ ‘වැඩ බැරි තානාපති’ ලෙස සටහනක් තබමින් මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිය තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කර තිබේ.
තානාපතිවරයා එම සටහනින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ශ්‍රී ලාංකිකයින් ධීවරයින්12 දෙනෙකු දැනට මියන්මාර අත්අඩංගුවේ සිටින අතර එම අත්අඩංගුවට ගැනීම පිළිබඳව මියන්මාර ශ්‍රී ලංකා තානාපති කාර්යාලට නිල දැනුම් දීමක් කර නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පැවැති ඓතිහාසික සබඳතාවන් රැසක් පිළිබඳ මෙන්ම ථේරවාද බුදුදහම පදනම් වූ දැනුම මගින් ශ්‍රී ලංකාව අතීතයේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් වූ අයුරු මෙතුමා විසින් කෙටි කලක් ඇතුළත දී පහදා දුන් අයුරු ප්‍රශංසනීයයි.